ලෝකය

මීට අවුරුදු 3000කට පෙර අපි දෙන්නා ආදරෙන් වැලඳගෙන මිය ගියේ මෙහෙමයි

අවුරුදු තුන්දහසකට පෙර එකිනෙකා ආදරයෙන් වැලඳගෙන මියගිය පිරිමියකුගේ සහ කාන්තාවකගේ සිරුරු යුක්රේනයේ සුසානයකින් හමුවී තිබේ. සිය සැමියා ගිය ලෝකයට ඔහු සමඟම යනු පිණිස බිරියද සිය කැමැත්තෙන්ම සුසානගත වී ඇතැයි පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති. එසේ නොවූයේ නම් එවැනි ආදරණීය ඉරියව්වකින් භාර්යාවගේ සිරුර තිබෙන්නට පුළුවන්කමක් නැතැයිද පුරාවිද්‍යාඥයෝ කියති. සැමියාගේ සොහොන් ගැබට ඇතුළු වූ භාර්යාව සැමියාගේ සිරුර වැලඳගෙන කිසියම් වසක් පානය කරන්නට ඇතැයිද ඔවුහු විශ්වාස කරති.

Image result for LOVE COUPLE DEAD

ප්‍රාග් ඓතිහාසික විසෝට්ස්කයා හෙවත් විසෝකෝ සංස්කෘතියට අයත් සේ සැලකෙන මෙම මළ සිරුරු දෙක බටහිර යුක්රේනයේ තෙබෝපිල් නගරයේ දකුණු දෙසින් පිහිටි පෙටි්‍රකිව් ගම්මානයේ සුසානයකින් හමුවී තිබේ. ආදරයෙන් එකිනෙකා තරයේ වැලඳගත් යුවළක් මිහිදන් වුණු මෙම භූමිදානය අසාමාන්‍ය එකකැයි ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදුණු මහාචාර්ය මිකෝලා බැන්ඩ්‍රිව්ස්කි පැවැසීය.

Image result for LOVE COUPLE DEAD

කාන්තාවකගේ නැවුණු දෙපා පිරිමියාගේ සෘජු දෙපා මත රැඳී තිබෙන අතර සිරුරු දෙකම ලෝහ වර්ගයකින් වැඩ දැමුණු ඇඳුමෙන් වැසී තිබිණි. සිරුරු දෙකේම හිස් අසල ලොකු කෝප්පයක් ජෝගුවක් හා ජල ඉසීමට යොදා ගැනෙන භාජනයක්ද විය. මෙකී ඉපැරැණි සංස්කෘතිය සමය ඉතාම සරල මිහිදන් පිළිවෙත් අතින් ප්‍රකටව ඇති හෙයින් එවැනි යුගයක සිදුවී තිබෙන මෙම භූමිදානය අතිශය විස්මයජනක කාර්යයකැයි යුක්රේනයේ පුරාවිද්‍යා ආයතනයේ අන්තර් කාර්පේතියානු ශාඛාවේ අධ්‍යක්ෂ ආචාර්ය බැන්ඩ්‍රිව්ස්කි ප්‍රකාශ කරයි.

ජෝඩු මිහිදන් කරන ලද අනෙක් සුසානවල පිරිමියකු කාන්තාවකගේ අත් අල්ලා ගෙන සිටිනුද පිරිමියකුගේ දෙතොල් කාන්තාවකගේ නළල මත ගැටෙනුද යුවළම තරයේ එකිනෙකා වැලඳගෙන සිටිනුද දැක්වෙන සිරුරු හමුවී තිබේ. ඒ හැම අවස්ථාවකම කාන්තාව සිය කැමැත්තෙන් සැමියා වෙනුවෙන් දිවි තොර කරගෙන ඇතැයි යන්න තමන්ගේ මතය බව ඒ පිළිබඳ විශ්ලේෂණයක යෙදුණු ආචාර්ය බැන්ඩ්‍රිව්ස්කි ප්‍රකාශ කළේය.

සැමියාගේ මරණයෙන් පසු වෙනත් පුරුෂයකු සමඟ ජීවත් වීමට හෝ අලුත් ජීවන මාර්ගයකට හුරුවීමට හෝ කැමැති නොවූ කාන්තාවන් ඔවුන්ගේ සැමියන් සමඟ අවසන් ගමන යෑමට තීරණය කරගෙන ඇති බව මේ සිද්ධිවලින් තහවුරු වෙතැයිද ආචාර්ය බැන්ඩ්‍රිව්ස්කි පැවැසීය.

සැමියා සමඟ අවසන් ගමන යන එවැනි කාන්තාවකගේ තීරණයට පදනම් වන්නේ ඇගේ අභිමතයත් සිය ආදරණීය සැමියා සමඟම ඊළග ලෝකයේද ජීවත්වීමේ ප්‍රයත්නයක් බව සඳහන් කරන ආචාර්ය බැන්ඩ්‍රිව්ස්කි වේදනාවකින් තොරව පහසුවෙන් සැමියා සමඟ එලොව යෑම සඳහා එවැනි කාන්තාවන් වසක් පානය කරන්නට ඇතැයිද ප්‍රකාශ කරයි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන පරිදි විසෝට්ස්කයා සංස්කෘතික සමයේදී යුග දිවියට ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාට පැවරෙන වගකීම් ඉතා පැහැදිලිව දැක්වෙන විවාහ ප්‍රතිපත්තියක් ස්ථාපිතව තිබිණි. සැමියා මියගිය විට ඒ සමඟම මිය යන්නට බිරිය වැඩි කැමැත්තක් දක්වතියි යන මතය ඔවුන්ගේ එම පිළිවෙතට පදනම් වී තිබෙන අතර මිනිස් ආත්මයට සදාතනික ජීවිතයක් ඇතැයි ලෝකඩ යුගයේ පශ්චාත් සමයේ මිනිස්සු විශ්වාස කළහ.

යුරෝපයේ අනෙක් ඇතැම් පෙදෙස්වල මෙසේ එකට මියයන අඹුසැමි දෙදෙනා එකිනෙකා සමීපයෙහි මිහිදන් කරනු ලැබීම විස්මය දනවන කාර්යයක් වන නමුත් විසොට්ස්කයා සංස්කෘතික සමයේ යුගල සුසාන සැකසී ඇත්තේ එහි මිහිදන් වුණු ජෝඩු එකිනෙකා කෙරෙහි දැක්වුණු මුදු මොළොක් ඇල්ම හා අනුකම්පාව ප්‍රකට වන ආකාරයෙන් යැයි සුප්‍රකට යුක්රේනියා පුරාවිද්‍යාඥයෙක් ප්‍රකාශ කරයි.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

පරිවර්තනය –
ප්‍රේමචන්ද්‍ර අල්විස්

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top