දැනුම

30 පැන්නම බලාගෙනයි

ඉන්දියානු දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව මිනිසාගේ ජීවිත කාලය ප්‍රධාන කොටස් තුනකට බෙදා තිබෙනවා. මින් වයස අවුරුදු 30 දක්වා කාලය තරුණ අවධිය ලෙසත්, වයස අවුරුදු 30 සිට 60 දක්වා කාලය හැඳින්වෙන්නේ මැදි විය ලෙසත්, වයස අවුරුදු 60 සිට 90 අතර කාලය වයෝවෘද්ධ අවධිය ලෙසත් හඳින්වෙනවා. මේ නිසා වයස අවුරුදු 30 කියන්නේ ඔබේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක්.

Image result for 30 YEARS OLD

තරුණ අවධියේදී ඔබේ ශරීරය හොඳින් වැඩෙනවා. මැදිවියේදී ඔබේ ශරීරය ක්‍රමයෙන් වයසට යෑම ආරම්භ වෙනවා. වයස අවරුදු 60 න් පස්සේ ඔබේ ශරීරය වයසයි. මේ නිසා අපි වයසට යෑම ආරම්භ වන්නේ වයස අවරුදු 30 දි. ඒ නිසා 30 පැනපු හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත රටාව ඔවුන් පා තබන නව අවධියට ගැලපෙන ලෙස වෙනස් කර ගත යුතුයි. ඒ සඳහා පහත උපදෙස් ඔබට උපාකාරී වේවි.

Image result for 30 YEARS OLD

සෘජුව හිරු එළිය වැටෙන ස්ථාන මගහරින්න. සැමවිටම කුඩයක් හෝ තොප්පියක් ලඟ තබා ගන්න.
අධික තුනපහ සහිත ආහාර අවම කරන්න.
කිරි හෝ කිරි සහිත ආහාර වැඩි කරන්න.

ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීම හා ග්‍රැස්ට්‍රයිටීස් තත්වයට මෙය ඉතා වැදගත්. දිනපතා ආහාරයට එළඟිතෙල් හැන්දක් එක් කර ගැනීමද ඉතාමත් හොඳයි. මෙය වයසට යාම අඩු කරවනවා.

කනගාටු වීම නවත්වන්න.

Image result for LONELY

 

දැන් ඔබේ ළමා කාලය ඉවරයි. ළදරු වැඩ කිරීම සඳහා ඔබේ දරුවාට කාලය ලබා දෙන්න. දැන් වැඩිහිටියන් ලෙස හිතලා ප්‍රශ්න ගැන හිත හිතා ඉන්නේ නැතිව ඒවාට සංවිධානාත්මකව මුහුණ දෙන්න.

වැඩිපුර තරහ ගන්න එපා.

වැඩිපුර තරහ ගන්න අය ඉක්මනට වයසට යනවා. ඔබට තරහ යන විට ඔබේ සිරුරේ සිදු වන වෙනස් වන හෝර්මෝන වෙනස් වීම් හෘර්දයාබාධ දක්වා දුර දිග යන්න පුළුවන්. නිතරම තරහා යනවා නම් තරහ පාලනය කරගන්න උපක්‍රම / උපදෙස් භාවිතා කරන්න.

වෙලාවට නිදාගන්න. වෙලාවට අවදි වන්න.

Related image

දවසේ වැඩ එදාම ඉවර කරන එක හොඳ පුරුද්දක්. ඒ වුනාට දැන් ඔබේ වයසට ඒක එතරම් ගැලපෙන්නේ නැහැ. රාත්‍රී 10 ට පමණ නිදාගෙන උදෑසන 5 ට පමණ අවදි වීම තමයි නිරෝගීම පුරුද්ද. රෑට කරන්න වැඩ ගොඩාක් ඉතිරි වෙලා තියෙනවා නම් නිදිමරන්නේ නැතිව ඒ වැඩ ටික හෙටට කල් දාන්න පුළුවන්නනම් උදෙන්ම අවදි වෙලා වැඩ ටික කරන්න.

තිත්ත ආහාර කෑම වේලට එකතු කරගන්න.

අපි කවුරුත් ටිකක් තිත්ත කෑම කන්න කැමති නෑ. හැබැයි මතක තියාගන්න වයස අවුරුදු 30 න් පස්සේ ඔබේ හොඳම මිතුරා තමයි තිත්ත කෑම. පැණිරස තමයි ඔබේ ලොකුම සතුරා.

කරිවිල, ගොටු කෙළ/ තෙබු වැනි පළා වර්ග වැඩි පුර ආහාරයට එකතු කරගන්න. නිවිති, දඹල වගේ වැඩිපුර ජනප්‍රිය නැති රසින් අඩු ආහාර තමයි ඔබේ ශරීරය මනාව පවත්වාගෙන යන්න උපකාරී වන්නේ. එළවළු තම්බලා කෑමත්, මුං ඇට වගේ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමත් මේ අතුරෙන් විශේෂයි. සීනි නොදා තේ බොන්න පුරුදු වන්න.

හොඳට මතක තියාගන්න කෑම වේලේ රස අඩු වන තරමට ඔබේ ආයුෂ වැඩි වෙනවා කියලා.

Image result for කරවිල බඩු

දිනපතා හිසට පොල් තෙල් හෝ වෙනත් ඖෂධීය තෙලක් එක් කරන්න.

හිස කෙස් වැටීම, හිස කෙස් සුදු වීම අවම කිරීම සඳහා මෙය ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම හිසෙහි උෂ්ණත්වය පාලනය කිරීමටත් මෙය උපකාරී වෙනවා. පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් හෝ ඖෂධීය අම්ලා (Amla) තෙල් මාරුවෙන් මාරුවට පාවිච්චි කිරීමත් වඩා හොඳයි.

දුම් බීම වහාම නවත්වන්න. මත් පැන් හැකිතාක් අඩු කරන්න.

Image result for CIGARAT

ඉහත පුරුදු දෙකම ඔබේ ශරීරයට නරක පුරුදු බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. හැබැයි තරුණ ශරීර වලට වගේ නොවෙයි තිහ පැනපු ඔබේ ශරීරයට ඉහත නරක පුරුදු දරා ගැනීමේ හැකියාව දැන් ඉතාමත් අඩුයි. මේ නිසා වයසට යත්ම සිදු වන හානියේ ප්‍රමාණයත් සීඝ්‍රයෙන් ඉහළ යනවා.

එක දිගට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න එපා.

ඉඳ හිට අතපය සොලවලා විනාඩියක් දෙකක් ඇවිදලා එන්න මතක තියාගන්න.

Related image

හොඳට මතක තියාගන්න දිගු වේලාවක් වාඩි වෙලා සිටීමෙන් ශරීරයට සිදුවෙන හානිය දුම් බීම නිසා ශරීරයට සිදුවන හානිය වගේම බරපතලයි. ඒ පුරුදු දෙකම හෘර්දයාබාධ වලට මුල පුරනවා.

උණු වතුර නාන එක නවත්වන්න.

ලෙඩ වෙලා හෝ නැතුවම බැරි වේලාවක හැර උණු වතුර නෑමෙන් වළකින්න. හොඳ සීතල වතුර ටිකක් නානවා වගේ සනීපයක් අපේ ශරීරයට තවත් නෑ. සීතල වැඩිම නම් ඇල්මැරුණු ජලය භාවිතා කරන්න. ගොඩාක් රස්නෙ වතුර ස්නානය කරන්න එපා.

මිදි සහ කජු වර්ග ආහාරයට එකතු කරගන්න.

වියළි මිදි ටිකක් වතුරෙ දාලා තියලා කන එකත් ගොඩාක් ගුණයි. තේ බොන්න සීනි වෙනුවට රට ඉඳි වගේ දෙයක් භාවිතා කරන්න.

වැඩ කරන අතරේ සෑම පැයකට වරක් වතුර කෝප්පයක් බොන්න.

වාඩි වෙලා එක දිගට වැඩ කරත් ඔබේ ශරීරයේ ජල මට්ටම නිතරම සමබරව පවත්වාගත යුතුයි. මේ නිසා රාජකාරී මේසය උඩ වීදුරු බෝතලයක වතුර ටිකක් තබා ගන්න. නිතරම පුරුදු වෙන්න මොකද වතුර බෝතලේ දැක්කාම ඔබට වතුර බොන්න මතක් වෙනවා.

සීනියි, ලුණුයි හැකිතාක් ඈත් කරන්න.

සීනි සහ ලුණු අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍යම සංඝටක දෙකක්. හැබැයි මේවා වැඩි වුනාම අපේ ශරීරය විනාශ කරවනවා. අපේ ආහාර වේල් වලින් අපි නොදැනුවත්වම අපේ ශරීරයට අවශ්‍ය සීනි සහ ලුණු ප්‍රමාණය ලැබෙනවා. අමතරව සීනි සහ ලුණු ලැබෙන ආහාර ගැන කල්පනා කරලා ඒවා වහාම නවත්වන්න. ලුණු සහ සීනි දැක්කම ඔබට මතක් වෙන්න ඕන ඒවා වස වගේ කියලා. එච්චරටම ඒවා භයානකයි.

උදෑසන අවදි වූ විගස හොඳට වතුර බොන්න.

Image result for DRINKS WATER

රාත්‍රී නින්දට ගිය පසු අපි අවදි වන තෙක්ම අපේ ශරීරයට ජලය ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි අවදි වන විට අපේ ශරීරය හරියට වේළුණු ගහක් වගේ. අවදි වූ විගස වතුර බොනවා කියන්නේ වේළුණු ගහක් බඳු වූ ඔබේ ශරීරයට හොඳට වතුර වක්කරනවා වගේ වටිනා ක්‍රියාවක්. වතුර බොන විට ඔබට දැනේවි ඔබේ ශරීරය ජලයෙන් තෙත්වී යන ආකාරය ඔබට කොතරම් සනීපද කියලා.

සීතල වතුර බොන්නේ නැතිව ටිකක් රස්නෙන් වතුර බොන එකත් ශරීරයට වඩා හොඳයි. වතුර බොන එක හොඳයි කියලා ශරීරයට දරා ගන්න බැරි තරමට වතුර බොන්න එපා. තමාගේ ශරීරයට ඇති කියලා හිතෙන තරම් වතුර බොන්න. උදෑසන හොඳින් වතුර බොන විට උදෑසන වැසිකිළි යාමත් ඉතාමත් පහසු වෙනවා. එයත් ඔබව දවස පුරා ප්‍රබෝධමත්ව තැබීමට මූලික හේතුවක්.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top