gossip

පිටසක්වළින් ආපු අමුතු ජීවීන් පිරිසක් කාන්තාවක් පැහැරගත් හැටි

පිටසක්වළ ජීවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා ලෝක වාසීන්ගේ කුතුහලයට බඳුන් වුණු මාතෘකාවකි. පිටසක්වළ ජීවීන් ඇතැයි ඇතැමුන් තදබල ලෙස විශ්වාස කරන අතර තවත් සමහරු එය හාස්‍යයෙන් යුතුව බැහැර කරති. කෙසේ නමුත් පෘථිවියෙන් බැහැර ජීවයක් ඇති බවට මේ වන විට සාධක එකින් එක දිග හැරෙමින් පවතී. පිටසක්වළ ජීවීන් ගැන කතා කිරීමේදී පිටසක්වළ ජීවීන් විසින් සිදුකරනු ලබන පැහැර ගැනීම් ගැන ද වරින් වර වාර්තා වේ.

Related image

1975 වසරේදී වාර්තා වූ ට්‍රැවිස් වෝල්ටන් නම් ඇමෙරිකානු ජාතික දර කපන්නකුගේ පැහැර ගැනීම ලොව පුරා මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය. පිටසක්වළ පැහැර ගැනීම් ගැන මුල්ම කථිකාවත ගොඩනැඟුණේ මේ සිදුවීමත් සමඟය. එයින් පසු ලොව පුරා කතාබහට ලක් වූයේ ලින්ඩා කොර්ටයිල් නම් කාන්තාවගේ පැහැර ගැනීමය. මෙය ද ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබූ පැහැර ගැනීමක් බවට පත් විය. මෙය සිදුවූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑන්හැටන් නුවරදීය.

ලින්ඩා නැපොලිමානෝ යන නමින් ද හඳුන්වන ලින්ඩා කොර්ටයිල් පිටසක්වළ ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වන්නේ 1989 නොවැම්බර් මස 30 වැනි දින උදෑසන 3.00ට පමණය. උදෑසන 3.00ට පමණ හදිස්සියේ පිබිදුණු ලින්ඩාට දක්නට ලැබුණේ ඇගේ කාමරයේ සිටින අළු පැහැ පිටසක්වළ ජීවීන්ය. ඊළඟ නිමේෂයේදී ඇය පා වෙන්නට වූවාය. ඇය සිටි මහල් නිවාසයේ ජනේලය තුළින් අහසට පා වී ගිය ඇය ඉහළ අහසේ නවතා තිබූ රවුම් හැඩැති අභ්‍යවකාශ යානයකට ඇතුළු වූවාය.

Image result for alien

මේ අවස්ථාව ඇයට පැහැදිලිව මතකයට නඟා ගත නොහැකි මුත් තමා පාවෙමින් යානයට ඇතුළු වීමේදී බිම වැටෙතැයි බියෙන් සිටි බව ඇය පැවැසුවාය. ලින්ඩා කැඳවා ගෙන යෑමට පැමිණ ඇත්තේ අළු පැහැ විශාල හිස් වලින් යුත් කුඩා ශරීරවලින් යුතු අවලස්සන ජීවීන්ය. ඔවුන් ඇය යානය තුළට කැඳවා ගෙන ගිය අතර එහි තවත් එවැනිම ජීවීහු රාශියක් සිටියහ. ලින්ඩා ඇගේ වචනයෙන් මෙය විස්තර කරනුයේ මෙසේය.

“මම කිසිවක් මත පය ගසා නොසිටියෙමි. ඔවුන් මාව අහසට ගෙන ගියා. මම ගොඩනැඟිලිවලට ඉහළින් පියාඹන්නාක් මෙන් ඇදී ගියා. ඉහළ අහසේ නවතා තිබූ අභ්‍යවකාශ යානයේ ‍ෙදාර ඇරුණා. මොහොතකට පසු මම ඒ තුළ සිටියා.” මේ සිදුවීම සිදුවන විට ලින්ඩා 41 වැනි වියේ පසු විය.

තවදුරටත් මේ සිදුවීම විස්තර කරන ලින්ඩා පවසන්නේ. “යානයේ ඇතුළත බංකු වැනි ඒවා තිබුණා. ඒවා සාමාන්‍ය බංකු වගෙයි. ඔවුන් මාව ශාලාවක් වෙත කැඳවාගෙන ගියා. පැත්තට ඇරෙන ‍ෙදාරවල් එහි තිබුණා. දීප්තිමත් එළි සහිත විදුලි බුබුළු එහි දල්වා තිබුණා. එහි තිබූ මේසයක් මතට නඟින මෙන් ඔවුන් මට අණ කළා. මම කෑගැසුවා. එවිට එතැන සිටි අයෙක් මගේ කට තදින් වැසුවා” යනුවෙන් ඇය කීවාය.

Image result for alien SHIP

මේ සිදුවීමෙන් ටික කලකට පසු ලින්ඩාට තමාගේ නාසයේ ඉදිමීමක් දක්නට ලැබී ඇත. ඇය මෙය උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයකුට පෙන්වා ඇත.

වෛද්‍යවරයාගේ මතය වී ඇත්තේ ඇගේ නාසයේ චිපයක් වැනි යමක් සවි කර ඇති බවයි ඔහු පවසා ඇත්තේ. ශල්‍යකර්මයකදී මෙය සිදු කරන්නට ඇති බවයි. නමුත් ලින්ඩා පවසා සිටින්නේ තමා කිසි දිනෙක ශල්‍යකර්මයකට මුහුණ නොදුන් බවයි. ඇගේ නාසයේ සවි කළ චිපය අබිරහසක් බවට පත්වූයේ එලෙසය.

මේ අතර කාලය තුළ ලින්ඩාට බඩ් හොප්කින්ස් නම් පිටසක්වළ පැහැර ගැනීම්වලට ලක්වුණු පුද්ගලයන් ගැන තොරතුරු ගවේෂණය කරන අයකු ගැන දැන ගැනීමට හැකි වී ඇත. ඔහු මේ පිළිබඳව පොත් පත් පවා පළ කර ඇත. ලින්ඩා තමා මුහුණ පෑ සිදුවීම ඔහුට පවසා ඇති අතර ඔහු මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයන් ආරම්භ කර ඇත. මේ සිදුවීමෙන් ලින්ඩාට අමතක ඇති දේ සොයා ගැනීම උදෙසා හොප්කින්ස් ඇයව මෝහනයට පත් කර ඇත.

ඒ මඟින් අපහැදිලි තැන් රාශියක් නිරවුල් කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ලින්ඩාව පැහැරගත් සිදුවීමෙන් වසරකට පමණ පසු හොප්කින්ස්ට රිචඩ් සහ ඩෑන් යන නම් ඇති පුද්ගලයන් දෙදෙනකුගෙන් ඊමේල් පණිවුඩයක් ලැබී ඇත. ඔවුන් පවසා අත්තේ තමන් ලින්ඩාව පැහැර ගැනීම සියසින් දැක ඇති බවයි. මොවුන් දෙදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රභූවරයකුගේ ආරක්‍ෂකයන් ලෙස සේවය කරන අතර ප්‍රභූවරයාගේ කටයුත්තකට ලින්ඩා සිටින ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිදුවීම දැක ඇත.

රිචඩ් මේ සිදුවීම විස්තර කර ඇත්තේ මෙසේය. මහල් නිවාසයට උඩින් අභ්‍යවකාශ යානයක් පා වෙමින් තිබුණා. අපි දැක්කේ නැහැ ඒක ආවේ මොන දිසාවෙන් ද කියලා. ඒකේ තිබුණේ රතු පාටට හුරු තැඹිලි පාටක්. ටිකකින් ඒක නිල්පාටට හුරු සුදු පාටක් බවට පත්වුණා.

පියාඹන පීරිසිය වටේ කොළපාට ආලෝකයක් තිබුණා. සුදු පැහැති ඇඳුමක් ඇද ගත් කාන්තාවක් මහල් නිවාසයේ උඩ මහලක ජනේලයකින් පියාඹගෙන අහසට ඇදුණා. ඇය සමඟ තවත් තිදෙනෙක් සිටියා. ඔවුන් මිනිසුන් නොවෙයි. විශාල හිස් සහිත කුඩා ජීවීන් විශේෂයක්. ඔවුන් හරිම අවලස්සනට පෙනුණා. කාන්තාව හා ජීවීන් තිදෙනා යානයට ඇතුළු වුණාම පසුව යානයේ ‍ෙදාර වැසුණා. එක වරම එය නොපෙනී ගියා.

” රිචඩ්ගේ මේ ප්‍රකාශය ලින්ඩාගේ විස්තරයත් සමඟ මනාව ගැළපෙයි. ප්‍රථමවරට පිටසක්වළ ජීවී පැහැර ගැනීමක් පිළිබ¼ද ඇසින් දුටු සාක්කි අනාවරණය වුණේ එසේය. එපමණක් නොව එම ප්‍රදේශයේ සිටි දුරකථන ක්‍රියාකරවන්නියකද මේ සිදුවීම දුටු බව පසුව අනාවරණය විය. ඇය සිතා සිට ඇත්තේ එය චිත්‍රපටයක් රූගත කිරීමක් ලෙසය. කෙසේ නමුත් ලින්ඩාගේ පැහැර ගැනීමට පිටසක්වළ ජීවීන් පිළිබඳ ලෝකයාගේ ඇස් ඇරවීමට සමත් විය. අදට ද මේ සිදුවීම නොවිසඳුණු විශාල අබිරහසක්ව ඇත.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

එල්. ජයසේකර

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top