News

දින 100 වැඩ පිළිවෙල මෝඩ වැඩක් – ජනපති

තමා  ජනාධිපතිවරයා වශයෙන්  දිවුරුම් දී  කළ යුතුව තිබු  ප්‍රථම රාජකාරිය  පාර්ලිමේන්තුව  විසුරුවා හැරීම බවත් අගමැති   ප්‍රමුඛ  ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව දින 100  වැඩ පිළිවෙල  මෝඩ වැඩක් යැයිද ජනාධිපතිවරයා පැවසීය.

සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ  76 වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන්  කොළඹ 07  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැති  උත්සවය අමතමින් ජනාධිපතිවරයා එ සේ පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

‘ මෙම උත්සව අවස්ථාවට මට නිල වශයෙන් ආරාධනා  නැහැ. සෝභිත  නා හිමියන්  හා මා අතර  තියෙන සම්බන්ධයට පොදු අපේක්ෂකයා  වීමටත් වසර ගණනාවකට පෙර  සිට පැවැති දෙයක්  මෙතැනදී අනුශාසනාවක් කළ හිමි නමක් කිව්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භෘරගත් නිසා  යහපාලන රොටිය කර වුණා කියලා.කරවුණා නෙවෙයි කර කළා.

පොදු අපේක්ෂකයා ජනාධිපති කරලා  ආණ්ඩුවක් පිහිටුවගේන මහ බැංකුව  කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැහැ.‘

අනිත් බැංකු වලටත් ඒ දේ වෙන්න ගියෙ මම ඒ හැම තැනදිම ඒ දේවල් වෙන්න දුන්නෙ නෑ

වීඩියෝව මෙතනින්

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top