ක්‍රිඩා

ක්‍රිකට් තරගයේ පිපිරීමකින් 8 දෙනෙකු මරුට

ඇෆ්ඝනිස්තානයේ ජලලාබාද් නගරයේ පැවැති ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදුවූ බෝම්බ පිපිරීම් වලින් 8 දෙනකු මිය ගොස් තවත් 45 දෙනෙක් තුවාල ලැබූහ. මුස්ලිම් ජාතිකයන්ගේ ශුද්ධ වූ මාසයක් ලෙස සැලකෙන රාමදාන් සමය ආරම්භයේදී මෙම ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය එල්ල විය.

සිකුරාදා රාත්‍රියේ නැගෙණහිර ඇෆ්ඝනිස්ථානයේ ජලාලාබාද් නුවර පැවැති පාපන්දු ක්‍රීඩාංගණයකදී මෙම පිපිරීම සිදුවී තිබේ. පාපන්දු ක්‍රීඩාංගණයක් වුවද ඒ වන විට එහි පැවැත්වෙමින් ඇත්තේ ක්‍රිකට් තරගයකි. තවමත් කිසිදු කණ්ඩායමක් පිපිරීමේ වගකීම බාර ගෙන නැතත් තලේබාන් සංවිධානය වට්ස්ඇප් පණිවිඩයකින් පවසා සිටින්නේ ඔවුන්ට එම වගකීම බාරගත නොහැකි බවයි.

ක්‍රීඩාංගණයේ ඇතුළත සහ පිටත එක දිගට පිපිරීම් තුනක් සිදුවී තිබේ. විශේෂඥ වාර්තා ගෙනහැර දක්වන්නේ ක්‍රීඩාංගණය ඇතුළත සිදුවූ පිපිරීමෙන් පළායන පිරිස ඉලක්ක කරමින් තුන්වැනි සහ සිව්වැනි පිපිරීම් සැලසුම් කර තිබෙන්නට ඇති බවයි.

මීට පෙරද 2017 වර්ෂයේ කාබුල් නගරයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුරදී අයි. එස්. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව පස් දෙනෙකු තුවාල ලැබූහ.

“ත්‍රස්තවාදීන් රාමදාන් මාසයේදීවත් අපේ මිනිසුන් මරණ එක නවත්තලා නෑ. ජනාකීර්ණ ක්‍රීඩාංගණයක් තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් කිරීමෙන් ඔවුන් ඔප්පු කරන්නේ කිසිදු ආගමකට ඔවුන් බැදී නැති බවයි…. ඒ වගේම ඔවුන් මනුෂ්‍ය වර්ගයාගේම හතුරෝ” යයි ඇෆ්ඝනිස්තාන ජනාධිපති අශ්රාෆ් ඝානි මහතා පවසා සිටියේය.

1990 දශකයේ ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව මුස්ලිම් තලේබාන් වරුන්ගේ යටතට පත් වුවත් වර්තමානයේ ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියත්වයට පත්ව තිබේ.

ලොව ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් ඇත්තේ 12 ක් පමණක් වන අතර ඇෆ්ඝනිස්තානයටත් ටෙස්ට් වරම් හිමි වී ඔවුන්ගේ මංගල තරගයට සැරසෙමින් සිටින මොහොතක සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට කලු පැල්ලමක් බවට පත්ව තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top