දැනුම

දුම්වැටියක තිබෙන විෂ වර්ග ගැන දන්නවද ? දන්නවා නම් කටේ තියන එකක් නෑ ආපහු

Image result for cigarat

දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවේ. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන අයගෙන් 50% ක්‌ පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකිනි.

Image result for cigarat

දුම්වැටියේ විෂ වර්ග 4000 ක්‌ පමණ අඩංගුවේ. විෂ වර්ග 43 ක්‌ පිළිකා ඇති කිරීමේ හැකියාව ඇති ද්‍රව්‍ය වේ. දුම්කොළ වළ අඩංගු සමහර රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයට හානි ඇති කිරීම ක්‍ෂණිකව පටන් ගනී. එබැවින් දුම්කොළ හෝ දුම්වැටි භාවිතය ආරම්භයත් සමගම සිරුරට හානිවීමට පටන් ගනී.

දුම්කොළවල – අඩංගු විෂ වර්ග

1. නිකොටින් – නිකොටින් යනු කොකේන්, හොරොයින් වැනි ඇබ්බැහිවීම් ඇති කරන වෙනත් මත්ද්‍රවවලට සමාන ගති ලක්‍ෂණ ඇති ද්‍රව්‍යයකි. මීට අමතරව නිකොටින්, කෘමි නාශක වර්ගයක්‌ ලෙසද භාවිතා කරනු ලැබේ. දුම්කොළ වල ඉතා විශාල ප්‍රමාණයක්‌ නිකොටින් අඩංගුවේ.

2. ඇමෝනියා – ගෙබිම පිරිසිදු කිරීමට යොදා ගනු ලැබේ.

3. ඇසිටෝන් – සායම් සහ නිය ඔප දැමීමට යොදාගන්නා ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ.

4. ආසනික්‌ – කෘමිනාශකවල අඩංගු වේ.

5. කාබන්මොනොක්‌සයිඩ් – මෝටර් රථ වලින් පිටවන දුමාරයේ අඩංගුවන විෂ වායුවකි.

6. හයිඩ්‍රජන් සයනයිඩ් – සමහර රටවල මරණ දණ්‌ඩනය නියම වුවන් ජිවිතක්‍ෂයට පත්කිරීමට යොදා ගනු ලැබේ.

7. ෆිනෝල් – සායම්වල අඩංගුවේ.

8. කැඩිමියම් – මෝටර් රථවල බැටරිවල අඩංගුවේ

9. නැප්තලින් – කපුරුබෝල සෑදීමට භාවිතා කරනු ලැබේ.

10. තාර – විෂ සහිත අපද්‍රව්‍යයකි

11. විකිරණශීලී සංයෝග – න්‍යෂ්ටික ආයුද සෑදීම සඳහා භාවිතා කරනු ලැබේ.

දුම්වැටියේ අඩංගු මෙවැනි විෂ සිරුරේ සියළුම අවයව ක්‍රමක්‍රමයෙන් විනාශ කරයි

දැවී යන දුම්වැටිය උරන ඔබද ඉතා ඉක්‌මනින් දැවීයයි

දුම්වැටි ඔබ මරණය කරා ගෙනයනු ලබන ලෙඩ රෝග ඇති කරයි

1. ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් වල පිළිකා ඇතිවීම උදා- පෙණහලු, මුඛය, ස්‌වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු අග්නාශය, අක්‌මාව, ගැබ්ගෙල, අමාශය, මහා බඩවැල, ගුදමාර්ගය යනාදිය සහ ලේවල පිළිකා (ලියුකේමියා) තත්ත්වයද ඇති විය හැකිය.

Image result for cancer

2. පෙණහලු රෝග –

Image result for heart cancer 3d

උදා – එම්ෆිසීමා, ඇදුම බ්‍රොන්කයිටිස්‌, පෙනහළු ආසාදනය, හුස්‌ම ගැනීම අපහසු කරවන දීර්ඝකාලීනව පවතින පෙනහළුÊරෝග (CධඡD)

3. හෘද රෝග

Image result for heart cancer 3d

දුම්කොළ සහ දුම්වැටි භාවිතා කරන්නෙකුට හෘදරෝගයක්‌ සැදී එමගින් මිය යාමට ඇති හැකියාව ඒවා භාවිතා නොකරන්නෙකු මෙන් දෙගුණයකි. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු මියයන්නේ අඩු වයසිනි. අඩු වයසින් සිදුවන මරණ නිසා පවුලට, රටට, ආර්ථිකයට වන හානිය බලවත්ය.

4. කාන්තාවන්ට ගබ්සා ඇතිවීම සහ අඩු උපත් බර දරුවකු ඇති වීමට ඇති හැකියාව වැඩිය.

5. ලිංගික බෙලහීනතාවය හා වඳ භාවයද ඇති විය හැකිය.

6. ආමාශයේ තුවාල ඇතිවීම.

7. පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට පවා සිදුවේ.

8. දත් දුර්වර්ණ වීම හෝ දිරායාම

9. පිටකරන හුස්‌ම දුර්ගන්ද වීම

10. කෙස්‌ දුර්වර්ණ වීම

11. ඇසෙහි සුද ඇතිවීම

12. අංශභාගය සෑදීමේ ප්‍රවනතාවය වැඩිවීම.

ඔබ අසළ සිට දුම්වැටි උරන්නකු නිසා ඔබට බලපෑමක්‌ ඇතිවිය හැකිද?

Image result for cigarette man

ඔව් දුම් ඉරීම – (උදා (- දුම්වැටි, බීඩි, යනාදිය) නිසා හානි සිදු වන්නේ එය උරන්නාට පමණක්‌ නොවේ. දුම් උරන්නේ නැති කෙනෙකු වුවද දුම් උරන්නෙකු අසල සිටියහොත් දුම් උරන්නා විසින් පිට කරනු ලබන විෂකාරක දුම්, හුස්‌ම ගැනීමේදී අවට සිටින්නන්ගේ ශරීරයට ඇතුළුවේ. මෙය අක්‍රිය දුම් පානය ලෙස හැඳින්වේ. මෙලෙස අවට සිටින්නන්ගේ ශරීරයට විෂ දුම් ඇතුළුවීම මගින් ඔවුන්ගේ ශරීරයටද හානි සිදුවීමට පටන් ගනී.

දුම් උරන්නන් අප සැමගේ ජීවිතවලට තර්ජනයක්‌ නිසා පොදු ස්‌ථානවල දුම් ඉරීම නීතියෙන් තහනම්ය. පොදු ස්‌ථානවල දුම් උරන්නන් සමාජයට පිළිලයකි.

ඔබගේ සෞඛ්‍යයට හානි සිදුකිරීමට මාන බලන ඔබ අවට සිටින දුම් උරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතු අතරම ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්බීමට විරුද්ධ වීමටද ඔබට අයිතියක්‌ ඇත.

බෝනොවන රෝග ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශය

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top