දියුණු වෙමින් පවතින ව්‍යාපාර ලෝකය තුළ දී ධනපතීන් තම සමාජ පන්තියට ඔබින ලෙස සිය සමාජ සංස්කෘතිය වෙනස් කර ගනු ලබයි. සුඛෝපභෝගී ජීවිත ගෙවන්නන්ට වඩාත් උචිත වූ රත්තරන් ආපනශාලාවක් විවෘති වීමක් පිළිබඳ පුවතක් පසුගිය දිනක වාර්තා වී තිබුණි.

“Dubai – the city of Gold” යන සංකල්පයට අනුගත වෙමින් ඩුබායි නගරයේ මැරියොට් අල් ජඩාෆ් හෝටලයේ ” 24 KARAT GOLD ” නමැති අවන්හල නිර්මාණය කර තිබේ. මෙම අවන්හලට පැමිණෙන සෑම අමුත්තකුටම රාජකීය ලෙස ආගන්තුක සත්කාර කිරීම සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් මෙහි සීටී. සුඛෝපභෝගී රාජකීය භෝජන සංග්‍රහයක් ආගන්තුකයින්ට පිරිනමමින් ලෝකයේ උසස් ගණයේ ආහාර වට්ටෝරු ප්‍රචලිත කිරීම මෙම අවන්හලේ මුඛ්‍ය පරමාර්ථය වේ. අද්වීතීය ආහාර වට්ටෝරු හඳුන්වා දීම මෙහි සිටින බලධාරීන්ගේ අවදානය යොමු වී ඇති කාරණයකි.


සඳුදා,අඟහරුවාදා,බදාදා,සහ ඉරිදා යන දිනයන්හි දහවල් 12 සිට රාත්‍රී 11 කාලය තුළත් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සහ සෙනසුරාදා දිනයන්හි දහවල් 12 සිට – රාත්‍රී 12 අතර කාලයේදීත් මෙම අවන්හල විවෘත කර තැබේ. මෙම අවන්හල ඉහළ මට්ටමේ තත්ත්ව කළමණාකරණ පිළිබඳව දැඩි අවධාණය යොමු කරනු ලබයි. මුළුතැන්ගෙයි පිරිසිදු බව පිළිබඳව 100 % ක් සොයා බැලීම් සිදු කිරීම සඳහා පුහුණු කාර්යය මණ්ඩලයක් මෙම අවන්හලෙහි සිටී.
ගුණාත්මකභාවය, අවංකත්වය, ලාභදායිත්වය, නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන යන සාධක උපයෝගී කර ගෙන ලොව ධනපති පුද්ගලයින්ගේ සුඛෝපභෝගීත්වය සොයා බැලීම මෙම අවන්හලෙන් ඉටු වන ප්‍රධානතම කාර්යභාර්ය වේ.
ආහාරපාන සකසා දීමෙන් ආගන්තුකයින් පිනවීම පමණක් නොව සංගීත කණ්ඩායම්, විනෝදශීලී පුද්ගලයින්ගේ සන්දර්ශන පැවැත්වීම මඟින් ද ආගන්තුකයින් සතුටු කිරීම සිදු කරනු ලබයි. ලෝකයේ හෝටල් කර්මාන්ත ක්ෂේත්රය වර්ධනය කිරීමේ එක් සංසිද්ධියක් වශයෙන් සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්රගමනය උදෙසා කැපවන අවන්හලක් වශයෙන් ද මෙම අවන්හල ප්‍රකට වී ඇත.
මෙම අවන්හලේ දී පිසින ආහාරපානවලට රත්තරන් අන්තර්ගත කරන්නේ අහාරයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යක් වශයෙනි. ඒ අයුරින් මෙම අවන්හලේ රත්තරන් අඩංගු කර පීසා,පැස්ටා සහ බර්ගර් වර්ග සකසනු ලබයි.එමෙන් ම Black soil soup with Truffle,Seafood soup and Crab Gnocchi, Fresh garden fregola යනාදී සුප් වර්ග ,24k tiramisu, සහ Golden Bomb යනා දී අතුරුපස වර්ග ද මෙහි ප්‍රචලිත ආහාර වර්ග ලෙස හැඳින්විය හැකි ය. ලෝකයේ හෝටල් කර්මාන්ත ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළ මෙම අවන්හල අනාගතයේ දී තවත් රටවල මධ්‍යස්ථාන වශයෙන් ව්‍යාප්ත කිරීමට සැළසුම් කර ඇත.



” 24 KARAT GOLD food ” ලෙස google සර්ච් කරලා බලන්න මේ අපූරු කෑම බීම ඔයාටත් බලාගන්න පුළුවන්. බඩජාරී යාළුවන්ටත් බලන්න හැකිතාක් ෂෙයා කරන්න.