දවසේ වැඩ කරගන්න පැය 24 ක් මදි කියලා ඔයා කියනවා නම් මම කියනවා නෑ ඒක බොරුවක් කියලා. ජිවිතේ හරි සරලව විඳින්න තියෙද්දී අපි ඒ ජීවිතේ ඕනෙවටත් වඩා සංකිර්ණ කරගෙනයි ඉන්නේ.

ඔෆිස් එකේ වැඩ ඔයා ගෙදර ගේනවද?
එහෙම නැත්තන් ගෙදර වැඩ ඔයා ඔෆිස් ගෙනියනවද?
පවුලේ අයත් එක්ක නිවිසැනසිල්ලේ පොඩ්ඩක් කතා කරන්න ඔයාට වෙලාවක් නැද්ද?
බලන්න ඔයාටම ඔයාගේ ජිවිතේ ගැන දුකක් හිතෙනවා ඇති. උදාවෙන හැම දවසක් ම අපි සැලසුමකට අනුව ගෙවනවා නම් අපිට අපේ වැඩ කරගන්න ගමන් ජිවිතේ විඳින්නත් අවස්තාව උදා කරගන්න පුළුවන්.
කාල සටහනකට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න

අපි ඉගෙන ගන්න කාලෙදිත් කාල සටහන් හැදුවා. ඒත් හැදුවා විතරයි ඒකට අනුව වැඩ කලේ හරිම ටික කාලයයි. ඒකට එක හේතුවක් තියෙනවා. අපි හදන කාල සටහන් වල අපි අපේ කැමැත්තෙන් කරන දේවල් ඇතුලත් කලේ නෑ. දවසේ වැඩකටයුතු සැලසුම් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ විනෝදාංශ වලටත් අවස්ථාව වෙන් කරන්න, පොතක් කියවන්න, රේඩියෝ එක අහන්න, ෆිල්ම් එකක් බලන්න වගේ ඔයා කැමතිම දෙයක් ඒ කාල සටහන ඇතුලේ තියෙන්නම ඕනේ,
අනිත් කාරණේ ඉක්මණින් වැඩ ඉවර කරගන්න කියලා හිතාගෙන එකපාර වැඩ ගොඩක් කරන්න යන්න එපා
සමහර වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා වැඩ කීපයක් එක පාර පටන් අරගන්න. හිතන්නකෝ උයන අතරේ මිදුල අතුගානවා කියලා. හොද්ද ලිපේ තියලා එක ඉදෙනකන් මම මිදුල අතුගානවා කියලා ඔයා හිතයි. මිදුල අතුගාන අතරේ ඒ හොද්ද රෝස් වෙන්න ඉඩ තියෙනවා එකම වැඩේ දෙපාරක් කරන්න වෙනවා. අනික හොද්ද ලිපේ නිසා මිදුල අතුගාන්නෙත් කලබලේට. ඉතින් ඒ හින්දා එක වැඩක් කරලා ඉවර කරලා අනෙක් වැඩේට යොමු වෙන එකෙන් කාලය ඉතිරි කරගන්නවා වගේම වැඩෙත් හරියට කරගන්න පුළුවන් වෙයි.
අපේ කාලේ නාස්ති වෙන ලොකුම දේ වෙලා තියෙන්නේ facebook එක

Facebook වගේ සමාජ ජාල වල තියෙන ආකර්ෂණය හින්දම අපිට නිතර නිතර facebook එකට යන්න හිතෙනවා. නිකන් නිකරුනේ උඩට පහලට යන අතරේ අපේ වටිනා කාලය නේද මේ නාස්ති වෙන්නේ කියලා නිකාමටවත් අපිට හිතෙන්නේ නෑ. ඒ වුනාට අපි එතැනදී හිතාමතාම ඒ දේවල් වලට යොමුවෙන එක නවත්තගන්න ඕනේ නිකරුනේ රුපවාහිනිය නැරබීම, සමාජ ජාල වල කාලය ගෙවා දැමීම වගේ දේවල් හින්දා අපේ අනෙක් වැඩ කරගන්න තියෙන කාලය නිකරුනේ නාස්ති වෙනවා.
වැඩ ගොඩ ගැහිලා හින්දා නිදි මරාගෙන වැඩ කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි
අද රැ නිදිමරාගෙන වැඩ කරලා වැඩ ටික ඉවර ගත්තම හිතට සතුටුයි නේද? එතකොට හෙට වැඩ කරන්නේ වෙන කවුරු හරිද? අද නිදිමරුවම හෙට ප්‍රබෝදමත්ව දවසේ වැඩ කටයුතු කරගන්න බෑ. මහන්සියි කරන වැඩෙත් කරන්නේ ඕනවට එපාවට. ඒ හින්දා දවස සැලසුම් කරද්දී ප්‍රමාණවත් නින්දක් ලබන්නත් කාලය වෙන්කරගන්න වෙනවා.
තියෙන තියෙන ඔක්කොම වැඩ තමන් තනියෙන් කරන්න ඕනේ කියලා නීතියක් නෑ.
වැඩ ටික තමන්ට තනියෙන් කරන්න බැරි නම් කාගෙන් හරි උදව් ඉල්ලගන්න. වැඩ බදාගෙන කරනවට වඩා බෙදා ගෙන කරන එකෙන් සැහැල්ලුවක් දැනෙනවා. ගෙදර අස්පස් කරන වැඩ කාන්තාව විතරක්ම කරන්න ඕනේ කියලා නීතියක් නෑ. පවුලේ සාමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා නම් ගෙදර ඇස කරන වෙලාවට 4 දෙනාම සහභාගී වෙන්න ඕනේ. පොඩි දරුවෙක්ව වුනත් සහභාගී කරගන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා.
ඔය ටික කරලා බලන්න ඔයාට ඔයාගේ දවසේ වැඩකටයුතු ටික ලේසියෙන්ම ඉවර කරගන්න බැරිද කියලා.
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න