මේ ජීවිතේ ගැන එක කතාවක් … කියන තරම් සුන්දරත් නැතී අසුන්දරත් නැති අපේ ජීවිතය….

හැමෝම අසරන වෙන ආදරය ගැන පුන්චි කතා බහක්…
මෙහෙම කියන්නම්..
ආදරේ හැමෝටම ඕනේ… ඒත් ආදරේ එපා කියන අය ඉන්නවාද… ඔව් සත්තකින්ම ….
ජීවත් වෙන්න හැමෝගෙම ආදරේ ඕනේ වගේම හුදෙකලා වෙන්නත් කැමතී කිප දෙනෙක් අපිට මුන ගැහෙන්න පුලුවන්…
මෙ කතාව අන්න ඒ ගැන…
![]()
මන් කතාකරන්නේ ආදරේ බැදීම් එපා කියන පිරිස ගැන… ඒ කියන්නේ අද ආදරේ වැලදගෙන… උනුසුම් ස්පර්ශ එක්ක ශෘංගාරාත්මක සිතිවිලි ස්පර්ශ දක්වා යන ආදරේ වගේම ඉන් එහාට ගිය අපිරිමිත ආදරය .. දෙමාපිය ආදරය එපා කියන පිරිස.. ගැන…
ගොඩක් වෙලාවට මේ දේවල් එපා කියන්නෙ … ඒ හැමදේම ඉහලින්ම විදපු අය .. ඒ කියන්නේ… ඉස්සර ආදරේ කරපු අය.. එත් වර්ශ වලින් නෙමෙ මුලු හිතෙන්ම ..ඇට මස් ලේ නහරවලින්ම ආදරේ කරපු අය තමයී අද ආදරේ එපා කියන අය… ඇත්තටම ඒ අකමැත්තෙන්ද නෑ… ඒ ඕනවටත් වඩා විශ්වාස කරලා ඒ මතකේ තුලම මිය යන්න ඕනේ අය… හැබැයී .. සමහරු න්ට නම් … අනේ මූදේ එක මාලුවද ඉන්නේ කියලා..
ඉන්න ඉන්න හැමෝවම ට්‍ර්‍යි කරලා බලන්න හිතෙන අයත් ඉන්නවා.. ඒ … ඇත්තටම ආදරේ නොකරපු අය… ඒ අය ගැන කතා නොකර අනිත් කොට්ඨාසේ ගැනයී මේ කියන්නේ… ඒ කියන්නේ .. එකම ආදරෙන් මියයන්න හදන අයට…දැන් මන් කියන්නේ ඒ මතකෙන් වැලලෙන්න කියලද… නැ කොහෙත්ම නෑ…
ඔබ තවමත් ඒ ආදරෙන් විදවනවද… එහෙනම් ඈත් වෙන්න හුදෙකලා වෙන්න..තව කෙනෙක් ට ලං වෙලා තව කෙනෙක්ට විදවන්න දෙන්න එපා.. තව කෙනෙක්ගේ ජීවිතේ අඝාදයට ඇදලා දාන්න එපා… තනියම හිතන්න දුකයී නම් ලගම යාලුවෙක්ට කියන්න .. බිසී වෙන්න… ඇවිදින්න.. නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා… ඔබේ වටිනා ජීවිතේ අයාලේ යවන්න එපා…
හොදම ආදරේ පපුවටම දැනෙන්නේ.. සල්ලී නිසාවත් රූපේ නිසාවත් නෙමෙ.. ඒක පතාගෙන ආව විදිය නැත්න්ම් ලැබීම නොලැබීම… අර කතාවක් තියෙන්නෙ පතාගෙන ආපු විදයටනේ ඔතාගෙන යන්නේ.. අන්න ඒක හොදට මතක තියගන්න.. ආයාසයෙන් අදරේ කරන්න එපා.. අතහරින්න.. අනිත් කෙනාට ජීවිතේ දෙන්න…
මොකද … කෙනෙක් ඔබට ආදරේ කරන්නේ ඔබෙන් ආදරේ බලාපොරොත්තු වෙන් මිසක්.. එයාගේ ජීවීතෙත් කදුලක් කරගන්න නෙමෙ… ආදරේ පරිත්‍යාගය යක් තමයී.. ඒ නිසා සමහරවිට අනිත් කෙනා ඉවසයී …එත් ඒක හැමදාම කරන්න එයාට ඉඩ දෙන්න එපා… ඔබ ඈත් වෙන්න.. …
ඔය පොදුවේ කිව්ව දේවල්…
මෙ දේ කියන්නේ පිරිමී ඔබට…
සිගරැට් අරක්කු .. එක්ක තව නොයෙක් මත්ද්‍රව්‍ය ඔබ පාවිච්චි කරනවා .. එකම හේතුව දුක මකන්න.. දුක මැකෙනවාද නෑ… තමුන් මැරෙනවා… ඒකෙන් වෙන්නේ තමන්ටම හානියක් මිසක් වෙන කිසිවෙක්ට නෙමෙ… යලුවන් එක්ක එකතුවෙන්න.. ඇවිදින්න… වැරදි වැඩ කරන්න එපා.. ඒ මන් කිව්වේ ටයිම් පාසින් .. පාලුව මකන්න තව කෙනෙක් ගේ ජීවිතේ පාවිච්චී කරන්න එපා…
ගිය කෙනා ගියාවේ කියලා කවුරුත් කිව්වට ප්‍රශ්නේ ඉන්න කෙනාට එහෙම හිතන්න බෑනේ… .. නේද… වන් ඇන්ඩ් ඔන්ලී .. බොක්කටම වැදුනේ එකයි කියලා බීලා හරියනවද නෑ… කාලෙට ඉඩ දෙන්න… අමතක කරන්න බැරිනම් උත්සහ කරන්න… ජීවිතේ අයාලේ යවාගන්න එපා .. නිරායාසයෙන්ම එයා හෝ වෙන කෙනෙක් ඔබේ ජීවිතයට එයී ..එතෙක් ඉවසන්න…
මේ ගැහැණු ලමයී වන ඔබට….
කිසිසේත්ම … පලවෙනී දේ.. නොදන්න කිසිවෙකු සමග ඔබේ දුක බෙදාගන්න එපා… ඒකෙන් වෙන්නේ.. යකෙක් එලවන්න ඊට වඩා යකෙක් ගෙනල්ලා ලොකු අමාරුවක වැටෙන එක…
ඒ නිසා.. අඩන්න .. යාලුවෙක්ට කියන්න.ඇවිදින්න… බිසී වෙන්න.. කවියක් ලියන්න කතාවක් ලියන්න…
මොකද.. මුලු ජීවිත කාලෙම ගැහැනු වෙච්ච මට සහ ඔබට ..මීටත් වඩා දරාගැනීම් වලට මූන දෙන්න වෙනවා.. අමාරුවෙන් හරි හදාගත්තෝත් මේ ජීවිතේ ගොඩ…
අනේ මට කොල්ලෙක් නෑනේ මගේ යාලුවෝ එක්ක කපල් ට්‍රිප් යන්නේ කොහොමද ..අවුටින් යන්නේ කොහොමද .. ඔවා හිතලා නම්.. කවදාවත් .. ජිවිතේ හදාගන්න බෑ.. නිදහසේ ඉන්න්.. තනිකඩ ජීවිතේ… වචනයේ පරිසමාප්තියෙන්ම හරියට දවසක් විදින්න.. ඒ ජීවිතේ අමුතු රහක් තියෙනවා.. මේ තියෙන ප්‍රශ්න වල හැටියට කෙල්ලන්ට බිලා ඉවරයක් කරන්න බෑනේ… ඒ නිසා… බුද්දීමත් වෙන්න්… ඔබට ආදර යෝජනා වැඩිවෙයී …නමුත් ප්‍රශ්න පිට ප්‍රශ්න වලට යන්න එපා.. නිරවුල් වන තුරු තනියෙන් .ඉන්න…
ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන්න… හිනාවෙන්න… ජීවිතේ එපා කරගන්න එපා.. කෝච්චියෙන් .. බාල්කයෙන් වහකුප්පියෙන් ජීවිතේ කෙලවර කරලා නිවන හොයන්න එපා.. මේ ඔබට කරන.. ආයාචනයක් විදියට මතක තබාගන්න…
ඔබ මනසින් දුක් විදින කෙනෙක් නම් මනසින් මැරෙන කෙනෙක් නම්… සමහරවිට සහනයක් වෙන්න.. ඔබට උදව් කරන්න මට පුලුවන් වෙවී..
ඔබ සතුටින් ඉන්න කෙනෙක් නම් ඔබ මේ ගොඩට අයත් නොවේනම් කලබල වෙන්න එපා.. මේ ඒ අයට පමණයී
සටහන:-
🌷 පියුමි සේනාධි 🌷
යාළුවන්ටත් කියවන්න SHARE කරන්න
උපුටා ගැනීමකි