ක්‍රිඩා

ලෝක කණ්ඩායමේ සාර්තකම පිතිකරුවා තිසර බව නැවතත් ඔප්පු වෙයි

ලෝක කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රි ලාංකික ක්‍රිඩකයා වන්නෙ තිසර පෙරේරාය.ඔහු ලෝක කණ්ඩායම පරාජය වීමට ගිය තරග රැසක් ජයග්‍රහනය කරා රැගෙන ගිය ප්‍රධානතම ක්‍රිඩකයාය

කැරිබියන් දූපත් හරහා ඇදී ආ ‘ඉර්මා‘ හා ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කැරිබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් ඊයේ (31)එංගලන්තයේ ලෝඩ්ස් ක‍්‍රිඩාංගණයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා ලෝක පිළ අතර තරගයෙන් ලකුණු 72ක පහසු ජයක් හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ලෝක පිළට පන්දුවාර 16.4කදී කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුනු 127ක් පමණි.තයිමල් මිල්ස් පන්දුවට පහරදීම සදහා නොපැමිණි අතර ඒ අනුව තරගයේ ජන කොදෙව්වන්ට හිමිවිය.

ලෝක කණ්ඩායමේ නම්බුව බේරාගත් ලංකාවේ තිසර පෙරේරා වේගවත් ප‍්‍රහාරයක් දියත් කරමින් පන්දු 37කදී හයේ පහර 03ක් හා හතරේ පහර 07ක් සමගින් ලකුණු 61ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 12 සිමාවෙන් ඔබ්බට ලකුණු රැුස්කිරීමට කොදෙව් පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.

ආරම්භක කඩුලු 04 ලකුණු 08ක් තුළ බිද වැටුනු අවස්ථාවක පිටියට පිවිසි තිසර පෙරේරා ශහීබ් මලික් සමග එක්වෙමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක් එක්කළ අතර අෆ්රීඩී සමග එක්වෙමින් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක් එක්කරමින් ලෝක පිළේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

පන්දු යැවීමේදී කෙස්රික් විලියම්ස් ලකුනු 41කට කඩුලු 03ක් දවාගැනීමට සමත්වූ අතර සැමුවෙල් බද්රී හා ඇන්ඩ‍්‍ර රසල් කඩුලු 02 බැගින් දවාගැනීමට සමත්විය ලෝක කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 199ක් රැුස් කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 26කදී හයේ පහර 05ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 58ක් එක්කළ අතර මාලන් සැමුවෙල්ස් ලකුනු 44ක් හා දිනේෂ් රාම්දින් ලකුණු 43ක් රැස් කරමින් කොදෙව් ලකුණු පුවුරුව ඉහළ දැමීමට සමත්විය.

පන්දු යැවීමේදී ලෝක පිළ වෙනුවෙන් රෆීඩ් ඛාන් ලකුනු 48කට කඩුලු 02ක් දවාගැනීමට සමත්වූ අතර අෆ්රිඩී හා මලික් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

 

 

එම තරගයේ විශේෂ අවස්ථා මෙතනින් බලන්න

Image result for world cricket team vs west indies

Image result for World XI vs West Indies T20

Image result for World XI vs West Indies T20

Image result for World XI vs West Indies T20

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top