හුගක් අය ෆිල්ම්ස් වල ගහගත්තට ඇත්තටම එයාල ඒ තරම් සටන් වලට දක්ෂ අය නෙවෙයි.ඒත් මේ කියන්නෙ ෆිල්ම් වල වගේම ඇත්තටම ගහගන්න පුළුවන් සුපිරි ටන් කරුවන් 7 දෙනා ගැනයි
1.චක් නෝරිස් (Chuck Norris)
චක් නෝරිස් කියන්නෙ අපි හැමෝම දන්න 90 ගණන් වල චිත්රපට වල බෙහෙවින් දක්නට ලැබුනු ක්රියාදාම නළුවෙක්.
චක් ඉපදිලා තියෙන්නෙ 1940 මාර්තු 10. චක් නෝරිස් මුලින්ම මාර්ෂල් ආර්ට් සටන් කලාව ඉගෙන තියෙන්නෙ 1950 කොරියාවෙදි. ඒමොහොත වන විට ඔහු ඇමරිකාවේ ගුවන් හමුදාවෙ තමයි සේවය කරලා තියෙන්නෙ. ඔහු නැවත තම රටට පැමිණි පසු ඔහුගේම කරාටෙ ස්ටූඩියෝ එකක් ආරම්භ කරලා තියෙනවා. ඔහුගේ සිනමා ජීවිතයෙ ඔහුට ලැබුන හොඳම අවස්ථක් තමයි 1970දි එන්ටර් ද ඩ්රැගන් චිත්රපටයේ බෲස් ලී සමඟ සටන් ජවනිකවක් රඟපාන්න ලැබීම
කොල්ලන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලේ සමාජිකයෙක් වූ චක් වරක් කියා තිබෙනවා ඔහු පවුලෙන්ම ලැජ්ජා බවින් වැඩිම කෙනා සහ පාසලේදි ලජ්ජාව නිසා කිසිම දෙයකට සහභාගි නොවුන බවත්.
චක් තමන්ගෙ විද්යාලයේ ආදරවන්තිය විවාහ කර ගන්නවා, ඒ ඩයෑන් හොලෙචෙක් සමඟ ඒ ඔහු ගුවන් හමුදාවට සම්බන්ධ වූ වසරෙදිමයි, ඒ 1958 දි.ඔහු දකුණු කොරියාවෙ ඔසෑන් ගුවන් මූලස්ථානයේ ඉන්න කාලෙ තමයි මාර්ෂල් ආර්ට්ස් ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඔහු 1962 දි ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා කරාටෙ පුහුණු කරුවෙක් ලෙස සේවය කරන්න පටන් ගන්නවා.
1960දි චක් කරාටෙ පුහුණු ආයතන 30ට වැඩියෙන් ආරම්භ කරනවා. ඔහු විවිධ සිනමා තරු වලටත් සටන් කලාව පුහුණු කරලා තියෙනවා.ඉන් සමහරක් තමයි ප්රිසිලා ප්රෙස්ලි සහ ස්ටීව් මක්කුයින්. මක්කුයින් තමයි චක්ට රඟපාන්න එන්න කියලා මුලින්ම ආරධනා කරලා තියෙන්නෙ. චක් බොහෝ මාර්ෂල් ආර්ට්ස් තරඟාවලි වලට සහභාගි වෙලා තිබෙන අතර ඒ තරඟ බොහෝමයක් ඔහු ජයග්රහණය කරලා තියෙනවා.
චක් 1968 දි ඔහුගේ ප්රථම ලෝක මධ්යම බරපංතියේ කරාටෙ ශූරතාවය දිනා ගන්නවා. ඔහු මාර්ෂල් ආර්ට්ස් සටන් කලාවේ ශූරයෙක් බව ලෝකෙටම පෙන්නවා. ඒ මෙම ශූරතාවය තවත් අවුරුදු 5 එකපිට දිනාගනිමින්.
1997 චක් මාර්ෂල් ආර්ට්ස් සටන් කලාවෙ වැදගත් සංධිස්ථානයකට ලඟා වෙනවා. ඒ බටහිර අර්ධගෝලයේ 8 වන මට්ටමේ බ්ලැක් බෙල්ට් ග්රෑන්ඩ් මාස්ටර් පටිය දිනා ගනිමින්.
2.ජේසන් ස්ටැතම් (Jason statham)

ජේසන් ස්ටැතම් කියන්නෙත් ඉතින් සුපිරි සටන් නළුවෙක් තමයි. ට්රාන්ස්පෝටර්, ෆාස්ට් 7 එහෙම බලලා තියෙනවා ඔයා ඒබව දන්නවා. ජේසන් ස්ටැතම් ඉපදිලා තියෙන්නෙ 1967 ජූලි 26 දි. ස්ටැතම් ට ඉන්නවා වැඩිමල් සහෝදරයෙක් ඒ තමයි ලී. ඔහුයි ස්ටැතමුයි දෙන්නම මාර්ෂල් ආර්ට්ස් වලට කැමතියි. ඒත් ජේසන් තවත් ක්රීඩා වලට යොමු වෙලා තියෙනවා. ඉන් අතරින් එකක් තමයි පිහිණීම. ඒ නිසා මොහු බ්රිතාන්ය ඔලිම්පික් කණ්ඩායමට සම්බන්ධ වෙලා 1988 දි කොරියාවෙ සෝල් වලට යනවා. එහිදි තමයි ස්ටැතම් ට මාර්ෂල් ආර්ට්ස් ඉගෙන ගන්න පෙළඹෙන්නෙ.
තම චිත්රපට වලට සහ තමන් ආසා කරපු නිසා ස්ටැතම් මාර්ෂල් ආර්ට්ස් සටන් කලා බොහෝමයක් ඉගෙන ගන්න පෙළඹෙනවා. ඔහු අද වන විට ඉතා දක්ෂ MMA සටන් කරුවෙක්. ඔහුගෙ සටන් කලා අතුරින් ප්රධාන සටන් කලාව වන්නෙ කික් බොක්සින්. ඒ වගේම ඔහුට බ්රසීල ජියු-ජිට්සු සටන් කලාවත් ඉතා හොඳින් ප්රගුණ කරලා තියෙනවා.
ඔහුගෙ චිත්රපට වල සටන් ජවනිකා සඳහා ඔහුම පෙනි සිටිනවා. ට්රාන්ස්පෝටර් චිත්රපටය පටිගත කරන අතරතුර ඔහු ජෙට් යානයකින් බස් රථයකට පනින සිඳුවීමක් තිබෙන අතර එම ජවනිකාව රඟ දක්වන්නෙ ඔහු විසින්මයි. කිසිම ස්ටන්ට් මෑන් කෙනෙක් ඒ සඳහා යොදා ගෙන නැත.
3.කිආනු රීව්ස් (Keanu reeves)

ජෝන් වික්, මැට්රික්ස් චිත්රපට නරඹලා තියෙනවා නම් ඔයා දන්නවා කිආනු රීව්ස් කියන්නෙ කවුද කියලා. මේ නළුවගෙ චිත්රපට ගත්තොත් නම් ආයෙ ක්රියාදාම වලින් නම් අඩුවක් නැ. එක වෙලාවකට හිතෙනවා නේද මුට නම් මේවා ඇත්තටම පුළුවන් ඇති කියලා. කිආනු රීව්ස් ට ඇත්තටම සටන් කලා කීපයක් පුළුවන්.
කිආනු චාර්ල්ස් රීව්ස් ඉපදිලා තියෙන්නෙ 1964 සැප්තැම්බර් 2. පැට්රිෂියා සහ සැමුවෙල් යන දෙමව්පියන් ගේ දරුවා වූ මොහුගේ පියා හවායි සම්භවයක් ඇති ඇමරිකානුවෙන්.
මුලින් අයිස් හොකී ක්රීඩකයෙක් උනු මොහු අබාධයක් නිසා රඟපාන්න යොමු වෙලා තියෙනවා. චිත්රපට බොහෝයකට සම්බන්ධ උන මොහු 1999 තිරගත වූ මැට්රික්ස් චිත්රපටය නිසා තමයි මාර්ෂල් ආර්ට් සටන් කලා වලට යොමු වෙලා තියෙන්නෙ.
මෙම චිත්රපටයේ ඇති සටන් කාමී චරිතයට පණ පොවන්න කිආනු ට විවිධ සටන් කලා ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඒවා තමයි ජියු-ජිට්සු, වූෂූ, බොක්සින් සහ ක්රාව් මාගා කියන සටන් කලා.
ඔහු ටායි චිත්රපටයට සහ ජෝන් වික් චිත්රපටය සඳහා වෙනමම ජූඩී සහ කරාටේ සටන් කලා ප්රගුණ කරලා තියෙනවා.
4.මයික් ටයිසන් (Mike Tyson)

අපි කතා කරන්නෙ චිත්රපට නලුවො ගැන උනත් මයික් ටයිසන් කියන්නේ වෘතීමය චිත්රපට නලුවෙක් නෙවෙයි. නමුත් IP Man 3 , Hangover, Kick Boxer Retaliation වැනි සටන් ජවනිකා සහිත චිත්රපට වල මයික් ඉතා දක්ෂ සටන් ජවනිකා නිරූපණය කරලා තියෙනවා. මයික් ඇමරිකානු දක්ෂ බොක්සිං ශූරයෙක්. ඔහු අපරාජිත බොක්සිං හෙවිවෙයිට් ශූරයෙක් කියලා හැදින්වුවොත් නිවැරදියි. මයික් තමයි ඉතාමත් අඩු වයසකින් WBC, WBA සහ , IBF ශූරතා ලබාගත් ලොව එකම පුද්ගලයා.ඔහු ක්රීඩාවේදී මතබේද රැසකට තුඩු දුන් ක්රීඩකයෙක් ලෙස හදුන්වන්න පුළුවන්.
මයික් ටයිසන් ඉපදිලා තියෙන්නෙ 1966 ජූනි 30 ඇමරිකාවෙ දි. ඔහුට වැඩිමල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටින අතර ඔහු කුඩා කල සිටම කල්ලි ගැසුණු පුද්ගලයෙක්. ඔහු කුඩා කල ඔහුගේ පියා පවුල අතඇර ගොස් ඇති අතර මයික්ට වයස 16 දී ඔහුගේ මව මරණයට පත් වී ඇත. මයික් ටයිසන් කුඩා කල හැදී වැඩී ඇත්තේ ඔහුගේ බොක්සින් කළමනාකරු සහ පුහුණු කරු සමඟයි.
ඔහුට වයස 13ක් වන විට ඔහුට 38 වතාවක් පොලිස් අත්අඩගුවට පත් වී ඇත. 1992 දී අතවරයක් කිරීම සම්බන්ධයෙන් අවුරුදු 6ට හිරේට යන මොහු අවුරුදු 3න් ඉන් නිදහස් වනවා. ඉන් පසු නැවත ඔහු WBC සහ WBA ශූරතා ලබා ගන්නවා.
5.ආර්නෝල්ඩ් ශෝව්සර්නගර් (Arnold Schwarzenegger)
![]()

ටර්මිනේටර් චිත්රපට මාලාව බලපු කෙනෙක්ට නම් අමුතුවෙන් ආර්නෝල්ඩ් ශෝව්සර්නගර් ගැන කියන්න ඕනි නැ. ඒ වගේම ප්රෙඩේටර්, කොමාන්ඩෝ , කලෙක්ටරල් ඩැමේජ් වගේ ෆිල්ම්ස් බලපු අය දන්නවා ආර්නෝල්ඩ් මොනව ගේ සටන්/ක්රියාදාම නලුවෙක්ද කියලා.
ආර්නෝල්ඩ් ශෝව්සර්නගර් ඉපදිලා තියෙන්නෙ 1947 ජූලි 30 ඔස්ට්රිවේදි. ඔහුගෙ පියා පොලිස් නිලධාරියෙක්. ඔහුට ඔහුගෙ පියා සහ සහෝදරයා සමඟ තිබිලා තියෙන්නෙ ටිකක් දුරස් සම්බන්ධ තාවකයක්. නමුත් ඔහු ඔහුගේ මවට ගොඩක් සමීපයි. ඔහු ඔහුගේ මව මැරෙන තෙක්ම ඇයව රැක බලාගෙන තියෙනවා.
ආර්නෝල්ඩ් වයස 14 දි තීරණය කරනවා කායවර්ධකයෙක් වෙන්න. වයස 15 දී ඔහු බර උසුලන්න පටන් ගන්නවා. ඔහු 1966 දී Mr. Universe තරඟාවලියෙන් දෙවෙනි ස්ථානය හිමි කර ගන්නවා. එයින් නතර නොවන ඔහු 1967 දී Mr. Universe තරඟාවලිය ජයග්රහණය කරනවා. ඒ වගේම ඔහු එය තවත් තුන් වරක් ජයග්රහණය කරනවා.
ඔහුට වයස 20 දි තමයි ඔහු මෙමම් Mr. Universe කිරුළ දිනා ගන්නෙ, ඒ එවැනි වයසකදි එම කිරුළ දිනාගත් ලාබාලතම කෙනා ලෙසින්. වයස 21 දි ආර්නෝල්ඩ් ඇමරිකාවට යනවා. එහිදී ඔහු Mr. Olympia කිරුළ 7 වතාවක් දිනා ගන්නවා. 1975 දි ආර්නෝල්ඩ් කායවර්ධනයෙන් සමු ගන්න තීරණය කරනවා. ඉන් පසුව තමයි ඔහු සිනාමාවට පිවිසෙන්නෙ.
ඔහුගේ බ්ලොක්බස්ටර් චිත්රපට වන ප්රෙඩේටර්, කොමාන්ඩෝ, ටර්මිනේටර් චිත්රපට සඳහා මොහුට වෙනමම මාර්ෂල් ආර්ට් සටන් කලා පුහුණු වෙන්න සිදු වෙනවා. එ කාල වකවනුවේ තමයි ආර්නෝල්ඩ් කරාටේ, වූෂූ සහ තයිකොන්ඩෝ වැනි සටන් කලා පුහුණු වෙන්නෙ. එතැන් සිට අද දක්වා ඔහු රඟපෑ චිත්රපට වල ඔබට සටන් ජවනිකා රැසක් දැක ගන්න පුළුවන්. ඒ වගේම අදටත් ආර්නෝල්ඩ් ට ඇත්ත ජීවිතයේ දී හොඳින් සටන් කරන්න පුළුවන්.
6.සිල්වෙස්ටර් ස්ටැලන් (Sylvester Stallone)

සිල්වෙස්ටර් ස්ටැලන් ඉපදිලා තියෙන්නෙ 1946 ජූලි 6 ඇමරිකාවේදි. ඔහුගෙ මව දරු ප්රසූතියේදි ඇති වූ අබාධයක් නිසා ඇයගෙ ශරීරයේ වම් පැත්ත අඩ පණ වෙනවා. ඔහුට වයස 9ක් වෙද්දි ඔහුගෙ දෙමව්පියන් දික්කසාද වෙනවා. දික්කසාදයෙන් පස්සෙ සිල්වෙස්ටර් ඔහුගේ මව සමඟ් ඉන්න තීරණය කරනවා.
1982 දි ඔහුගේ ජනප්රියතම චිත්රපටයක් වන රැම්බෝ චිත්රපටය නිකුත් වෙනවා. මේ චිත්රපටය සඳහා ඔහුට මාස ගණනක විශේෂ සටන් පුහුණුවක් ලබා දෙනවා.එම චිත්රපටයේ ඔහු යුධ සෙබලෙක් වන ජෝන් රැම්බෝ ගෙ චරිතයට පණ පොවනවා. එහි දෙවන චිත්රපට සඳහා ඔහු තායිලන්තයේදී විශේෂ සටන් පුහුණුවක් ලබා ගන්නවා. ඉන් පසු ඔහුගේ තවත් ජනප්රිය චිත්රපටයක් වන රොකී චිත්රපටය සඳහා ඔහු විශේෂ බොක්සිං පුහුණුවක් ලබා ගන්නවා. සිල්වෙස්ටර් ස්ටැලන් ට ඇත්ත ජීවිතයේදී ජියු-ජිට්සු, තයිකොන්ඩෝ, කරාටෙ යන සටන් කලා හොදින් ප්රගුණ කර ඇත.
7.ටයිගර් ශ්රොෆ් (Tiger Shroff)

බාගී, හීරෝපන්තී වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා ටයිගර් ශ්රොෆ් ඔයාලා දැකලා ඇති. බාගී චිත්රපටය ද්විත්ව ගත්තොත් නම් ආයෙ ක්රියාදාම, සටන් වලින් නම් අඩුවක් නෑ. මෙහි තියෙන සටන් ජවනික, කරණම්, පා පහරවල් නිකන් ගත්ත ඒවා නෙවෙයි. ටයිගර් ඇත්තටම තමයි මේ ජවනිකා රඟපාලා තියෙන්නෙ මොකද ඔහුට සටන් කලා රැසක් පුළුවන් නිසා.
ටයිගර් ශ්රොෆ් ඉපදිලා තියෙන්නෙ 1990 මාර්තු 2 මුම්බායි වල. ඔහුගෙ පියා තමයි ඉන්දියාවෙ ජනප්රිය නළුවෙක් වන ජැකී ශ්රොෆ්. මව තමයි අයේෂා දත්. ඔහුට සහෝදරියක් සිටිනවා.
ටයිගර් සටන් කලා රැසක් ඉතා හොඳින් ප්රගුණ කර ඇති අතර ඒවයෙ කෙල පැමිණිච්ච පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. ඔහු අවුරුද්දකටත් අඩු කාලයකදී විවිධ සටන් කලා රැසක් ප්රගුණ කරලා තියෙනවා. ඒ තමයි කලරිපයට්ටු, කුන්ග් ෆූ, ක්රාව් මාගා සහ් ස්ලේට් යන සටන් කලා. ඔහු පවසන අන්දමට ඔබට ඔබව තේරුම් ගන්නා නිවැරදි ගුරුවරයෙක් මුණගැසුනොත් ඔබව ඔබගේ නියම දක්ෂතාවයට ඔබව අඹන්න ඔහුට හැකි අතර අවුරුදු 10ක් යන වැඩක් කෙටි කාලයකින් ඔබට කැටි කර දිය හැකි බවත්ය.
වරක් මාධ්යවේදීයෙක් ඔහුගෙන් වඩාත් අමාරු සටන් කලාව කුමක් ද යන්න ඇසූ විට ඔහු පවසා ඇත්තේ කලරිපයට්ටු තරමක් අසීරු බවත් ඒ එය සියළු සටන් කලා වල මව් සටන් කලාව වන නිසා බවත් ය. එය ඔහුගේ වසසේදී ප්රගුණ කිරීමට තරමක් අසීරු බවත් ය.