News

බැද්දේගම ජලයෙන් යට වෙයි.මහ වැස්සෙන් පවුල් 2194 ක් පීඩාවට

ගාල්ලට  නගරයට ඇදහැලුණු ධාරාණාපාත වර්ෂාවත් සමඟ ගාල්ල බද්දේගම මාර්ගයේ  දංගෙදර  සහ  හිරිඹුර යන ස්ථාන  ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට  දැඩිලෙස බාධා එල්ල වී තිබේ.

අයහපත් කාළගුණික තතවයත් සමග ගාල්ලට ඇදැහැලුන අධික වර්ෂාවත් සමඟ ගාල්ල බද්දේගම මාර්ගය ඇතුලු අතුරු මාර්ග රැසක් අද (20) දහවල් වන විට ජලයෙන් යටව පැවතිණි.

ඊයේ 19 වැනි දින රාත්‍රියේ සිට අඛණ්ඩව අද (20) දහවල් වනතුරුත්  ගාල්ලට වැසි ඇදැහැලුනු අතර  වර්ෂාවත් සමඟ  අබ්දුල් වහබ් මාවත,  පෙට්ටිගලවත්ත හරස් පාර, ගාල්ල කනම්පිටිය  ගාල්ල තෙංකල්ලගොඩ මාර්ගය ඇතුලු  අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පැවතිණි.

මීට අමතරව ගාල්ල දංගෙදර සති පොල ප්‍රදේශය  ජලයෙන් යටවීම හේතුවෙන් එහි  වෙළඳුන්  දැඩි අසීරුවට පත්ව සිටනු අපට  දක්නට ලැබුණි.

දින කිහිපයක් තිස්සේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත‍්‍රික්ක 10 ක පවුල් 2194කට අයත් පුද්ගලයින් 8690 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අකුණු සැර වැදීම් සහ ගසක් කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ තුනක්ද වාර්තා වී තිබේ.

තද වැසි සහිත මෙම කාලගුණ තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ති‍්‍රක්කයේ බෝපෙ පෝද්දල, කඩවත්සතර, බලපිටිය, අක්මීමන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 1960 කට අයත් 7742 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතින බවයි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top