යමෙක් යම්කිසි කරුණක් මතකයේ රඳවා ගන්නේ කෙසේද යන්න ඔබ විමසූ විට බොහෝ දෙනා ඔබට පවසාවි ඔවුන් කටපාඩම් කරන බව. කටපාඩමින් යම්කිසි කරුණක් මතකයේ ගබඩා කරගැනීමට තරමක් පහසු වුවත් කටපාඩමින්ම කරුණු මතකයේ තබා ගැනීමට කාලයක් ගත වනවා. යම් කිසි කරුණක් කෙටි කාලයක් ඇතුලත මතකයේ රඳවා ගැනීමට ගෝලීය වශයෙන් භාවිතා කරන ක්‍රම කිහිපයකින් ඔබව දැනුවත් කිරීමටයි අද අපි සූදානම් වන්නේ.

පළමු පියවර: පරිසරය සකසා ගැනීම
ඔබට යම් කිසි කරුණක් ක්ෂණයකින් මතකයේ ගබඩා කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට සරිලන වටපිටාව පිළිබඳව ප්‍රථමයෙන්ම අවධානය යොමු කල යුතු වනවා. උදාහරණයක් ලෙස ඇතැම් පුද්ගලයින් හට යමක් ධාරණය වන්නට හුදකලා ස්ථානත් ඇතැම් පුද්ගලයින්ට මිනිසුන් ගැවසෙන ස්ථානත් අවශ්‍ය වනවා. මේ ආකාරයට ඔබට අවශ්‍ය වටපිටාව පිළිබඳ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්න.
ඉන් පසුව තේ කෝප්පයක් පානය කරන්න. හරිත තේ පානය කිරීම මගින් මතක ශක්තිය වර්ධනය වන බව විවිධ විද්‍යාත්මක කරුණු අනුව තහවුරු කර ඇති නිසා යමක් මතකයේ රඳවා ගැනීම සඳහා හරිත තේ පානය කිරීමට හැකිනම් එය වඩාත් සුදුසු වනවා. අපට යමක් මතකයේ තබා ගැනීමට අවශ්‍ය වූ විට අප සිදු කරන සම්පර්කනය (පුනරාවර්තන) මනසේ ඇති නියුරෝන සමග ශක්තිමත් වීම නිසා මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය කරුණු මතකයේ රැදීම සිදු වනවා. සම්පර්කන වාර ගණන වැඩි වන විට අදාළ කරුණ මතකයේ ඉතා තදින් රැදීම සිදු වනවා.

යමෙක් වයස්ගත වන විට විවිධ විෂ සහිත රසායනික සංයෝගයන් මගින් අපගේ නියුරෝන සහ සම්පර්කන හානිවීම සිදුවී මතකය ගිලිහී යෑම සහ ඇතැම්විට Alzheimer’s වැනි රෝග තත්වයන් පවා ඇති වනවා. හරිත තේ සතු සංයෝගයන් මගින් මෙවන් විෂ සහිත සංඝටකයන් මර්ධනය කර මොලයේ සෛල දිගු කලක් නිසි ලෙස ක්‍රියාත්මකවීමට වගබලා ගන්නවා.
දෙවෙන පියවර: ඔබ මතකයේ තබා ගන්නා කරුණු පටිගත කරන්න
ඔබ යම්කිසි දේශනයක කරුණු මතකයේ තබා ගැනීමට උත්සහා කරනවා නම් මෙම ක්‍රමය ඔබට ඉතා ප්‍රයෝජනවත් වනවා. ඔබ දේශනයට සහභාගී වන අතර වාරයේ ඔබට පවසන කරුණු සහ ඔබට ඇසෙන කරුණු ඔබේ ජංගම දුරකථනය භාවිතයෙන් පටිගත කර ගන්න.
පසුව ඔබ පටිගත කල දේශනයේ ඔබට අවශ්‍ය වන ප්‍රධාන කරුණු භාවිතා කර ඔබ වේනම කතාවක් හඬනගා පටිගත කර එම කතාවට සවන් දෙන්න. මෙය හඬ මාධ්‍යය පමණක් භාවිතා කර අධ්‍යාපනය ලබන සහ එම ක්‍රමයට ප්‍රිය කරන්නන්ට අතිශය ප්‍රයෝජනවත් වන අතර ඔබටත් මෙම ක්‍රමය මගින් කරුණු වටහා ගැනීමටත් එම කරුණු මතකයේ තබා ගැනීමටත් පහසු වනවා.
තුන්වන පියවර: ඔබට අවශ්‍ය කරුණු සියල්ල ලියා ගන්න
ඔබේ මතකය අවදි කර සියල්ල නැවත මතක් කර ගැනීමට ප්‍රථමයෙන් එම තොරතුරු පිළිබඳ කොළ කැබැල්ලක ලියා ගන්න. මෙම ක්‍රමය මගින් මතකයට නගා ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳ ඔබට හුරු පුරුදු ස්වරූපයක් දැනේවි. මෙම ක්‍රියාව ඔබ පටිගත කරගත් හඬ පට වලට සවන් දෙන අතර වාරයේ සිදු කරන්න.
හතරවන පියවර: ඔබේ සටහන් කාණ්ඩ වලට වෙන් කර ගන්න
ඔබ පෙර ලියාගත් ඔබට අවශ්‍ය කරුණු අඩංගු වන සටහන කොටස් දෙකකට වෙන් කර ගන්න. මෙම ක්‍රමය රූපමය මාධ්‍යය භාවිතයෙන් අධ්‍යාපනය හදාරන්නට ප්‍රිය කරන අයෙක් නම් නැත්නම් විවිධ විෂයන් සඳහා විවිධ වර්ණ සංකේතයන් භාවිතා කරන අයෙක් නම් මෙම ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වනවා. මෙම ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කරන ඔබට අවශ්‍ය කරන කරුණු පහසුවෙන් මතකයේ ගබඩා කර ගැනීමට හැකියාව ලැබේවි.
පස්වන පියවර: කරුණු මතකයේ තබා ගැනීමට කටපාඩම් කරන්න.
ඔබ පටිගත කල හඬ පට වල සහ ඔබ ලියාගත් කරුණු පේලි ලෙස ගෙන නොබලා පැවසීමට හැකි වන පරදී කටපාඩම් කරන්න. ඔබ මේ ආකාරයෙන් මතකයේ තබා ගන්නා කරුණු කෙටි කාලයක් තුල නැවත මතකයෙන් ගිලිහී යන නිසා දිගුකලක් මතකයේ රඳවා ගැනීම සඳහා නැවත නැවතත් පාඩම් කරන්න. ඔබ බෙදා වෙන් කරගත් එක් කාණ්ඩයක් සම්පූර්ණ වශයෙන් මතකය තුල ගබඩා වන තුරු වෙනත් කාණ්ඩයක් වෙත යොමු වීමෙන් වළකින්න.
හයවන පියවර: මතකයේ ඇති දෑ ලියන්න.
ඔබේ මතකයේ ඇති සියල්ල කොලයක ලියන්න. මෙම ක්‍රමය මගින් ඔබේ මතකයේ ඇති කරුණු නැවත නැවත මතකයට නැගී ඔබේ මතකය ශක්තිමත් වේවි.
හත්වන පියවර: ඔබටම හෝ වෙනත් අයෙකුට ඔබේ මතකයේ ඇති දෑ උගන්වන්න.
අධ්‍යාපන හදාරන අයෙකුට තමා ඉගෙන ගනු ලබන කරුණු මතක තබා ගැනීමට ඇති සාර්ථකම ක්‍රමවේදයක් ලෙස වෙනත් අයෙකුට ඉගැන්වීම හඳුන්වා දෙන්නට පුළුවන්. ඔබට මෙම ක්‍රියාවලිය විවිධාකාරයෙන් සිදු කරන්නට පුළුවන්. ඔබේ කරුණු අධ්‍යයනය කිරීමට අවශ්‍යතාවයන් ඇති ඔබ ඉදිරියේ සිටින එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් පිරිසකට ඔබට හැකි අයුරින් කරුණු පහදා දෙන්න. එවිට ඔවුන් නගන ප්‍රශ්නත් සමග ඔබේ දැනුම තවත් වර්ධනය වේවි.
අටවන පියවර: නොනවත්වා හඬපට වලට සවන් දෙන්න
රෙදි පිරිසිදු කිරීම, නිවස පිරිසිදු කිරීම සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සිදු කරන අතරවාරයේ ඔබ පටිගත කරගත් හඬ පට වලට සවන් දෙන්න.
නවවන පියවර: විවේකයක් ලබා ගන්න
අවසාන වශයෙන් ඔබේ මනසට විවේකයක් ලබා ගන්න. ඔබ අධ්‍යයනය කරමින් සිටි කරුණු හැර වෙනත් කරුණක් පිළිබඳව සිත යොමු කර වෙනයම් ක්‍රියාවක් සිදු කරන්න. ඉන් පසුව නැවතත් ඔබ අධ්‍යයනය කරමින් සිටි කරුණු වෙත අවධානය යොමු කරන්න. මෙම ක්‍රියාවලිය මගින් ඔබේ මතකයේ ඇති කරුණු මොනවාද යන්නත් ඔබ දුර්වලතාවයක් දක්වන කරුණු මොනවාද යන්නත් ඔබට හොඳින් වැටහේවි.
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න