News

ඇලෝසියස් මුදල් දී මාව හිර කලා – දයාසිරි ජයසේකර

Related image

‘මැතිවරණයේ දී ඇලෝසියස් මහතා මට මුදල් දී මා සිරකළ කියා මට හිතෙනවා. මම දන්නවා මාව හිරකළ කියා. නමුත් මාව හිරකළත් මගෙන් කිසිවක් කර ගන්න ඔවුන්ට බැරිවුණා.’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ඔහු දුන් ලක්ෂ දහයේ චෙක් පත මැතිවරණයේ දී වියදම් කළ බවත් එම මුදල මැතිවරණ ව්‍යාපාරයේ දී මුහුදට වැටුණ පොල්ලෙල්ලක් වැනි බවත් හෙතෙම කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Image result for dayasiri jayasekara

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘දේශපාලඥයෙක් විදියටත් කවදාවත් හොරකමක් නොකල පුද්ගලෙයක් විදියටත් මම තීරණය කළා මේ ගැන මාධ්‍යයට කථා කරන්න. කවුරුත් බැඳුම්කර සිද්ධිය ගැන දන්නවා. මේ සිද්ධිය වුණේ 2015 පෙබරවාරි 24 හා 2016 මාර්තු 27යන කාල සිමාවේයි.

මේ කාරණය සිද්ධවෙන අවස්ථාවේ මම පාර්ලිමේන්තු මන්ත‍්‍රී නොවෙයි. මම කටයුතු කළේ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය තනතුරෙයි. එම තනතුරේ කටයුතු කළත් 2015 ජූලි 5 වැනිදා නාම යෝජනා කැඳෙව්වා. ජූලි 13 මම නාමයෝජනා භාර දුන්නා. එතකොට මේ නාම යෝජනා දෙන දවසෙ තමයි මට චෙක් එක ලැබුණේ.

Image result for arjuna aloysius

ඒ අනුව මේ සිද්ධිය වෙද්දි මම පාර්ලිමේන්තුවෙත් නැහැ. කෝප් කමිටුවෙත් නැහැ. හැබැයි මේ සිද්ධිය ගැන විවිධ අර්ථ නිරූපනයන්, දින වරද්දා ගැනීම් සිද්ධ කරල තිබුණා. මම දැක්කා කුලියට ලියන වෙබ් අඩවියක් දින සම්පූර්ණයෙන් මාරු කරගෙන ජූනි මාසෙ මම මේ චෙක් පත මාරු කළේ.එ තකොට කොහේද ඡුන්දයක් තිබු‍ණේ කියා අසා තිබුණා. ඒකම බන්දුල ලාල් බණ්ඩාරිගොඩත් කියල තිබුණා. මේ කවුරුත් දින පටලගෙන කතා කරල තියෙන්නේ.

2015 ජුනි 5 මැතිවරණය කැඳවනවා. 2015 ජූලි 10 තමයි බී වාර්තාවේ තියෙන හැටියට මට අර්ජුන ඇලෝසියස් මහත්තයා කතා කරල තියෙන්නේ. ජූලි 13 තමයි මේ චෙක් පත මාරු කරල තියෙන්නේ.

ඒ වගේම එදා තමයි නාමයෝජනා දුන්නේ. මම මතක නැහැ කියල කිව්වාම සමහරු කළබල වුණා. මම මතක නැහැ කිව්වේ මේක ඇලෝසියස් මහත්තයා මට අතට දුන්න එකක් නොවෙයි. ඒ චෙක් පත කවුරු හරි අතේ එවල තිබුණ එකක්. ඒකයි මම කිව්වේ. මුදල් චෙක් පතක් නිසා ඒක මාරු කරල මුදල් වියදම් කළා.

එතකොට ඒ මැතිවරණයෙන් පසු මම පාර්ලිමේන්තුවට පත්වෙනවා. කෝප් කමිටු සාමාජිකයෙක් වෙනවා.
අමාත්‍යවරයෙක් වෙනවා. මේ බැදුම්කරය ගැන දෙවන කෝප් කමිටුව පටන් ගන්නේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ තමයි. මේ ක‍්‍රියාදාමය තුළ බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව දිගින් දිගටම කතා කලා. කෝප් කමිටුවෙ ප‍්‍රශ්න කළා.

Image result for මහ බැංකුව

අපි බැඳුම්කර ගණුදෙනුවේ දිගටම ප‍්‍රශ්න කළා. මේ බැඳුම්කර ගණුදෙනුවේ සිදුවුණ වංචාව හෙළි කර ගතයුතුය යන තැන ඉඳන් මම කටයුතු කර තිබෙනවා.

එහෙම නැතිව මම ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරල නැහැ. දුරකථන ඇමතුම් සම්බන්ධව සිද්ධිය ඇතිවුණ වෙලාවේ මම බොහොම පැහැදිලිවම කිව්වා මට ඇලෝසියස් මහත්තයා කථා කලා මුදල් එව්වා කියලා. නමුත් මට ඔවුන් ආරක්ෂා කරන්න මට බැහැ ඔවුන් කර මුලින් අහුවෙලා ඉවරයි කියා මම කිව්වා. මම කිසි විටෙක ඔවුන් ආරක්ෂා කරන්න කටයුතු කරල නැහැ.

මේ බැඳුම්කර ගණුදෙනුව යන වෙලාවේ අපි මුදල් අරන් ඔහු රැක්ක නම් තමයි මේ චෝදනා මට එල්ල කළ යුත්තේ. මේ රටේ හැම අපේක්ෂකයෙකුම ඕනම මැතිවරණයකදී ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගැනීම කරනවා. ඒක හැම පක්ෂයක්ම එහෙම කරනවා. ඒ ව්‍යාපාරිකයන් දෙන මුදල්වලින් තමයි ඡන්ද ව්‍යාපාරය කරන්නේ.

ඒ විතරක් නොවෙයි රංජන් රාමනායක මහත්තයා කියල තිබුණා මේවා කලූ සල්ලි කියලා. චෙක්පතක් කියන්නේ නීත්‍යානුකූල දෙයක්. මේක අහුවෙලා තියෙන්නේත් නීත්‍යානුකූල නිසයි. සල්ලි මිටි ගෙනාවා නම් ඒවා කලූසල්ලි කියන්න් තිබුණා. මේ චෙක්පත ගැන ඔහුගේ විගණන වල තිබෙනවා. කොහොමද කලූසල්ලි කියන්නේ.
මේ සල්ලි මොන කොහොම උපයපුවද කියල මම දන්නේ නැහැ. වතුරට වැටුණ ජලය බින්දුවක් තෝරා ගන්නෙ කොහොමද?

මේක අල්ලසක් කියා තිබුණා. මම ඔහු වෙනුවෙන් මොනවද කරල තියෙන්නේ. කොතැනද පෙනී සිටියේ. මේ මුදල් අරන් මම ඔහු වෙනුවෙන් පෙනී සිටියා නම් මේක අල්ලසක් වෙනවා. මේරුපියල් ලක්ෂ දහය මැතිවරණ ව්‍යාපාරය වෙනුවේන වියදම් කරල මම ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. පොත් ලිව්වෙත් නැහැ. කෝප් වාර්තාව අවසානයේ අස්සන් කරපු එක මන්ත‍්‍රීවරයෙක් මම. ඒකෙ පාදසටහන් දමන්න ගියේ නැහැ. ඇයි රන්ජන් රාමනායක මේ කෝප් කමිටු වාර්තාවට අස්සන් නොකලේ.

එදා පැන ගිහින් අද මඩ ගහනවා. නමුත් ඔහුටත් මෙවැනි චෝදනා තියෙනවා. මම කියන්න කැමතියි මොන බොරු කොණ්ඩ දාපු අය අපට මොන චෝදනා කළත් මම බොරු කොණ්ඩ කාරයෙක් නොවෙයි. මට මේ සියලූ චෝදනා එන්නේ මේ ආණ්ඩුවෙන් මම ඉවත්වුණාට පස්සෙයි.

මගෙන් කට උත්තර ගත්තු දවසෙ ? වෙනකොට පුවත් පත් නිවේදනත් නිකුත් කර ඉවරයි. ඒ නිසා මේ රටේ සියලූම් දේශපාලකයින් මැතිවරණ ව්‍යාපාරවලට ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගන්නවා. හැම කෙනෙක්ම ගන්නවා. එහෙම නම් මේ රටේ නීතියක් තියෙන්න ඕන මැතිරවණ වලට මුදල් ගන්න බැහැ කියලා. නැත්නම් අපේක්ෂකයින් ගන්න මුදල් ප‍්‍රමාණය හෙලි කරන්න ඕන කියලා. ඒ වගේම වියදම් කරපුවා ඉතිරි ඒවා ගැන නීති තියෙන්න ඕන. මම කියන්නේ මේ චෝදනා ආපු නිසා නොවෙයි එහෙම නීති රටේ තියෙන්න ඕන.

මේ ජරා ජීර්ණ මැතිවරණ ක‍්‍රමය තියෙන තාක් කල් අපට මැතිවරණවලට වියදම් කරන්න වෙන්නේ ව්‍යාපාරිකයන්ගෙන් අරගෙන තමයි. නැතිව මේ එක ඇමතිවරයෙක් වත් තමන්ගේ ගෙදර තිබුණ සල්ලි ගෙනත් වියදම් කරල තියෙනවාද? වැදගත් වන්නේ මේ සල්ලි දුන්න අය වෙනුවෙන් පෙනී සිටිනවා ද නැද්ද යන්න සමගයි.

මම චෙක් පතක් ගත්තේ නැහැ කියල කොතැනක වත් කියල නැහැ. අනෙක් අය ගත්තේ නැද්ද කියලා මම අහන්නේ. එදා ඒ ගත්තු සල්ලි මැතිවරණය ව්‍යාපාරයට වියදම් කලා. නාමයෝජනා දුන් දවසේ 5000 ක් විතර ආවා. ඒ අයට කන්න දුන්නා. කැප් ටී ෂර්ට් දුන්නා. මැතිවරණ ව්‍යාපාරයෙදි මේ සල්ලි ටික මුහුදට දාපු පොල් ලෙල්ලක් වගේ. ’’ යැයි ද ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්න හා ඊට ජයසේකර මහතා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය. ඉදිරි මැතිවරණ වලදී 16 දෙනාගේ කණ්ඩායම හිටගන්න බලාපොරොත්තු වෙන්නේ කා සමඟ ද?

පිළිතුර. ජුනි 3 දා අලූත් කණ්ඩායමක් පක්ෂය ඉදිිරියට ගෙන යාම ස`දහා නම් කරයි. එහි දී 16 දෙනාටත් යම් වගකීමක් භාරදේවි කියා හිතනවා. එහෙම වුණාම පුළුවන් වේවි පක්ෂය පුළුල් ව සංවිධානය කරන්න.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්විම රටවෙනුවෙන් ගත යුතු තීන්දුවක්. ජනාධිපතිවරයා කිව්වා ආණ්ඩුවෙන් අපි ඉවත්විය යුතුයි කියලා. දින වකවානු තීරණය කරන්න කියල තියෙන්නේ.

ප‍්‍රශ්නය. ඉදිරිි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා කවුද?

පිලිතුර. ඒක කථා කළ යුතු ඉදිරියේදියි. 2019 අගෝස්තු සැප්තැම්බර් වෙද්දි සුදානම් තීරණය කළ යුතු දෙයක්. දැන්මම ඉස්සර විය යුතු නැහැ. මුලින් පුළුල් ව්‍යාපාරයක් හැදිය යුතුයි. සියලූ පක්ෂ සමග ඉතා බලවත් පෙරමුණක් හැදිය යුතුව තිබෙනවා. එක මතවාදයකට පැමිණ 2019 දි කවුද දියසෙන් කුමාරයා කියා තීරණය කළ යුතුයි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top