දැනුම

ආකර්ශනය දිනා ගන්නා සරල ක්‍රම 12 ක්

අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අන්‍යයන්ට ආකර්ශණීය වන ආකාරය. නමුත් ආකර්ශණය ලබා ගැනීමේ අරමුණු සහ අවශ්‍යතාවයන් විවිධ විය හැකියි. ඔබට අවශ්‍ය කුමක් නිසාද? හොඳයි, ඔබේ භෞතිකමය ආකර්ශණය වර්ධනය කර ගැනීම සඳහා පහත දැක්වෙන කරුණු උපයෝගී කරගැනීමට උත්සාහ කර බලන්න. ඔබ පුදුම වේවි මැජික් එකක් වගේ මේ දේවල් සාර්ථක ලෙස ඔබ ආකර්ශණීය පුද්ගලයෙකු බවට පත් කරනා විට.

#1 – සිනාවෙන් කල් ගත කරන්න

Image result for happy

ඔබේ මුහුණේ නිතර සිනාවක් රඳවා ගන්න. ඔබ සිනාසෙන විට, ඔබ ගොඩක් මිත්‍රශීලී සහ ළංකරගැනීමට සුදුසු පුද්ගලයෙකු ලෙස අන්‍යයන් තේරුම් ගනීවි. ඔවුන් ඔබ සමඟ ගනුදෙනු කිරීමට ප්‍රියතාවයක් දක්වාවි. ඔබගේ අභ්‍යන්තරයෙන් දැනෙන දේ ගැන ලත වෙන්න එපා. පුළුවන් තරම් හිනා වෙලා ඉන්න.

#2 – රැවුල නඩත්තු කරන්න

Image result for Beard

ඔබගේ රැවුල නිවැරදි අයුරින් අවශ්‍ය කාලයට නඩත්තු කිරීම අවශ්‍යයි. පිරිමි අය අවශ්‍ය වෙලාවට රැවුල කපල ඉන්න ඕනෙ. ඒ වගේම ඔබට ටිකක් දිගට රැවුල වවන්න අවශ්‍ය නම් ඒවා ක්‍රමාණුකූලව නඩත්තු කරගෙන යාම අවශ්‍යයි. කැමතිනම් ට්‍රිම් කරලා උනත් කමක් නැහැ. එතකොට කාන්තාවන්ට රැවුල නැහැ කියලා කියන්නත් දෙයක්ද? එයාල තමන්ගෙ ඇහි බැමි ලස්සනට සකස් කරල තියාගත්තම හරි.

#3 – ටිප් ටොප් එකට කොණ්ඩෙ තියා ගන්න

Image result for hair girl

ඔබේ හිසකෙස් ඔබට පැළඳූ ඔටුන්නක් වගේ. ඒ නිසා එය රැක ගන්න. යම් කෙනෙකු ඔබ වෙත ආකර්ශණය කර ගැනීමේ මූලික පියවර වන්නේ ඔබගේ ප්‍රියමනාප පෙනුමයි. කලට වෙලාවට කොණ්ඩය කැපීමත් ඒවාගේ නිරෝගී භාවය පිලිබඳව සැළකිලිමත් වීමත් අවශ්‍යයි. කොණ්ඩය සෝදා පිරිසිදුව තබා ගැනීමත් පීරා නිසි පරිදි පිළිවෙලකට තබා ගැනීමත් කළ යුතුයි.

#4 – ඔබට සරිලන ඇඳුම් අඳින්න

Related image

 

ඔබ අඳින ඇඳුම මෙහිදී ඉතා වැදගත්. ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්න කෙනෙක් සමඟ අන්‍යයින් කතා බහ කිරීමට ප්‍රියතාවයක් දැක්වීමත් ඔවුන් වෙත කිසියම් ආකාරයක ගෞරවනීය බවක් ආරෝපණය වීමත් අපට දැනෙන කාරණයක්. ඉතින්, ඔබ අඳින්නේ කුමක්ද කියා සැළකිලිමත් වෙන්න. ඔබගේ සිරුරේ ප්‍රමාණයට ගැලපෙන හොඳින් සෝදා පිරිසිදු කරගත්, මැදගත් ඇඳුමක් අඳින්න. ඔබට වඩා විශාල හෝ ඇඟට අපහසුවක් ඇති කරන තරම් හිර ඇඳුම් අඳින්න එපා.

#5 – මනා ලෙස ඇස් අතර සම්බන්ධතාව පවත්වා ගන්න. (Eye Contact)

Image result for Eye Contact

ඔබ තවත් අයෙකු සමඟ කතාබහ කරන විට ඔහුගේ ඇස් දෙස බලමින් කතා කිරීම වැදගත්. ඔබ මනා ලෙස ඇස් අතර සබඳතාව ගොඩනගා ගන්නෙක් නම්, ඔවුන් ඔබ හොඳින් ඇහුම්කන්දීම පිළිබඳව සතුටු වනවා සේම ඔබ පිළිබඳව ඔවුන්ගේ සිත් තුල වැදගත් භාවයක් ඇති වෙනවා. නමුත් සමහරු හරිම ලැජ්ජයි කෙනෙක්ගෙ ඇස් දෙස බලාගෙන කතා තරන්න. ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි. පළමුවෙන් ඔබගේ සමීපතමයන්ගෙන් ආරම්භ කරන්න. ඔවුන්ගේ දෙඇස් දෙස බලාගෙන කතාබහ කර හුරු වෙන්න. ඊළඟට අනික් අයත් සමඟත් කතා කරලා බලන්න.

#6 – විශ්වාසයෙන් ඇවිදින්න

Image result for Walking

ඔබ ඇවිදින විට විශ්නාසයෙන් ඇවිදින්න. ඒ කියන්නෙ වටපිට බලමින්, සැකයෙන් වගේ අඩිය තියල යන්න එපා. ඔබ දන්නවද විශ්වාසයෙන් ඇවිදින විදිහ. ඔබේ සිරුර සැහැල්ලු ලෙස තබා ගන්න. ඇස් සහ හිස කෙලින් තබාගෙන ඉදිරිය බලන්න. හැබැයි ආඩම්බර කමින් වගේ ඇවිදින්නත් එපා. මෙවිට ඔබ අන්‍යයන්ගේ ආකර්ශණය ලබා ගැනීමට හේතු වෙනවා නියතයි.

#7 – හොඳ සුවඳක්

Image result for perfume use

කවුරුත් කැමති නැහැ අනික් කෙනාගෙ නරක ගඳක් එනවනම්. ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න ඕනෙ ඔබ අසලින් නරක ගඳක් එනවනම් දුම්බීම නවත්වා දමන්නට. ඒ නිසා ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න. දිනපතා නෑමත් අත් යට ගාන ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කිරීමත් හොඳයි. ඒ වගේම දිනපතා දත් මදින්න. ඔබ භාවනා කරන්න පුරුදු උනොත් ඇඟේ තියෙන ගඳ අඩු වෙලා ප්‍රසන්න භාවයක් ඇති වෙනවා.

#8 – නිස්කලංකව සිටින්න

Image result for lonely happy

ඔබ සෑම විටම ලතවෙනවාද ඔබ ගැන අන් අය සිතන්නේ කෙලෙසකද කියා? ඔව් නම්, ඔබ බැරෑරුම් ලෙස පෙනී සිටීම අතහැරිය යුතුයි. බොහොම සරල සහ නිස්කලංක පුද්ගලයෙකු ලෙස අන්‍යයන්ට විවෘත විය යුතුයි. ඔවුන් සමඟ සුහදව කතා කරන්න ඒ වගේම සරල වෙන්න.

#9 – සිනාවෙන්න, සිනහව ඇති කරන්න.

Image result for smile people

“සිනාව හොඳ ඔසුවකි.“ මෙහෙම කියමනක් තියෙනවලු. ඔබ සිනසෙනවිට, ඔබ වටා සිටින පිරිස ඔබ සමඟ සතුටු වන්නට කැමැත්තක් දක්වනවා. සිනහව ඔබගේ ආකර්ශණීය බව වැඩි කරාවි. එමෙන්ම ඔබ සිනාවෙන විට අන්‍යයන්ද සතුටු වීමත්, ඔවුන් සිනා වීමත් සිදුවීම ඉතා හොඳයි. ඉතින් එයාලත් ඔබව තවදුරටත් සිනා ගන්වන්නට කටයුතු කරාවි.

#10 – ශරීර භාෂාව

Image result for smile people

ඔබගේ ශරීර භාෂාව ඉතා වැදගත් කරුණක්. ඔබ කාර්යබහුල බව ඔබගේ සිරුරෙන් හා හැසිරීමෙන් දිස්වන්නේ නම් අන්‍යයන් ඔබ කෙරෙහි නොසැලකිලිමත් වේවි. ඔවුන් සිතාවි ඔබට බාධාවක් වනවාට ඔබ අකමැතියි කියා. නමුත් ඔබ සරලව හා සැහැල්ලුවෙන් නම්, ඔබ සමඟ කටයුතු කරන්නට එයාලා ගොඩක් කැමති වේවි.

#11 – ප්‍රශ්න අසන්න

Image result for question people

හැම වෙලේම ඔබ ගැන කතා කිරීමට උත්සාහ ගන්න එපා. කවුරුන් සමඟ හෝ කතා කරමින් ඉන්න විට ඔහුගෙන් ප්‍රශ්න විමසන්න. හැබැයි අනවශ්‍ය සහ මාතෘකාවට නොගැලපෙන දේවල් අහන්නත් එපා. ඔබ ප්‍රශ්න අසනා විට ඔවුන් සිතන්නේ ඔබ හොඳින් ඔවුන්ට ඇහුම්කන් දෙන බවත්, අවධානය යොමු කරන බවත් සහ ඔබ ඒ සාකච්ඡාවට ඇල්මක් දක්වන බවයි.

#12 – දීප්තිමත් වර්ණ අඳින්න

Image result for color clothes

වර්ණවත් ඇඳුම් අඳින්න. නමුත් සමහර වර්ණ ඇඳිමේදීත් ඔබ යෑමට බලාපොරොත්තු වන ස්ථානයේ ස්වභාවය පිළිබඳවත් සැළකිලිමත් වෙන්න. සමහර වර්ණ ඔබගේ සමේ වර්ණය සමඟ නොගැලපෙනවානම් එවැනි වර්ණ අඳින්නත් එපා. සාමාන්‍යෙයන්, දීප්තිමත් වර්ණ පුද්ගලයින් ආකර්ශණය කරනවා.

යාළුවන්ටත් කියවන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top