දැනුම

ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම සෙබළෙකුට

ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ.

Image result for operation

ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිශ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මේ බද්ධකිරීම සඳහා යොදා ගැනිණි.

ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.

මාර්තු 26 වෙනිදා අවයව බද්ධය කෙරුණු අතර එකොළොස් දෙනෙකුගෙන් සැදුම් ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට ඒ සඳහා පැය 14 ට අධික කාලයක් ගතවිණි.

රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙන්ම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බව වෛද්‍යවරු පැවසූහ.

විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක, සිය නම හෙළි කිරීමට අකමැති අදාළ සෙබළා සඳහන් කර තිබුණේ “මුලින් මම අවදිවෙද්දී, මම ඉතාම සාමාන්‍යයි කියල දැනුණා” යනුවෙනි.

ඇෆ්ඝනිස්තානයේදී, සඟවා තිබු බෝම්බයක් මත පා තැබීම නිසා අදාළ සෙබළාට තුවාල සිදුවිය.

වැස්කියුලරයිස්ඩ් කොම්පොසිට් අල්ලොට්‍රාන්ස්ප්ලාන්ටේෂන් (vascularised composite allotransplantation) යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මෙවැනි සැත්කමකදී සම, අස්ථි, මාංශපේශී, ස්නායුබද්ධ හා රුධිර නාල යනාදී සියල්ල පද්ධති කිරීමේ ක්‍රියාදාමයක් ඇතුළත්වේ.

ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥයින් අපේක්ෂා කරන්නේ සැත්කමට ලක්වූ සෙබළා මාස හයත්, දොළහත් අතර පූර්ණ සුවය ලබනු ඇති බවටය.

මෞත්‍රලිංගික බද්ධකිරීම් වැඩසටහනේ සායනික අධ්‍යක්ෂ වෛද්‍ය රික් රෙඩිට් පැවසුවේ සෙබළා හොඳින් සුවය ලබන අතර මේ සතියේදී රෝහලෙන් පිටව යනු ඇති බවය.

මෙම වැඩසටහනේ එක් අදියරක් ලෙස ලිංගික අවයව බද්ධකිරීම් 60 ක් සඳහා විශ්වවිද්‍යාලයේ අනුමැතිය ලැබී ඇති බව වෛද්‍ය කණ්ඩායම පැවසූහ.

ඇමෙරිකාව තුළ පළමු ශිශ්න බද්ධය 2016 වසරේදී බොස්ටන්හි මැසචුසෙට්ස් මහා රෝහලේදී කෙරිණි.

ලොව ප්‍රථම සාර්ථක ශිශ්න බද්ධය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top