දැනුම

ඔබට ලැබී ඇත්තේ ඔබේ සැබෑ ආදරවන්තයා හෝ සැබෑ ආදරවන්තියද?

ඔහු හෝ ඇය ඔබව සෑම විටම පුදුමයට පත් කරනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි. ඒ එවිට ඔබේ මුහුණේ සිනාව දකින්න තියෙන ආසාවට. ඔහුට හෝ ඇයට ඔබ දෙස බලන බැල්මෙන් වුවත් ඔබේ මුහුණේ සිනාවක් නැංවිය හැකියි.
ඔහු හෝ ඇය ඔබ කතා කරන විට ඔබට හොඳින් සවන් දෙනවා. අකමැත්තෙන්වත්, ඕනෑවට එපාවටවත් නොමෙයි ඇත්තටම සවන් දෙනවා.

Image result for love couple

ඔහු හෝ ඇය ඔබ ළඟ නොමැති විට ඔබට පුදුමාකාර පාළුවක් දුකක් දැනෙනවා.

ඔබට ඔහු හෝ ඇය සමඟ ඔබේ අනාගතය හොඳින් පෙනෙනවා.

Image result for love couple

ඔබට අවංකවම ඔහු හෝ ඇය ඔබගේ ජීවිතයේ සිටීම ඉතාම වැදගත්.

ඔබ ඔහුට හෝ ඇයට ආදරය කරන්නේ ඔබගේ ආදරවන්තයාම විදියට නොමෙයි. පුද්ගලයෙකු වශයෙනුත් ඔබ ඔහුට හෝ ඇයට ගොඩාක් කැමතියි.

ඔබ දෙදෙනාගේම ආසාවන් හා අරමුණු බොහෝ වෙලාවට එක හා සමානයි.

ඔහු හෝ ඇය ඔබට නිතරම ඔබ නොදන්නා අළුත් දේවල් කියලා දෙනවා.

Related image

ඔහු හෝ ඇය නිතරම ඔබේ යහපත, ඔබ වෙනුවෙන් හොඳම දේ ප්‍රාර්ථනා කරනවා.

ඔබ මානසිකව වැටෙන සෑම මොහොතකම ඔහු හෝ ඇය ඔබව ඔසවා තබනවා.

ඔබට උදව්වක් අවශ්‍ය වෙන ඕනෑම වේලාවක ඔහු හෝ ඇය කවදාවත් මග හැරලා යන්නේ නෑ.

ඔහු හෝ ඇය නිතරම ඔබව අගය කරනවා. එහෙම කරන්න කියලා බල කරන්න ඔබට උවමනාවක් ඇති වන්නේ නෑ.

ඔබේ පවුලේ අයත් එක්ක ඔහු හෝ ඇය ඉතාමත් හොඳින් ආශ්‍රය කරනවා. හොඳට ගැලපෙනවා.

ඔහු හෝ ඇය ඔබට ලබා දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම රකිනවා.

ඔබේ යාළුවො ඔබ ඔහු හා ඇය සමඟ සිටිනවාට ගොඩාක් සතුටුයි.

ඔහුගේ හෝ ඇයගේ සමහර හිතුවක්කාර වැඩ ඔබේ මනසට ටිකක් වද දෙනවා තමයි. නමුත් ඒවා ඔබ දෙදෙනාගේ සම්බන්ධයට ගැටළුවක් නොවන බව ඔබට විශ්වාසයි.

Image result for love couple

ඔහු හෝ ඇය කවදාවත් ඔබව විවේචනය කරන විට නපුරු හිත රිදවන විවේචන කරන්නේ නෑ.

ඔබගේ බාහිර පෙනුම පිළිබඳව ඔහු හෝ ඇය කවදාවත් වැරදි කියන්නේ නැහැ.

ඔහු හෝ ඇය නිතරම දකින්නේ ඔබගේ ලස්සන විතරයි.

ඔබගේ දවස කොතරම් නරක දවසක් වුනත්, ඔබට ඔහු හෝ ඇය සමඟ ඒ පිළිබඳව කතා කරන්න පුළුවන් නේද කියලා මතක් වෙන කොටත් ඔබට දැනෙන්නේ පුදුමාකාර සැනසිල්ලක්.

ඔහු හෝ ඇය ඔබට පුදුමාකාර විදියට අවංකයි. ඔබත් ඒ විදියට අවංකව සිටියි කියලා ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙනවා.

ඔබ මේ ලිපිය කියවන විට යම් කෙනෙක් ගැන හිතනවාද අන්න ඒකත් හොඳ ලක්ෂණයක්

යාළුවන්ටත් කියවන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top