ප්‍රෝටීන අඩංගු අනිකුත් මාංශ ආහාරවලට අනුව බලන විට ඉතා අඩු මුදලක් වැය කර මිලට ගත හැකි සුපිරි ප්‍රෝටීන ආහාරයක් වන්නේ බිත්තරය. මෙහි අඩංගු අසීමිත වූ පෝෂණ ගුණය පිළිබඳව Health visitor සඟරාවේ මෙසේ විස්තර දක්වා තිබුණි.

ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකර බිත්තර

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සෙලෙනියම් පෝෂකය බිත්තරවල යහමින් අඩංගුය. පුද්ගලයෙකුගේ දෛනික සෙලෙනියම් අවශ්‍යතාවයෙන් සියයට විසි දෙකක්ම බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ලබාගන්න පු`ඵවන්.තයිරොයිඞ් ග්‍රන්ථි වල කි්රයාකාරීත්වයටත් මේ පෝෂකය ඉතාම අවශ්‍යයි.
බිත්තර වල තිබෙන මේ ප්‍රතිශක්තිකරණ පෝෂකය නිසා වෛරස් හා විවිධ ආසාදන වලින් ඔබේ සිරුර ආරක්ෂා කරනවා.ඒ වගේම තමයි බී විටමින් සංකීර්ණයක් ලෙස සැලකෙන රයිබොප්ලෙවින් බිත්තරවල විශාල වශයෙන් අඩංගුය.රයිබොප්ලෙවින් මගින් අප දෛනිකව අනුභව කරන ආහාර ශක්තිය බවට පරිවර්තනය කරමින් ශරීර ක්‍රියාකාරීත්වයට විශාල ජවයක් එක් කරනවා.
කුසගින්න පාලනය කරන බිත්තර

ප්‍රෝටීන් බහුල ආහාර වලින් සිදුවන තවත් වාසියක් තමයි අඩු ආහාර ප්‍රමාණයකින් කුසගින්න සමනය වීම. ඔබ කිසියම් වේලකට බිත්තර සහිත ආහාර ගත්විට යළි කුසගින්න ඇතිවෙන්නේ වෙනදාට වඩා ප්‍රමාද වෙලා.මෙහිදී බිත්තර වලට ප්රමුඛ තැන හිමිවන බව පෝෂණවේදීන්ගේ අදහසයි. උදෑසනට බිත්තරයක් සහිත බත්වේලක් තම්බපු බිත්තර හෝ ඔම්ලට් සමග පාන් පෙත්තක් දෙකක් ආහාරයට ගෙන මෙහි ඇත්ත නැත්ත ඔබටම පරීක්ෂා කර බලන්න පුඵවන්.
කන්තෝරු යන සැමියාට පාසැල් කාලයෙන් පසු සවස පංති වලට සහභාගිවන දරුවාගේ බත් මුලට බොහෝ බිරින්දෑවරුන්, මව්වරුන් බිත්තරයක් එකතු කරන්නේ ඉන් කුසගින්න යළි ඇතිවීම පමා වෙන බව නොදැන වුණත් ඉන් සිදුවන යහපත ගැන දැන් ඔබට සිතාගත හැකියි නේද? යුරෝපීය ජාතීන් බහුලව බිත්තර තම දෛනික ආහාර වේලට එකතු කරගන්නේ මේ යහපෝෂණ ගුණය ගැන ඔවුන් හො`දින් අවබෝධකරගෙන තිබෙන නිසයි.
මොළයේ ස්නායු කි‍්‍රයාකාරීත්වයට යහපත්

මොළයේ ස්නායු කි්රයාකාරිත්වයේ යහපතට හේතුවන කෝලින් නම් රසායනිකය බිත්තරවල අඩංගුයි. ඒ වගේම තමයි කෝලින් ඌනතාවයක් සිරුරේ ඇත්නම් එම පුද්ගලයාගේ ප්‍රජනන හැකියාවත් දුර්වල වන බව නවීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.මේ අනුව ස්නායුගත ආබාධවලින් මිදෙන්නනම් බිත්තර ආහාරයට ගැනීම ඉතාම යහපත්.
ඇමයිනෝ අම්ලවල අවශ්‍යතාවය පිරිමහන හොදම ආහාරය බිත්තරයි
![]()
මිනිස් සිරුරේ නිරෝගී පැවැත්මට ඇමයිනෝ අම්ල ආකාර විස්සක් අවශ්‍යයි.මේ අතරින් ඇමයිනෝ අම්ල ආකාර එකොළහක් අපේ ශරීරය තුළ ස්වාභාවිකවම නිපදවෙනවා. ඔබ විශ්වාස නොකරන්න පු`ඵවන්. එහෙත් පර්යේෂණ මගින් තහවුරු වී තිබෙන්නේ අප පිටින් ලබා ගත යුතු ඉතිරි ඇමයිනෝ අම්ල ආකාර නමයම දෛනිකව බිත්තර ආහාරයක් ගැනීමෙන් ලබාගත හැකි බවයි.
ඔබ දන්නවාද? පිටතින් ලබාගත යුතු ඇමයිනෝ අම්ල ඌනතාවය මගින් අපේ සිරුරේ මාංශ පේශී ක්ෂයවීමත් ,ශක්තිය දුර්වල වීමත්, ඉක්මනින් විඩාව දැනීමත් ඉතාම පහසුවෙන් ලෙඩරෝගවලට භාජනය වීමත් සිදුවෙනවා. මේ තත්ත්වය වළක්වන්නට බිත්තර සමත්.
විටමින් ඞී අඩංගු හොදම ආහාරයක්
විටමින් ඞී කියන්නේ ශරීරයේ අස්ථි හා දත් වල යහපැවැත්මට අත්‍යවශ්‍ය විටමිනයක්. උදෑසන 6-8 ත් අතර හිරු එළියේ විටමින් ඞී බහුලයි.මේ ස්වාභාවික ක්‍රමය හැරුණු විට අලූත් එළවඵ පලතුරු පළාවර්ග ඇසුරෙන්ද විමටින් ඞී ලැබිය හැකි වුණත් බිත්තරයකින් විමටින් ඞී සපයා ගැනීම වඩාත් පහසුයි.
කහමදයෙන් ලැබෙන ගුණය

බිත්තර කහ මදයේ Lutein හා zeaxanthin නම් සුවිශේෂී රසායන වර්ග අඩංගුය.මේ සුවිශේෂී රසායන වර්ග අපේ ඇස්වල නිරෝගී බවට විශාල දායකත්වයක් ලබාදෙනවා. තිමිරය හෙවත් ඇසේ සුද ඇතිවීම වැළැක්වීමේ විශේෂ හැකියාවක් මේ රසායන වල අඩංගුයි.
ස්නායු ක්‍රියාකාරීත්වයට යහපත්බිත්තරවල බී 5 හා බී 12 යන විටමින් බී සංකීර්ණද අඩංගුයි.ස්නායු පද්ධතියේ යහපැවැත්මට එම පෝෂක ඉතාම යහපත් ලෙස ක්‍රියාකරනවා. ස්නායු පද්ධතිය වගේම සම,ඇස්,අක්මාව ආදී අවයව වල නිරෝගීකමටද මේ පෝෂක අත්‍යවශ්‍යයි.
විවිධ ආකාරයෙන් බිත්තර අපේ ආහාර වේලට එක්කර ගන්න පුඵවන්. තම්බපු බිත්තර, සලාද, ඔම්ලට්, ආදී ඕනෑම ආකාරයකට ඔබට බිත්තර ආහාරයට එක්කර ගත හැකිය. කුඩාම දරුවාගේ සිට මහල්ලා දක්වා පෝෂණ ආකරයක් ලෙස ක්‍රියාකරන බිත්තර කය වෙහෙසා ශ්‍රමය වැයකරන පුද්ගලයෙකුගේ නැතිවී යන ශක්තිය ඉක්මණින් ලබාගත හැකි හොදම මගක්.
Health Visitor ඇසුරිනි
හැමෝම නොදන්න තව පුංචි දෙයක් කියන්නම් හැමෝම වගේ හිතන් ඉන්නෙ සෑම බිත්තරයකටම පැටියෙක් ඉන්නවා කියලා.ඇත්තටම ඒක නොදන්නා කමට හිතන් ඉන්න දෙයක්.බිත්තරයක ජීවියෙක් හට ගැනීමට නම් සංසේචනයක් සිදුවිය යුතුමයි.බිත්තර යනු කිකිලියගේ ඩිම්බයි.කුකුලෙක් සමග සංසේචනයක් සිදුවුනොතින් පමණයි බිත්තරයකින් පැටවෙක් බිහි වන්නේ.
ඔබට විශ්වාස කිරීමට අපහසු නම් වෛද්‍ය වරයෙක්ගෙන් විමසන්න.නැත්නම් කිකිලියක් තනියම කූඩුවක තබන්න කිකිලිය බිත්තර දමනු ඇත නමුත් ඉන් පැටවුන් බිහි නොවනු ඇත.ගැහැණියගේ ඔසප් චක්‍රයේදී ඩිම්බ මෝචනය වන බව ඔබ දන්නවා ඇති.කිකිලියගේද එසේමය.ගැහැණුන් මෙන් නොව කිකිලියගේ ඩිම්බය එලියට එන්නෙ බිත්තරයක් ලෙසය.පැටියා බිහිවන්නේද බිත්තරයකින්ය.එහි පැටියෙකුට ජීවත් වීමට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ත අඩංගුය.නමුත් සංසේචනයක් සිදු නොවුනේ නම් අජීවි පෝෂ්‍ය ගුණයෙන් ඉහල දෙයකි බිත්තර.
යාළුවන්ටත් බලන්න SHARE කරන්න