News

රටේ නීති දෙකක් – දුමින්ද

‘මැලේසියාවේ නව අගමැති මහතීර් මොහොමඩ් මහතා අගමැති තනතුරට පත්වුණාම රටේ නීතිය භාවිතා කර වැරදි කරපු හිටපු අගමැති හා පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කළා. එහෙත් අපේ රටේ දේශපාලනඥයන්ට , ධනවතුනට එක නිතියකුත් නැති බැරි අයට තවත් නිතියකුයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මැලේසියාවේ අගමැතිවරයා ආදර්ශයට ගත යුතුයි.‘ යැයි වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාවේදි පැවසීය.

Related image

‘මැලේසියාවේ නව අගමැතිවරයකු පත් වුණා. මං හිතන්නේ එතුමා මහා වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. රටේ නීතිය භාවිතා කරලා හිටපු අග්‍රඅමාත්‍යවරයාගේ සිට ඇමතිවරුන්, රජයේ නිළධාරීන්, පොලිස් නිළධාරීන් මේ සියලු දෙනා වරදක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබුණා. අපිත් මැලේසියාවේ අගමැතිතුමන්ව ආදර්ශයට ගත්තා නම් හරි. එතුමා වයස 91 ක පුද්ගලයෙක්. එතුමාගේ ඒ ශක්තිය ජවය හරි අකාරව ක්‍රියාත්මක කළා.

අපේ රටේ නීතිය ක්‍රියාම්ක කරන්න යන කොට දේශපාලඥයෙක් නම් දෙපාරක් හිතනවා. ඒ වගේම සල්ලි තියෙන ව්‍යාපාරිකයෙක් නම් තව පාරක් හිතනවා. හැබැයි පොඩි එකෙක් අඹගෙඩි 05 ක් හොරකම් කලොත් නීතිය අකුරට ක්‍රියාත්මක කෙරෙනවා. බඩ ගින්නට පොල් ගෙඩියක් අහුලන් ගිහින් කෑමක් හදන් කෑවොත්, ඒකට කවුරු හරි පැමිණිලි කළොත් එයාට ඒ නීතිය ක්‍රියාම්ක වෙනවා. හැබැයි සල්ලි තියෙන ලොකු ලොකු දේශපාලඥයින්ට සාමාන්‍යයෙන් නීතිය ක්‍රියාමක වෙනවා හරි හොරයි.

රටේ නීතිය දුමින්දටද පාතාලේ මනුස්සයාටද, සිංහලයටද, මුස්ලිම්ද, දෙමළද, බර්ගර්ද මොන ජාතියේද කියන කාරනාවක් නැතිව රටේ නීතිය හරි ආකාරව ක්‍රියාත්මක කරා නම් අපිට පාතාලයක් ගැන කථා කරන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් තියෙනවා ඒ නීතියට යටත් වීම. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හදන කොට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලත් කලින් ගිහින් තීන්දු ගන්නවා. පාතාලය ගැන කථා කරන නොයෙකුත් දෙනා තමන්ට චෝදනාවක් ඉදිරිපත් වුණාම.ඒ චෝදනාවට මූණ දීම තමයි කරන්න ඕනකම තියෙන්නේ.‘‘

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top