අහලා තියෙනවා නේද මානසික රෝහල් ගැන.ඒත් කවදාවත් ඔයා මානසික රෝහලකට ගිහින් තියෙනවද?සමහර අය ගිහින් ඇති.එත් බහුතරයක්ම ගිහින් නැහැ…

මෙහෙම හිතන්නකො..පිස්සු වාට්ටුවක ඔයාගෙ අක්කා හරි නංගි හරි ඇදක ගැටගහලා කරන්ට් එක අල්ලනවා කියලා හිතන්නකො.උබටම පට්ටම දුකක් ඇති උනා නේ.එක බඩවැල කඩාගෙන ආපු නංගිව පිස්සු වාට්ටුවෙ ඇදක ගැටගහලා කරන්ට් එක අල්ලනවා බලන්න තරම් පවුකාර වෙච්ච අයියා කෙනෙක් හිටියා මාත් එක්ක.මගෙ ඇස් දෙකත් ඒ සිදුවීම දකින්න තරම් පවුකාර උනා.
මට පුදුම හිතුනා උගේ පපුව පැලිච්ච නැති එකට.පවුලෙ හතරදෙනයි.අයියයි නංගියි අම්මයි තාත්තයි.අයියෙක්ට නංගියෙක් කියන්නෙ මහමෙරක් බං.බෝනික්කි පැටියෙක් වගේ හිටපු කෙල්ලව පිස්සියෙක් උනාම දෙමව්පියන්ට මොන තරම් දුකක්ද?යකෝ ඒ අම්මටත් පියයුරු පිලිකාවක්.පිස්සුවෙන් කෑ ගහන දූ දිහා බල බල කොච්චර පිච්චෙනවා ඇද්ද ඒ අම්මා.ඒ කදුළු වලට දුක් අදෝනා වකට හේතුව ආදරය.

සැබෑ ආදරේ නෙමෙයි බොරු ආදරේ.කෙල්ල පිස්සුවෙන් දොඩවන්නෙ එකම වචන ටිකයි බං. “සුදු අයියෙ ඔයා කෝ?” සුදු අයියේ කොහෙද ඉන්නේ?””ඔයා එන්නකො”.ඇස් දෙක පියං පොඩ්ඩ්ක් මවා ගනින් ඒ රූප ටික.අම්මාව, තාත්තව,සහෝදරයව අදුරගන්න සිහිකල්පනාව නෑ කෙල්ලට.හිතපං සුදු අයියාට මේකි කොච්චරනම් ආදරේ කරන්න ඇද්ද?.කෙල්ල පන වගේ ආදරේ කරපු සුදු අයියා දැන් මැරි කරලා ඉතාලි වලලු ඉන්නෙ.
නින්ද යනවා ඇද්ද බං රෑට.අවුරුදු පහක ආදරේ ප්‍රතිපලයක් විදිහට කෙල්ලට හම්බ උනේ උමතුව විතරයි.කවදාවත් ආදරේ සෙල්ලමකට ගන්න එපා..අපිට තව කෙනෙක්ගෙ හැගීම් සෙල්ලමක් උනාට ඒ කෙනාට ඒ ආදරේ ජීවිතේ හුස්ම පොද වෙන්න පුලුවන්.මේ කෙල්ලගෙ සුදු අයියට දූ පැටියෙක් ඉපදුනාම ඌටත් තේරෙයි ඌ කරපු පව් වල තරම.තව කෙනෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා.ඒක අත්ම ගානකට ගෙවාගන්න බැරි පවක්.බුදුසරණයි නංගි.ඉක්මනට සනීප වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්න.
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න
උපුටා ගැනීමකි