දැනුම

පෘථිවියෙන් බැහැරට ගිහින් විදුලිය නිපදවන උත්සාහයක්

සඳ මත මෙන්ම අඟහරු මතද පිහිටුවීමට අපේක්‍ෂිත ජනාවාසවලට බලශක්තිය සැපැයීම සඳහා යොදා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකයක් සාර්ථක ලෙස අත්හදා බැලීමට ආයතනයට හැකිවී තිබේ. පෘථිවියෙන් බැහැර වී විදුලි බලය සපයා ගැනීමත් අභ්‍යවකාශයෙන් ලද හැකි සම්පත්වලින් ආශ්වාසයට යෝග්‍ය වාතයද පානීය ජලය හා රොකට් ඉන්ධනද නිපදවා ගැනීමත් සඳහා කුඩා විඛණ්ඩන ක්‍රියාකාරකයක් (ර්ඪදඪ ජ්ඪඵඵඪධද පඥචජබධප) යොදා ගැනීමට නාසා ආයතනය සැලසුම් කරයි.

Image result for current

“කිලෝ බලශක්ති” (ම්ඪතධනධඹඥප) පද්ධතිය අභ්‍යවකාශයේදී කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා නාසා ආයතනය දැන්, එම අජටාකාශ ගමන් මාර්ගය කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇතැයි ආයතනයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පුවත්පත් සාකච්ඡාවකදී වාර්තාකරුවනට පැවැසීය.

Related image

හඳට ගොස් එහි සිට අඟහරු වෙත යෑමේදී සූර්ය බලශක්තිය මතම නොයැපී ගමන සාර්ථක කර ගැනීම සඳහා තමන්ට ඉතා විශාල බලශක්ති මූලාශ්‍ර අත්‍යවශ්‍ය බව පෙනී ගොස් ඇතැයිද නාසා ආයතනයේ අභ්‍යවකාශ තාක්‍ෂණය පිළිබඳ වැඩ බලන සම පරිපාලක ජිම් රොයිටර්, ඕහියෝවේ ක්ලීව්ලන්ඩ්හි පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. ආරක්‍ෂාව, කාර්යක්‍ෂමතාව හා බලශක්ති බහුලත්වය, රොබෝවන් හා මිනිසුන් හවුලේ පවත්වන අනාගත අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල ප්‍රධාන සාධක වශයෙන් පවත්නා බවත්

චන්ද්‍ර-කුජ ජනාවාස නිර්මාණ ක්‍රියාවලියේදී කිලෝ බලශක්ති ව්‍යාපෘතිය අතිශයින්ම වැදගත් වෙතැයි තමා බලාපොරොත්තු වන බවත් ජිම් රොයිටර් වැඩිදුරටත් සඳහන් කෙළේය.

සඳ මතට ගොඩබැස එහි සිට අඟහරු වෙත යන දීර්ඝ අජටාකාශ ගමන සඳහා අවශ්‍ය බලශක්තිය සාම්ප්‍රදායික ඉන්ධන මඟින් නිපදවා ගැනීමේ ප්‍රයත්නයක ගගනගාමීන් යෙදෙනු ඇත. ද්‍රව ඉන්ධන සහ ගෑස් පදනම් කොටගෙන නිපැයෙන ඉන්ධන ක්‍ෂණිකව ගිනි ගන්නාසුලු නිසාත් බරින් වැඩි නිසාත් එවැනි ඉන්ධන අභ්‍යවකාශයෙහි බොහෝ දුරක් රැගෙන යෑම අනතුරුදායක මෙන්ම වියදම් අධික කාර්යයක් සේ සැලැකෙයි. ඉතා සුළු ඉඩ ප්‍රමාණයක, නැවත ඉන්ධන යෙදීමේ අවශ්‍යතාවක්ද නැතිව ගෙන යා හැකි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකයකින් ඉතා විශාල බලශක්ති ප්‍රමාණයකින් නිපදවා ගත හැකි බවද පර්යේෂකයෝ කියති.

Image result for current space

කිලෝ බලශක්තිය ක්‍රියාත්මක වන ආකාරය

නාසා ආයතනය අඟහරු ග්‍රහයා මත පා තබන ගගනගාමීන්ට එහිදී බලශක්තිය සපයාගතහැකි අතිශය විප්ලවීය න්‍යෂ්ටික ඇන්ජිමක් අත්හදා බැලීමෙහි යෙදී සිටී. එය “කිලෝ බලශක්තිය” යනුවෙන් හැඳින්වෙයි. තාපය නිපදවීම සඳහා ප්‍රමාණයෙන් වැසිකිළි කඩදාසි රෝලක් තරම් වන යුරේනියම් ප්‍රතික්‍රියා කාරකයක් එහි යොදා ගැනෙන අතර, අකර්මණ්‍ය සෝඩියම් තාප නළ ඔස්සේ බෙදා හරිනු ලබන එම තාපය අධි කාර්යක්‍ෂමතාවෙන් යුත් ස්ටර්ලිං ඇන්ජිමක් මඟින් විදුලිබලය බවට පරිවර්තනය කරනු ලැබේ.

විදුලි බලය නිපදවීම සඳහා ප්‍රත්‍යාවර්තකයකට (ඒතබඥපදචබධප) සම්බන්ධ කැරුණු පිස්ටනයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පීඩන ශක්තිය උපදවනු පිණිස ස්ටර්ලිං ඇන්ජිම විසින් තාපය යොදාගනු ලැබේ. එය එක් අතකින් මෝටර් රථ ඇන්ජිමක ක්‍රියාකාරිත්වයට සමානය. ස්ටර්ලිං ඇන්ජිමෙහි අඩංගු ඉන්ධනවල ප්‍රතික්‍රියාව, ඇන්ජිම ක්‍රියාත්මක වන තෙක්ම ඉතා මෘදු වීම, එහි ක්‍රියාකාරිත්වය ආරක්‍ෂා සහිත වීමට හේතු වෙයි. ගිනි ගන්නාසුලු හා පුපුරනසුලු ඉන්ධන අභ්‍යවකාශයෙහි බොහෝ දුරක් රැගෙන යෑමටද ඒ තත්ත්වය උපකාරී වෙයි.

Image result for current moon

පෘථිවියටත් චන්ද්‍රයාටත් ලැබෙනවාට වඩා බෙහෙවින් අඩු සූර්යාලෝකයක්ද, රාත්‍රි කාලයේ ඉතා අධික සීතලක්ද, මුළු ග්‍රහලෝකයම වැසී යන පරිදි හටගෙන සති ගණන් හෝ මාස ගණන් පවත්නා දූලි කුණාටුද සහිත අඟහරු මත පරිසරය අතිශයින් කටුක යැයි නාසා ආයතනයේ අභ්‍යවකාශ ගවේෂණ හා තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම පරිපාලක ස්ටීව්ජර්සික් පසුගිය ජනවාරියේදී කරන ලද සාර්ථක අත්හදා බැලීමකින් පසු ප්‍රකාශ කෙළේය.

කිලෝපවර් ප්‍රතික්‍රියාකාරකයේ සුසංගගතතාවත් හැඩිදැඩි ස්වභාවයත්, කිලෝවොට් සිය ගණනක විදුලිබලය නිපදවන ඒකක බොහෝ ගණනක් එක් අභ්‍යවකාශ යානයකින් අඟහරු මතට ගෙන යෑම ස¼දහා තමන්ට උපකාරී වන බවද ස්ටීව් වැඩිදුරටත් සඳහන් කෙළේය.

කිලෝපවර් ප්‍රතික්‍රියාකාරකය අභ්‍යවකාශගත කරන්නට කලින් නාසා ආයතනය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්‍ෂක පරිපාලන ආයතනය සමඟ අපේක්‍ෂිත කාර්යයේ ආරක්‍ෂාකාරී බව හා ශක්‍යතාව පිළිබඳ පර්යේෂණ පවත්වයි. ස්ටර්ලිං තාක්‍ෂණය උපයෝගි කර ගන්නා කිලෝපවර් ප්‍රතික්‍රියාකාරකය පිළිබඳ අත්හදා බැලීම් 2017 නොවැම්බරයේ සිට 2018 මාර්තු දක්වා කාලය තුළ නෙවාඩාහිදී සිදු කෙරිණි. මෙම ප්‍රතික්‍රියාකාරකය නාසා ආයතනය බලාපොරොත්තු වුණාටද වඩා ප්‍රබල බව මෙහිදී තහවුරු විය.

නාසා විද්‍යාඥයෝ ඊට අදාළ මූලික අත්හදා බැලීම සඳහා මුල්කාලීන ප්‍රතික්‍රියාකාරකයක් පැය 28ක කාලයක් තුළ රික්ත-කුටි පරීක්‍ෂණයට භාජන කළහ. මෙහිදී එම යාන්ත්‍රික පද්ධතිය පණ ගැන්වීම, වේගවත්ව ක්‍රියාත්මක කිරීම හා නතර කිරීම යන තුන් අවස්ථා පමණක් නොව ඇතිවිය හැකි උෟනතාද නිරීක්‍ෂණයට භාජන කෙරිණි.

තමන් මෙම ප්‍රතික්‍රියා කාරකය හැකි හැම ආකාරයකින්ම අත්හදා බැලීම්වලට භාජන කළ බවත් එහි ප්‍රතිඵල ඉතා විශිෂ්ට බවත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්‍ෂක පරිපාලන ආයතනයට අයත් ලොස් ඇලමස් ජාතික පර්යේෂණාගාරයේ ප්‍රධාන ප්‍රතික්‍රියාකාරක සැලසුම් ශිල්පී ඩේවිඩ් පොස්ටන් ප්‍රකාශ කෙළේය.

මෙම යාන්ත්‍රික පද්ධතිය, වැසිකිළි කඩදාසි රෝලක් තරම් වන යුරේනියම් 235 ප්‍රතික්‍රියාකාරකයකින් බල ගැන්වෙන අතර, තාපබල ශක්තිය අදාළ කිලෝවොට් ප්‍රමාණයෙන් තාප නළ ඔස්සේ අධිකාර්යක්‍ෂමතාවෙන් යුත් ස්ටර්ලිං ඇන්ජින් තුළට යැවෙයි. එහිදී තාපය විදුලිබලය බවට පරිවර්තනය කරනු ලැබේ.

අලුත් “න්‍යෂ්ටික – විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරකයක” (ව්ඥඹ ජ්ඪඵඵඪධද අඥචජබධප) න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කැරුණු ප්‍රථම අවස්ථාව මෙය බවත් වසර 40ක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපද සංකල්පයක්ව පැවැති මෙය, නාසා ආයතනයට හා අභ්‍යවකාශ ගමන්වලට පමණක් සීමා නොවන බවත් ඩේවිඩ් පොස්ටන් ප්‍රකාශ කරයි.

යාළුවන්ටත් බලන්න SHARE  කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top