දැනුම

ඔබ අනිවාර්යෙන් දැන සිටිය යුතු මනෝ විද්‍යානුකූල කරුණු කිහිපයක්

ඔබ ඉතාමත් සුවදායක නින්දක් ලැබූ බවට සිතා ඔබ ඔබවම රවටා ගැනීමෙන් ඔබේ මොළයද ඔබ සුවදායක නින්දක් ලැබූ බවට උපකල්පනය කර ඉතාමත් ජවයකින් යුතුව ක්‍රියා කරවීමට හේතු වේ. මෙය මනෝ විද්‍යාවේ හැඳින්වෙන්නේ Placebo Sleep  ලෙසයි.

Image result for Psychology

මුදල් වලට සතුට මිලදී ගත හැකියි. නමුත් එය මාසෙකට රුපියල් 75,000 දක්වා උපරිමයකට පමණයි. එතනින් එහාට මුදල් සෙවීමට යන විට ඔබට ලැබෙන්නේ සතුටක් නෙමෙයි දුකක්.

Related image

ඔබ ලෝකය දෙස දකින ආකාරය වෙනස් කිරීමට හැකියාවක් ඔබ සවන් දෙන සංගීතයට තියෙනවා. මේ නිසා ඔබ සවන් දෙන සංගීතය පිළිබඳ කල්පනාකාරී වන්න.

Image result for music listening

ඔබ ඔබේ අරමුණු සහ ඉලක්කයන් ප්‍රසිද්ධියේ අන් අයට ප්‍රකාශයට පත් කලොත් ඔබට එම අරමුණු සහ ඉලක්කයන් ඔස්සේ සාර්ථක වීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. මේ නිසා අරමුණු සහ ඉලක්කයන් කාටවත් කියන්න එපා.

අන් අය වෙනුවෙන් කැප වෙන තරමටම අප සතුටින් ඉන්නවා. මේ නිසා නිවාඩු තියෙන හැම වෙලාවෙම කාට හරි උදව් කරන්න.

ඔබ යම්කිසි අතීත සිදුවීමක් මතක් කරන විට ඔබට මතක් වන්නේ ඔබ සිදුවීම මීට පෙර අවසාන වරට මතක් කල මෙහොතේදී එය ඔබට මතක තිබූ ආකාරයයි. මතකයන් කල් යත්ම ක්‍රමයෙන් බොඳවී යන්නේ මේ නිසයි.

ඔබ කැමති ගීත සැමවිටම ඔබට ඉතාමත් සමීප හැඟීම්බර මොහොතක් හා එකිනෙක සම්බන්දවී තිබෙනවා.

ඔබ සතු මුදල් යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීම වෙනුවට යම් කිසි අත්දැකීමක් මිලදී ගැනීමට වැය කරයි නම් එය ඔබ වඩාත් සතුටට පත් කරනවා. මෙයට හේතුව ඔබ වියදම් කර ලබා ගන්නා අත්දැකීමෙන් ඔබේ මනසට මතකයන් රාශියක් එක් කිරීමයි.

බොහෝ ආගමානුකූල චාරිත්‍ර සහ වතාවත් ඔබේ මානසික ආතතිය අඩු කිරීමට හේතු වෙනවා.

Image result for buddhist people

දක්ෂ බුද්ධිමත් මිනිසුන් සැම විටම ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව අවතක්සේරුවකින් සිටින්නේ. මේනිසා ඔවුන් නව දැනුම සොයා යාමට පෙළඹෙනවා. තමන්ට වඩා දන්න කෙනෙක් නෑ කියල හිතන් ඉන්නේ මෝඩ අහංකාර අය. මෙය මනෝ විද්‍යාවේ හැඳින්වෙන්නේ Gunning Kruger effect ලෙසයි.

ලෝකයේ මානසික ආතතිය වැඩියෙන්ම දැනෙන්නේ අවුරුදු 18 – 33 ත් අතර අයටයි.

ඔබට ඔබගේ මව් භාෂාව නොවන වෙනත් භාෂාවකින් හිතා තීරණ ගත හැකි නම් එම තීරණ වඩාත් තර්කානුකූල හා බුද්ධිමත් ඒවා වෙනවා. මීට හේතුව ඔබ ඔබේ මව් භාෂාව නොවන වෙනත් භාෂාවකින් හිතන විට, ඔබ අළුත්ම පුද්ගලයකු ලෙස ගැටළුව දෙස බාහිර පුද්ගලයෙක් දකින ආකාරයට දැකීමට පෙළඹීමයි.

සතුටින් සිටින මිනිසුන් සමඟ සිටීමත් ඔබද සතුටින් සිටීමට හේතුවක්.

වර්තමානයේ ජීවත් වෙන පොඩි ළමයිගේ හැසිරීම 1950 දශකයේ මානසික රෝග වාට්ටුවක සිටි මානසික රෝගියෙකුගේ හැසිරීමටත් වඩා කලබලකාරී ආවේගශිලී ස්වභාවයෙන් හැසිරෙනවා. මීට හේතුව දිනෙන් දින සමාජයේ ඉහළ යන මානසික ආතතිය සහ කුඩා දරුවන්ගේ මනස විවිධ තාක්ෂණික ක්‍රම වලින් අපයෝජනය වී තිබීමයි. වර්තමාන ලෝකයේ ජනතාවගෙන් 50% ක්ම විශාදය ආතතිය හෝ කුමන හෝ අපයෝජනයකින් පීඩා විඳිනවා.

හඬන ළදරුවෙක් මවගේ පපුවේ වම් පසට තබා ගත් ගමන් ඉක්මනින්ම නැවතෙනවා. මීට හේතුව ළදරුවා මවගේ හෘද ස්පන්දන රිද්මයට දක්වන රුචිකත්වයයි. මව් කුසේ සිටියදී මාස ගණනාවක් පුරාවටම ළදරුවා හුරු වන්නේ මවගේ හෘද ස්පන්දන රිද්මයට සවන්දීමටයි.

මේ නිසා මනුෂ්‍යයෙක් උපන්දා සිට මැරෙන තෙක්ම හෘද ස්පන්දන රිද්මයට සමාන රිද්මයන්ට ප්‍රබල රුචිකත්වයක් දක්වනවා. ළදරුවෙක් නෙමෙයි වැඩිහිටියෙක් වුනත් තොටිල්ලක දමා පද්දන විට ඉක්මනින් නිදා ගන්නේ මේ හේතුව නිසයි. සංගීතයේදී Bass ශබ්ද සහිත රිද්ම නිපදවී ඇත්තේ ද හෘද ස්පන්දන රිද්ම වැනි රිද්ම වලට මිනිසා මේ දක්වන රුචිකත්වය නිසාය.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top