දැනුම

ධනවත් වෙන්න සාර්ථක වෙන්න හොඳ පුරුදු 10 ක්

01) හොඳ පුරුදු හදා ගන්න.

Image result for WATCHING TV

අප හැමෝම ගාව හොඳ පුරුදු නරක පුරුදු යන දෙවර්ගයම තියෙනවා. යම් කෙනෙක් සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ එම පුද්ගලයා තුළ ඇති දෛනික පුරුදු. සාර්ථක පුද්ගලයන් තුළ හොඳ පුරුදු ගොඩක් ඇති නමුත් නරක පුරුදු තියෙන්නේ ඉතාම ටිකයි. ඔබ තුළ ඇති නරක පුරුදු කල්පනා කර ඒවා ඔබගේ සාර්ථකත්වය වලක්වන බව ඔබට තේරුම් ගත හැකි නම් සාර්ථකත්වය කරා ගමන් කිරීමේ පළමු පියවර වන්නේද එයයි.

කොළයක් අරගෙන පහත දක්වා ඇති පරිදි ඔබේ නරක පුරුදු ලියා ඒවා හොඳ පුරුදු බවට පරිවර්ථනය කර ගත හැකි ආකාරයද ලියන්න.

නරක පුරුදු

මම ගොඩක් ටීවී බලනවා
මට කාගෙවත් නම් මතක තියෙන්නෑ
දවල්ට කෑවම මම හවසට නිදාගන්නවා

හොඳ පුරුදු

මම ටීවී බලන්නේ දවසකට උපරිම වශයෙන් පැයයි.
මම වැදගත් අයගේ නම් කොළයක ලියාගෙන මතක තියාගන්නවා.
මම හවසට නිදාගන්නෙ ඉරිදා විතරමයි.
දින 30 යන තෙක් දිනපතාම ඉහත ලැයිස්තුව බලමින් එය ඔබ තුළ හොඳ පුරුදු ඇති කර ගැනීමේ මාර්ගෝපදේශකය කරගන්න. ප්‍රතිඵල ඔබව පුදුමයට පත් කරවාවි.

02) දිනපතා අරමුණු ගොඩ නගා ගන්න

Image result for TARGET DREAM

සාර්ථක පුද්ගලයන් යනු අරමුණු පසුපස හඹායන පිරිසක්. ඔවුන් නිතරම විවිධ අරමුණු සහ ඉලක්ක ගොඩනගා ගන්නවා. සාර්ථක අය සෑම විටම අද දවස සැලසුම් කරන්නේ පෙරදින රාත්‍රියේ. ඔවුන් මේ සඳහා To do list කියලා වැඩ ලැයිස්තුවක් හදාගන්නවා. එම ලැයිස්තුව චූටි කඩදාසියක, ඩයරියක හෝ තමන්ගෙ ලැප්ටොප් එකේ හෝ තමන්ගෙ ෆෝන් එකේ සාදාගන්න පුළුවන්. සාර්ථකත්වය හඹායන මිනිසුන් ගොඩාක් දුර ඈත ගැන කල්පනා කරනවා.

ඔවුන් තමන්ගේ අරමුණු දෛනික වශයෙන් සතිපතා, මාසිකව, වාර්ශිකව ලෙස විවිධ කාණ්ඩවලට වෙන්කර ගොඩනගා ගන්නවා. අරමුණු හදනවා විතරක් නෙමෙයි ඒ අරමුණු වලට ළඟාවෙන්න පුළුවන් සැලැස්මක්ද ඔවුන් හදාගන්නවා.

03) තමන්ගේ හැකියාවන් දිනපතා වර්ධනය කරන්න.

Image result for WORK

 

සාර්ථක මිනිසුන් සැම විටම උත්සාහ කරන්නේ තමන්ගේ කුමන හෝ හැකියාවක් වරධනය කරගන්න. ඔවුන් තමා නිරත වී සිටින වෘත්තියට අදාළව ශිෂ්‍යයන් වගේ දිනපතාම පොත් කියවනවා. සෑම දවසකම අවසානයේදී ඔවුන් තුළ ඇති දැනුම සහ හැකියාවන් පෙර දිනයට වඩා වැඩි දියුණු කරගන්නවා. සාර්ථක මිනිසුන් කවදාවත්ම ඔවුන්ගේ අරමුණු වලට ළඟා විය නොහැකි කිසිඳු ක්‍රියාකාරකමක් වෙනුවෙන් තම කාලය වැය කරන්නේ නැහැ.

වෙනස් වන ලෝකයේ දිනපතාම දැනුම වර්ධනය කරගන්න අයට පමණයි දොරටු විවෘත වෙන්නෙ කියලා හොඳට මතක තියාගන්න.

04) දිනපතාම මුදල් ඉතිරි කරන්න.

Image result for MONEY

“අතේ තියෙන සල්ලි වලට මොනව වෙනවද දන්නේ නෑ. ” ඔබත් මෙහෙම මැසිවිලි නගා තිබෙනවා නේද. මේක සත්‍යක්. සේරම වියදම් ටික කරලා සල්ලි ඉතිරි කරන්න ගියොත් කවදාවත් ඉතිරි කරන්න වෙන්නෙ නෑ. මේ හින්දා වියදම් කරන්න කලින් කීයක්හරි ඉතුරු කරන්න පුරුදු වෙන්න.

සාර්ථක මිනිස්සු තමාගේ අදායමෙන් 10% ක් – 20% ක් අතර ප්‍රමාණයක් අනිවාර්යෙන් ඉතිරි කරනවා. ඉතිරි කරනවා කියලා බැංකුවෙ දාන්නම ඕනම නෑ. අවදානම් අඩු හොඳ ආයෝජන ක්‍රම වලට මුදල් යෙදවීමත් ගොඩාක් සාර්ථකයි. ඔබ හම්බකරන සල්ලි තව සල්ලි හම්බකරන්න පුළුවන් ක්‍රම වල යෙදවීමත් ගොඩාක් සාර්ථකයි.

දැන් නිකමට හිතලා බලන්න පසුගිය මාසේ ඔබේ ආදායමෙන් කීයක් ඉතුරු කරලා තියෙනවද කියලා.

05) ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව දිනපතාම අවධානය යොමු කරන්න.

Image result for run exercise

දිනපතාම නිවරදි ආහාර ගැනීම සහ ව්‍යායාම කිරීමට වෙහෙසීම සාර්ථක මිනිසුන් තුළ වැදගත්ම ලක්ෂණයි. ඔබ රෝගී නොවන අයුරින් ඔබේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාම, දිනපතාම කෙටි වේලාවක් ව්‍යායාම සඳහා වෙන් කිරීම, ඔබේ ශරීරයට ජවයක් ලබා දී වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට ඔබට උපකාරී වෙනවා. දිනපතාම නාන එක ඔබේ පුරුද්දක් නම් දිනපතාම පොඩ්ඩක් ව්‍යායාම කිරීමත් ඒවාගේම සරල පුරුද්දක් බවට පත් කරගන්න එක අමාරු නැහැ නේද?

06) සමාජ සම්බන්ධතා නිතරම වර්ධනය කරගන්න.

Image result for FRIEND

යම් කිසි අයෙක් සාර්ථක මිනිසෙක්ද ඔහු නිතරම අනිත් මිනිසුන් ගැන විශාල අවධානයක් යොමු කරන මිනිසෙක්. ඔවුන් දිනපතා තම කාලයෙන් කොටසක් වැය කරනවා, දිගු කල් පවතින නව මිතුරුදම් හදාගැනීමටත්, ඇති කරගෙන ඇති සමාජ සම්බන්ධතා තව දුරටත් වැඩි කරගැනීමටත්, මෙයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Networking කියලා.

දිනපතා තම මිතුරන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට Call කරල ඔවුන් එක්ක විනාඩියක් පමණ කතා කරන්න වෙන්කර ගන්න. ඔබට කල හැකි මොනවහරි උදව්වක් ඔවුන්ට අවශ්‍ය නම් කිසිඳු ප්‍රතිලාභයක් ගැන හිතන්නෙ නැතුව තමාට හැකි උපරිමෙන් ඒ උදව්ව කරන්න‍. ඔබට උදව්වක් ඕන වෙලාවට ඒ මිනිස්සු ඒ මිනිස්සු උදව් කරන්නෙ අන්න එතකොට.

මේ ලෝකෙ ලස්සනම වචනය මොකද්ද ඒ ඔබේ නම නේද. අපි කවුරුත් අහන්න කැමති ලස්සනම වචනය තමයි නම. කාටහරි ඔබේ නම මතක තියේනම් ඔබට එය කෙතරම් සතුටක් ඇති කරනවාද? මේ නිසා අද ඉඳලවත් ඔබ ආශ්‍රය කරන අයගේ නම් මතක තියාගෙන ඔවුන්ට ඔවුන්ගේ නමින්ම ආමන්ත්‍රණය කරන්න උත්සහ කරන්න.

07) නිතරම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න.

Image result for FRIEND

ජීවිතය සමබර කරගන්න පුළුවන් හොඳම විධිය තමයි සෑම ක්‍රියාකාරකමක්ම අඩුත් නැති වැඩිත් නැති ක්‍රියාකාරකමක් ලෙස කිරීමයි. ආහාර ගැනීම, කාර්යාලයේ වැඩ කිරීම, ටීවී බැලීම, අන්තර්ජාලය භාවිතා කිරීම, නිදා ගැනීම වැනි පුරුදු සෑම දෙයක්ම ඔබ කරන්නේ අඩුත් නැති වැඩිත් නැති ඔබගේ තත්වයට ගැලපෙන ලෙස බවට වග බලාගන්න. ඒ වගේ මිනිස්සු සාර්ථක වෙනවා. ඒ වගේ මිනිස්සු අවට ගැවසෙන්න අනිත් අයත් කැමතියි.

08) අද වැඩ අදම ඉවර කරලා දාන්න.

Image result for WORK

අද ඔබට ඉවර කරන්න පුළුවන් වැඩ කවදාවත් හෙටට කල්දාන්න එපා හුඟක් අය වැඩ කල්දාන්නෙ තමා තුළ ඒ පිළිබඳ ඇති බිය නිසා. එවැනි බිය හැමෝටම තියෙනවා. නමුත් සාර්ථකත්වය කියන්නේ ඒ බය පරාජය කිරීමයි. සාර්ථක මිනිසුන් මොන ප්‍රශ්න තිබුණත් කරන්න ඕන වැඩේ ඉවර කරලම තමයි ආයෙත් පස්ස බලන්නෙ.

“අදම කරන්න” “අදම කරන්න” වැනි වදන් දවසට 100 සැරයක් හරි කමක්නෑ තම මනසින් මුමුණමින් සිටීම අපිට වැඩ කරන්න දෛර්ය ලබා දෙන බවයි මනෝ විද්‍යාඥයින් පවසන්නේ.

09) නිරතුරුවම සුබවාදී දැක්මකින් සිටින්න.

Image result for WORK

මුලින්ම ඔබ හොඳින් හඳුනන වඩාත් සාර්ථක කෙනෙක් ගැන හිතල බලන්න. ඔහු සුබවාදීද? අසුබවාදීද? මේ ලෝකයේ ඉන්න හැම සාර්ථක පුද්ගලයෙක් වගේම ඔහු ඉතාම සුබවාදී ජීවිතය උපරිමෙන් විඳින, මනා ජවයෙන් පිරුණු, ඉතා සතුටින් සිටින අයෙකු විය යුතුයි.

සෑම සාර්ථක මිනිසෙක්ම අපට මේ ආකාරයෙන් පෙනෙන්නේ සාර්ථක මිනිස්සු දන්නවා තමා තුලත් අන් අය කෙරෙහිත් සුබවාදී දේ පමණක් දැකීමට හුරු වීම කෙතරම් වැදගත්ද යන බව. මෙවැනි පුද්ගලයන්ට ඔවුන්ට තිබෙන ගැටළු, ජය ගැනීමට තිබෙන තවත් එක අභියෝගයක් ලබා දෙන අවස්ථාවක් පමණයි. මේ නිසා ඔවුන් ගැටළු දෙස බලන්නේද සුබවාදීව හා සතුටින්.

ඔබට සුබවාදීව ඉන්න අවශ්‍ය නම් මුලින්ම නරක ප්‍රවෘත්ති, විනාශකාරී රූපවාහිනී වැඩසටහන් බලන එක නතරකරලා දාන්න. අද රූපවාහිනිය දැම්මොත් පෙන්නන්නෙ විනාශකාරී අපරාධ ගැන පුවත් එහෙම නැත්නම් පවුල් ප්‍රශ්න තියෙන ටෙලිනාට්‍ය. රූපවාහිනී නැරඹීමට ඔබ නාස්ති කරන කාලය අඩුම තරමෙ සුබවාදී සතුටු දෙයක් වෙනුවෙන් වෙන් කරගන්න.

තමා වටා ඉන්න පසුගාමී මිනිසුන් ඕපාදූප කාරයන්ගෙන් හැකිතාක් ඈත් වන්න.

10) ස්වයංවාරණ ඇති කරන සිතුවිලි ප්‍රතික්ෂේප කිරීම.

Image result for WORK

සාර්ථක මිනිසුන්ගෙ තියෙන අපූරු දෙයක් තමයි ඔවුන් තමාගේම සිතුවිලි හා හැඟීම් වලට එරෙහිව තමාම විධාන ලබාදීම. හිතට නරක සිතුවිල්ලක් ආව ගමන් එහෙම නැත්නම් තමාගේ සාර්ථකත්වයට බාධා කරන හැඟීමක් ආව ගමන් ඔවුන් වහාම තමාටම විධාන කරනවා ඒ සිතුවිල්ල අයින් කරන්න කියලා. මේ විධියට තමා තමා සමඟම කතා කරමින් තම දියුණුවට උත්සාහ කිරීම තුළ පුදුමාකාර බලයක් සැඟවී ඇති බව මනෝ විද්‍යාඥයින් පවසනවා.

දිනකට එක වරක් හෝ මේ අකාරයෙන් තමා තමාටම විධාන ලබාදෙමින් නරක සිතුවිලි බැහැර කරන පුද්ගලයන්ගෙන් වැරදි සිද්ධ වෙනවා අඩුයි.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top