“අදත් රෑ වෙනවද මහත්තයෝ ”

“ඔව් සුදු නෝනා එනකොට රෑවෙයි කාලා
නිදාගන්න”
කෙල්ල හූල්ල හූල්ල පන් පැදුර ඇදේ දිග ඇරල තරිදු හිස තියන කොට්ටෙ ලන් කරගෙන පපුවට තුරුල් කරගත්තා ආදරෙන්..ඇස් වල කදුලු පිටාර යන්නෙ බදාගෙන ඉන්න කොට්ටෙත් තෙමාගෙන..සමනලී තැනින් තැන පලුදු උනු වහලයෙන් ටික් හඩින් වැටෙන වැහි වතුර දිහා බලාන උන්නා…රාත්‍රී කලුවර කපාගෙන විදුලි කොටන කොට පත්තු වෙන එලියෙන් ඇස්වලින් ගලාන ගියපු කදුලු මුතු ඇට වගේ දිස්න දෙනවා..තරිදු එක්ක හොරෙන් ආවෙ ඒ ආදරේ ට ලෝබ කමේ…සමනලී ගේ මුලු ජීවිතේම තරිදුයි එයාගේ ආදරයයි විතරයි…
තරිදු විදින ජීවිතේ ගැන කෙල්ලට මහා අසරන කමක් ලෝබ කමක් දැනෙනව..කොල්ලා කුලී වැඩ කරන්නේ..සමහර දවසට කොන්ක්‍රීට් අනන්න යනවා..ඒ රස්සාවෙන් කොල්ල්ට අතට හරියන මුදලක් ලැබෙන නිසා කොල්ලා දාඩිය කදුලු නොතකා වැඩ කරන්නේ තමන්ගේ ආදරේට ලෝබ වෙලා ආව කෙල්ල වෙනුවෙන්…
සමනලීගේ ඇස් පියවී ගෙනම එද්දී තරිදු ගේ ආදරනීය ආමන්ත්‍රණයට කෙල්ල ගැස්සිලා ඇහැ ඇරුනා හනීකට ලී දොර ලගට ගියපු කෙල්ල ඉක්මනින් දොර ඇරියා…
“නින්ද ගියේ නැත්ද සුදු නෝනා”

කෙල්ලගේ හිස අතගාගෙන තරිදු ගෙට ගොඩ උනේ වරුසාවට තෙමිච්ච ශර්ට් එක ගලෝලා අතට ගද්දී..
“ඔයා එන්නෙ නැතුව මන් නිදාගන්නේ නෑනේ
තරිදු ”
“අදනම් ගොඩාක් මහන්සියි සුදූ..බත් ඩින්ගක්
ගෙනත් දෙනවද..”
කොල්ලගේ වචනවලට සමන්ලීට දුකේ බෑ ..කෙල්ල හනීක රෑට ඉව්ව කරවල හොදි,කොච්චි යහමින් සැරට හදපු සම්බෝලෙත් එක්ක බත් ටික ගෙනත් කොල්ලගෙ අත්දෙක උඩ තිබ්බා…
වැඩ ඉවරවෙලා එතනින්ම නාගෙන ආව කොල්ලට සිමෙන්ති කොට්ට එක්ක මුලු දවසම ඔට්ටුවෙලා ආව කොල්ලට වහින වරුසාව තවත් බඩගින්න වැඩි කලා..හනික බත් ටික අනන්න ගියපු කොල්ලට එක පාරටම දැනුනු වේදනාව නිසා “හූස්” ගෑ උනා..කෙල්ල හනීකට ලගට ඇවිත් බැලුවෙ ඇයි කියල..සමනලී කොල්ල ලග බිම දන ගහගෙන පිගාන අතේ තියාන කෙල්ල දිහා බලාන ඉන්න තරිදුගෙ කදුලු පිරුනු ඇස් දිහා බලාගෙනම කොල්ලගේ දකුනු අත තමන්ගෙ ලගට අරගෙන හරවලා බැලුවෙ කොල්ලගෙ අල්ල දිහා…විශ්වාස කරන්නත් බැරි තරමට කොල්ලගෙ අත් කර ගැට හැදිලා..
දිය බිබිලි වගේ පුපුරල තුවාල වෙලා..ලේ පාටට දිලිසෙන සුදු අත් දිහා බලාගෙන කෙල්ල ඉකි ගගහා ඇඩුවා…ඒ අත් වලට හාදු දි දී කෙල්ල හූල්ලන හැටි තරිදුට වාවන්නෙ නැතුව ගියා…බත් පිගාන පැත්තකින් තියල කොල්ලා සමනලීව ලගින් වාඩිකරවගෙන බත් එක කෙල්ලට දීලා කවෝ ගත්තා…සැරෙන් සැරේ කෙල්ලගෙ ඇස් දිහා බලාන කොල්ලා හිස පිරි මැද්දා…
කෙල්ලගෙ අත් දිහා බලපු තරිදුට කෙල්ලගෙ ලස්සන නියපොතුවල තැන තැන මැකිලා ගියපු ලස්සන නිය ආලේපන කැලලී දිහා වේදනාවෙන් බලා උන්නේ කෙල්ල තමන් එක්ක එන්න කලින් කොච්චර ලස්සනට ජීවත් උනාද කියල හිත කියද්දී..ඒ කාලේ සමනලීගේ ගෙදරින් කෙල්ලට කිසිම අඩු පාඩුවක් නොකල බව දන්න නිසා..කෙල්ලගේ කර දිහා බලපු තරිදු කෙල්ලගෙ හිසට 💋 හාදුවක් තිබ්බේ වේදනාව හිත පෙලද්දී…
“සුදු නෝනා උබ මන් එක්ක ඇවිත් දුක්
විදිනව නේද..බලන්න ඉස්සර කීරී කීරි
තිබ්බ කොන්ඩෙ දැන් ඒ ලස්සන නෑ…
මේ ලස්සන නියපොතු වල තිබ්බ පාටවල් නැ..
උබ නිදාගත්ත සැප මෙට්ටේ වෙනුවට මේ හිගන්නා එක්ක ඇවිත් මේ ලෑලි ගොඩේ පැදුරු කෑල්ලක් උඩ උබව නිදි කරනවට මේ අසරනයට සමාව දියන් මැනිකේ”
කොල්ලා කවදාවත් නැතිව හිතේ හිර කරාන හිටපු වේදනාව කදුලු වලට පෙරලුවෙ දෙපරක් නොහිතම…සමනලී කොල්ලගෙ ඒ අසරන් ඇස් දිහා වේදනාවෙන් බලා උන්නා…
“ඇයි එහෙම කියන්නෙ මහත්තයෝ..මගේ කොන්ඩෙ කීරි කීරි නෑ කියල ඔයාට දැන් මන් ලස්සන නැත්ද…මේ නියපොතුවල පාට නෑ කියල ඔයාට මාව හැඩ නැත්ද..කරේ දාන මාල වලට වැඩිය ඔයාට මාව වටිනව නේද..ලෑලි උඩ හරි මන් නිදියන්නේ මගේ මහත්තයගෙ පපුව උඩ නම් මට ඒවා රිදෙන්නෙ නෑනේද..ඇයි එහෙනම් ඔහොම කියන්නෙ ඔයා..ඇයි අඩන්නේ.ඔයාගෙ සුදුනෝනා ඒවා නෑ කියල ඔයා දාලා යයි කියලද..නෑ මහත්තයෝ ඔයාගේ ඔය ආදරේ තියෙන කල් මන් ඔයා එක්ක ඉන්න ආවේ මැරෙන කල්ම…”
කෙල්ල එහෙම අඩ අඩා කියද්දි තරිදු කෙල්ලව තුරුල් කරගත්තා ආදරේ උතුරද්දී ..
කාලය ටික ටික ගෙවිලා ගියා…කොල්ලා දුක් මහන්සි නොබලා කැපවෙලා වැඩ කලා..සමනලි තරිදුට පව්‍රරක් වගේ ශක්තියක් උනා..කොල්ල මහන්සිවෙලා එන හැම දවසකම කෙල්ල කොල්ලගැන හොයල බැලුවා ..කර ගැට පිරිච්ච අත්වල තෙල් ගාලා පිරිමැද්දා…උදේම කොල්ලට කන්න උයලා කන්න දුන්නා ආදරෙන්..කවදාවත් කෙල්ලගෙ අඩුපාඩු කියල දෙන්නට දෙන්න හිත් රිදෝලා නෑ..ටික කාලෙකින්ම කොල්ලගෙ උත්සාහයේ කැපවීමේ ප්‍රතිඵල දකින්න පුලුවන් උනා..
කොල්ලා ඒ පැත්තටම ඉන්න බිල්ඩින් කන්ට්‍රැක් කෙනෙක් උනා..ලෑලි පැල වෙනුවට ලස්සන දෙමහල් නිවසක හිමි කාරයෙක් උනා..සමනලි හොදම සැලූන් එකක සාඩම්බර හිමි කාරිනියක් කලා තරිදු…කෙල්ලගෙ ආයෙත් කොන්ඩෙ කීරි කීරි උනා..නියපොතු ලස්සන පාට වැටුනා…පාලුවෙලා තිබ්බ කරට ලස්සන වටින මාල වලින් සරසන්න තරිදු ට පුලුවන් උනා…අද ඒ දෙන්නා ජීවිතේ දින්නා කැප වීම දිරි ගැන්වීම නිසා..සමනලි කොල්ලගෙ න් උනු අඩු පාඩුවලට දාලා ගියානම් අදවෙද්දී මේ ජීවිත දෙකම නන්නත්තාර වෙන්න තිබ්බා..ඒත් සමනලී එහෙම උනේ නෑ..ආදරේට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ…
ජීවිත ලස්සන කරන්නත් ,විනාශ කරන්නත් මේ අකුරු හතරේ අරුම පුදුම වචනෙට පුලුවන්..
#ආදරය# පුදුම වචනයක්,වචනයකට ම සීමා නොව්නු අර්ත්වත් වචනයක්..ඒ වචනෙට අරුතක් ගේන්න පුලුවන් ❤ ආදරෙන් ම විතරයි..
මන් දිල්රුක්ෂි දිලුක්ශි …
කියවලා අදහස් කියන්න..ස්තුති …
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න
උපුටා ගැනීමකි