දැනුම

බොරු කාරයන් හදුනාගන්නේ මෙහෙමයි

බොරුකාරයන් කියන්නේ සමාජයට දායද වී තිබෙන විශාලතම පිළිලයක්. ඔබ ගොඩ නගා ගත් ඕනෑම දෙයක් විනාශ කිරීමට බොරු කාරයන්ට ගත වෙන්නේ ඉතාමත් කෙටි වේලාවක්.

Image result for fake face

 

ඔබ වටා සිටින බොරු බේගල් කාරයන්ට අහුවෙලා අමාරුවෙ නොවැටී ඉන්න නම් ඔබට බොරුකාරයන්ව හඳුනා ගැනීමට හොඳ හැකියාවක් තිබිය යුතුමයි. ඒ සඳහා ඔබට පහත උපදෙස් ඉතාමත් වැදගත් වේවි.

කෙනෙක් කතා කරන විට ඔවුන් කතාකරන්නේ ඔබේ දෑස් දෙස බලාගෙනයි. (Eye Contact) නමුත් යම් කෙනෙක් ඔබට බොරු කියනවානම් ඔහු ඔබේ දෑස් දෙස සෘජුව නොබලා වැඩිපුර වට පිට, උඩ බිම බලනවා. මෙයට හේතුව ඔවුන් තුළ බොරු කීමට ඇති ආත්ම විශ්වාසය අඩු කම, ඔවුන්ගේ දෑස් වලින් බොරුව ඔබට තේරෙයි කියලා ඔවුන්ට බයයි.

ඇතැම් විට බොරුකාරයන් ඔබ සමඟ කතාකරන්නේ එක දිගට තියුණු ලෙස ඔබේ දෑස් දිහා බලාගෙනමයි. මීට හේතුව ඔවුන් ඉතා උවමනාවෙන්, විශ්වාසයෙන් බොරුව පැවසීමයි. ඔවුන් අවශ්‍යයි ඔබ එය විශ්වාස කරනවාදැයි ඔබේ දෑස් වලින් දැන ගැනීමට.

Image result for fake face

බොරුකාරයන් ඇතැම් විට අනවශ්‍ය කරුණු වැඩිපුර විස්තර කරනවා. ඔවුන් මින් බලාපොරොත්තු වන්නේ බොරුවේ ප්‍රධාන කරුණු වලට ඔබේ අවධානය බිඳ දැමීමයි.

බොරු කීමට පුරුද්දක් ඇති බොහෝ දෙනා බොරු කියන අතරතුර තමාගේ හිතට දැනෙන බිය අඩු කරගන්න විවිධ අංග චලන ඉදිරිපත් කරනවා. මේවා බොහෝ විට සිදුවන්නේ දෑත් හෝ පාද වලින්.

බොරු කියන අය ටිකක් හිර වුනාම ඒ අයට බොරුව නැවත ගොඩ නගා ගැනීමට වේලාව අවශ්‍යයි. මේ සඳහා ඔවුන් උඩ බිම බැලීම, ව්‍යාජ කැස්ස, වෙනත් දෑ සඳහා ඔබේ අවධානය යොමු කිරීම වැනි කටයුතු වලට පෙළඹෙනවා.
ඔබ නොඅසන ප්‍රශ්න වලට වුනත් සමහර විට බොරු කාරයන් පැනල පිළිතුරු සපයනවා. එවැනි අනවශ්‍ය පිළිතුරු වලින් ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ බොරුව තව තවත් සාධාරණීකරණය කිරීමටයි.

Related image

බොරු කියන අය නිතරම ඔබ එක්ක ෂේප් වෙන්නම තමයි හදන්නේ. ඔවුන් ඔබ කියන දේ නිතරම අනුමත කරනවා. නමුත් ඇත්ත කියන අය එහෙම නැහැ. ඔබ කියන දේ පිළිගන්න බැරිනම්, ඔවුන් කියන දේ ඔබ පිළිගන්නේ නැති නම් රණ්ඩුවට වුනත් යන්න ඔවුන් සූදානම්.

කෙනෙක් බොරුවක් කියන බව ඔබට වැටහෙනවා නම් ඔහුගෙන් අනපේක්ෂිත අයුරින් එම සිද්ධියට සම්බන්ධ භාහිර ප්‍රශ්න රාශියක් අහන්න. ඔහුට හිතන්න වැඩි වේලා නොදී ප්‍රශ්න කීපයක් එක පිට එක අහන්න. බොරුවක් ගොඩ නගා එය පිළිවෙලකට පැවසීම ඉතාමත් අසීරු කාරණයක්. එක පිට එක ප්‍රශ්න අසන විට ඒවාට පිළිතුරු දීමට යාම නිසා බොරුව ගොඩ නගා ගැනීම බොරුකාරයන්ට ඉතා අසීරු වෙනවා. පිළිතුරු සෙවීමට මොළය වෙහෙස වීමට සිදු වීම නිසා ඔහුට පිළිතුරු සැපයීමට ගත වන කාලයත් වැඩියි.

Image result for fake face

බොරුව පවසන අතරේ එහි සිදුවීම් නැවත නැවතත් ආපසු ආවර්ජනය කරන්න. බොරු කියන පුද්ගලයා පියවර වශයෙන් සිදුවීම් ගොඩ නගා විස්තර කිරීමට පුරුදු වුවත් ඔහුට එම සිදුවීම් ආපස්සට මතක් කරමින් පැවසීමට බල කල විට ඔහු අමාරුවේ වැටෙනවා. එතකොට මොකද වුණේ? ඒකටත් කලින් මොකද වුණේ කියමින් ආපස්සට ප්‍රශ්න කිරීම බොරුකාරයෝ අල්ලා ගන්න හොඳම ක්‍රමයක්.

අපිට සඟවන්න අමාරුම දේ තමයි අපේ සිනහව. ඉතාමත් දක්ෂ නළුවෙක්ට හැර වෙන ඕනෑම අයෙකුට ව්‍යාජ සිනාව තාත්විකව ඉදිරිපත් කරන්න ඉතාමත් අපහසුයි. බොරු කියන අය ඔබේ විශ්වාසය වැඩි පුර දිනා ගන්න වැඩි පුර හිනා වෙන්න උත්සාහ කරනවා. එම සිනාවේ ඇති ව්‍යාජත්වය හොඳින් නිරීක්ෂණය කරන්න ඔබට පුවවන්. මෙම හිනාවට අමතරව ඔබට හිතවත්කම් පෑමට වෙනත් ව්‍යාජ ලෙන්ගතුකම් රාශියක් බොරු කාරයන් ඔබ වෙත දක්වනවා.

Related image
බොරු කියන කෙනෙක් තම මොළය වෙහෙසවන විට ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ ශරීර හැසිරීම් වෙනස් වෙනවා. නිතර නාසය ඇල්ලීම, මුහුණ පිස දැමීම, කම්මුල් රතු වීම මින් ප්‍රධානයි. බොරු කියන පුද්ගලයා ඔබ හොඳට දන්න හඳුනන පුද්ගලයෙක් නම් මෙම අසමාන්‍ය ශරීර චර්යාවන් ඔබට වඩාත් හොඳින් අධ්‍යනය කළ හැකියි. විශේෂයෙන්ම බොරුකාරයන්ගේ ඇස් වලින් බොරුව හොඳට විද්‍යාමාන වෙනවා.

Image result for fake face

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top