ලෝකය

ප්‍ර‍භාසංස්ලේෂණය සිදුකළ හැකි පළමු කෘත්‍රිම ශාක පත්‍ර‍ය නිපදවයි.

කෘත්‍රිම පත්‍ර‍යක් ජලය සහ හිරු එළිය භාවිතා කර ඔක්සිජන් නිපදවයි. මෙම සොයාගැනීම අභ්‍යවකාශ ගවේශනය ආදී කාර්යයන් වලදී අතිශය වැදගත් වේ.

Image result for Artificial Photosynthesis

මිනිසා අභ්‍යවකාශ චාරිකාවේදී මුහුණපාන ප්‍ර‍ධානතම අභියෝගයක් වන්නේ ආශ්වාස කිරීමට අවශ්‍ය ඔක්සිජන් රැගෙන යාමට සිදුවීමයි. අභ්‍යවකාශයේදී පවතින ඔක්සිජන් ප්‍ර‍මාණය අතිශය අවම වීම සහ ගුරුත්වාකර්ශණය ශුන්‍ය වන පරිසරයක ශාක වර්ධනය නොවන බැවින් ශාක භාවිතා කරමින් ඔක්සිජන් නිෂ්පාදනය කළ නොහැකි වීමත් මේ සඳහා ප්‍ර‍බලවම බලපායි. කෙස් නමුත් මෙලෙස ඔක්සිජන් අමතරව රැගෙන යාමට සිදු වීම නිසා අමතර ඉන්ධන ප්‍ර‍මාණයක් වැයවීමත්, අමතර බර ප්‍ර‍මාණයක් අභ්‍යවකාශ ෂටලයට ඇතුළත් වීමත් ගැටලුවකි.

නමුත් පෘථිවියේදී අප විසින් ප්‍රාශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන පිරිසිදු ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ ප්‍ර‍භාසංස්ලේශණ ක්‍රියාවලිය ශාක විසින් සිදු කරන නිසා පෘථිවියේදී ඔක්සිජන් සම්බන්ධ ගැටලුවක් පැනනඟින්නේ නැහැ.

Image result for Artificial Photosynthesis

ජීවවිද්‍යාත්මක ඔක්සිජන් කර්මාන්තශාලා වන ශාක මිනිසා සමඟ අභ්‍යවකාශයට රැගෙන ගියහොත්, නමුත් පෘථිවි බිම් කඩක්, හිරු එළිය, ජලය, පස සහ ගුරුත්වාකර්ශණය යන වනාන්තරයකට අවශ්‍ය සාධක නොමැතිව? මේ දැඩි අවශ්‍යතාවය නිසා තමයි නාසා ආයතනය මෙවැනි පර්යේෂණයක් සඳහා මූලිකත්වය ගැනීමට හේතු පාදක වූයේ.

ජූලියන් මෙල්චියෝරි Julian Melchiorri රාජකීය කලා විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු විසින් පළමු වරට මිනිසා විසින් නිර්මිත ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සහිත කෘත්‍රිම ශාක පත්‍ර‍යක් නිර්මාණය කර තිබෙනවා. ස්වභාවික ශාක පත්‍ර‍යක් සේම මෙම පත්‍ර‍යටත් කාබන්ඩයොක්සයිඩ් හා සූර්යාලෝකයට අවශෝෂණ්‍ය කරගෙන ඔක්සිජන් නිපදවීමේ හැකියාව තිබෙනවා. එනම් ප්‍ර‍ාසංස්ලේෂණය කළ හැකි කෘත්‍රිම ශාක පත්‍ර‍යක් කියා හැඳින්වූවොත් නිවැරදියි. එම පත්‍ර‍ය සිල්ක් ප්‍රෝටීන ජාලයක් තුළ හරිතප්‍ර‍ද අඩංගු කිරීමෙන් තනා තිබෙනවා.

අභ්‍යවකාශ ගවේෂණයේදී වැදගත් වන ලෙසින්ම මෙම තාක්ෂණය භාවිතා කිරීම නිසා අනාගතයේදී පෘථිවියේ වායු දූෂණය වන නගර වලට විසඳුමක් ලෙස නිවස ඇතුළත සහ පිටත නැවුම් වාතය ලබා ගත හැති වේ යැයි ජූලියන් හිතනවා. මේ නිසා ගොඩනැඟිලි වල වීදුරු, ලාම්පු ආවරණ වැනි දේවල ඉතා තුනී ලේයරයක් වශයෙන් මෙම අමුද්‍ර‍ව්‍යය යෙදීමෙන් අමතර ඉඩකඩ ප්‍ර‍මාණයක් වැය නොවීමෙන්ම ඉහත කාර්යය ඉටු කරගත හැකිවනු ඇත.

Related image

එයිනුත් ඔබ්බට යමින් මිනිසාගේ යථාර්ථයක් කරගැනීමට වෙර දරන සිහිනයක් වන අභ්‍යවකාශයේ හෝ වෙනත් ග්‍ර‍හලොවක මානව ජනාවාස පිහිටුවීමට ප්‍ර‍ධානතම ගැටලුව වන ඔක්සිජන් ලබා ගැනීමේ අපහසුතාවයට ලැබුණු විසඳුමක් ලෙසින්ද මෙම සොයාගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඉස්සර වගේ අඟහරුගේ හෝ චන්ද්‍ර‍යාගේ ගස් සිටුවීම වෙනුවට එහි නිමවෙන ගොඩනැඟිලි මෙම කෘත්‍රිම හරිත පත්‍ර‍ භාවිතා කරමින් නිමවනු ඇති.

කෙසේ නමුත් මෙම සොයාගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීමෙන් පසු සමහරවිට ඔබටත් අනාගතයේදී ගස්වැල් වලින් තොර කෘත්‍රිම හරිත ශාක පත්‍ර‍ විසින් ඔක්සිජන් නිපදවන ලොවක් පිළිබඳ අදහසක් සිතට නැඟේවි. නමුත් ඔබ දන්නවාද?

Related image

Related imageImage result for Artificial Photosynthesis

 

ස්වභාවධර්මයාගේ විශිෂ්ටතම ක්‍රියාවලිය වන ප්‍ර‍ාසංස්ලේෂණය කෘත්‍රිමව සිදු කළ හැකි ක්‍ර‍මයක් තවමත් මිනිසාට සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. එසේනම් මෙම නිර්මාණය? ඔවු. එය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් නිපදවනවා තමයි. මන්දයත් එහි අන්තර්ගත කර ඇති හරිතප්‍ර‍ද ස්වභාවික ශාක වල නිර්මාණය වී මෙම නිෂ්පාදනය සඳහා යොදා ගත් නිසයි. එබැවින් මෙම නිර්මාණයේ වැදගත්කම වන්නේ ශුන්‍ය ගුරුත්වයක් යටතේ ප්‍ර‍භාසංස්ලේෂණය කිරීමට හැකි වීම පමණක් බවයි මට හැඟෙන්නේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top