ලෝකය

මිනිස් ගම්මාන – ගුවන් යානා මහා නෞකා ගිල දමන මාරක අබිරහස් කලාප

 

 

 

Image result for bermuda triangle

ලෝකය අප සිතනවාට වඩා අබිරහස්වලින් ගැවසුණු ස්ථානයකි. ඔබ අප ජීවත්වන ප්‍රදේශ බොහෝවිට ජනාකීර්ණ නිතර ජනයා ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානවල විශේෂ අබිරහස් සැඟවී නැතුවා වන්නට හැකිය. නමුත් ලෝකයේ මිනිස් පහස එතරම් නොලැබූ බිහිසුණු ස්ථාන පිළිබඳ ලොව නන්දෙසින් වාර්තා වී තිබේ. එවැනි ප්‍රදේශවල පවතින අබිරහස් ස්වභාවය නිසාම එම ස්ථාන පිළිබඳව ගවේෂණය කිරීමටද බොහෝදෙනා පෙලඹී ඇත.

Related image

බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන ප්‍රදේශය මේ අතර ප්‍රධාන වේ. උතුරු අත්ලාන්තික් සාගරයේ ත්‍රිකෝණාකාර ප්‍රදේශයක අබිරහස් ලෙස ගුවන්යානා හා නැව් අතුරුදන් වන බවට බොහෝ කලක පටන් ප්‍රචලිත කරුණකි. බොහෝ බරට භාණ්ඩ පටවාගත් නෞකා පවා කිසිදු සලකුණක් නොතබාම මේ ප්‍රදේශයේදී අතුරුදන් වී ඇත.

බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධයෙන් මුලින්ම ගවේෂණාත්මක වාර්තාවක් පළවී ඇත්තේ වර්ෂ 1950දී පමණය. ඉතා අෑත අතීතයේ සිට පටන්ම මේ ප්‍රදේශයේ මෙවැනි අතුරුදන්වීම් සිදුවී ඇත. මෙහිදී සිදුවන අතුරුදන්වීම් ගැන විවිධ මත පළවී ඇත. සමහරු මෙය පිටසක්වලළ ජීවීන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවෙතැයි ප්‍රකාශ කරන අතර තවත් අයගේ මතය වූයේ මීට වසර දහස් ගණනකට පෙර අත්ලාන්තික් සාගරයේ ගිලුණු ඇට්ලන්ටිස් නම් දූපතේ බලපෑම් මත මේ සිදුවීම් වන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධ නිශ්චිත නිගමනයකට තවම පැමිණ නැත.

Image result for bermuda triangle

සාගරයේ ඇති බර්මියුඩා ත්‍රිකෝණය මෙන්ම ප්‍රදේශයක් අභ්‍යවකාශයේද ඇති බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. දකුණු අත්ලාන්තික් සාගරයේ බ්‍රසීල වෙරළ සිට කිලෝමීටර් 300ක් පමණ ප්‍රදේශයක මෙය පිහිටා ඇත. අභ්‍යවකාශයේ මේ ස්ථානයේ හරහා ගමන් කරනා ගුවන් යානා සැටලයිට් චන්ද්‍රිකාවලට බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ.

ගගනගාමීන් පවසන්නේ ඔවුන් ලැප්ටොප් පරිගණක යනාදිය මේ ස්ථානය හරහා ගමන් කරන විට කැඩී යන බවයි. නාසා ආයතනයේ සැටලයිට් චන්ද්‍රිකා මේ ස්ථානය හරහා ගමන් කරන විට ක්‍රියා විරහිත කිරීම හෝ ආරක්ෂිත මෝඩයට (ඉචටඥ ථධඤඥ) හැරවීම සිදුවේ. වර්ෂ 2009 ජුනි මස එයාර් ෆ්රාන්ස් 447 ගුවන්යානය මගීන් 228 දෙනකු සමඟ අනතුරට ලක්වීමට මේ අබිරහස් ප්‍රදේශය හේතු වූ බව පිළිගැනේ.

Image result for bermuda triangle

ජපානයේද මෙවැනි අබිරහස් ස්ථානයක් පිහිටා ඇති බව වාර්තා පළ වේ. “යකාගේ මුහුද” යන නමින් හඳුන්වන මේ මුහුදු ප්‍රදේශය ජපානය ආසන්නයේ පිහිටා ඇත. මකරුන්ගේ මුහුද යන නමින්ද මේ ප්‍රදේශය හැඳින්වේ. ජපාන අතීත පුරාවෘත අනුව මේ මුහුදු ප්‍රදේශය මකරුන්ගේ රජදහනක් බවට හැඳින්වේ. මකරුන් යනු කටින් දුම් පිටකරන මිථ්‍යා සතුන් විශේෂයකි. එසේ වුවද චීනය හා ජපානය වැනි රටවල් මකරුන් ඇත්ත වශයෙන්ම මිහිපිට ජීවත්වන සත්ව විශේෂයක් ලෙස සලකති.

මෙම මුහුදු ප්‍රදේශයේ විශාල ලෙස අබිරහස් සිදුවීම් සිදුවන බවට වාර්තා පළ වේ. මේ ප්‍රදේශය තුළ බොහෝ නෞකා හා ගුවන් යානා අතුරුදන්වීම වාර්තා වී ඇත. වර්ෂ 1952දී ජපාන රජය මේ ප්‍රදේශය පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට පුද්ගලයන් 31 දෙනකුගෙන් සමන්විත පිරිසක් සමඟ නෞකාවක් පිටත් කර හරින ලදී.

Related image

නමුත් අවාසනාවකට එම නෞකාව පුද්ගලයන් 31දෙනා සමඟම කිසිදු සලකුණක් ඉතිරි නොකර අතුරුදන් විය. තවත් කතාවකින් කියවෙන්නේ කුබ්ලායි කාන් නම් පුද්ගලයෙක් “යකාගේ මුහුද” හරහා ගොස් ජපානය ආක්‍රමණය කිරීමට උත්සාහ ගත් නමුත් 40,000ක් පමණ පිරිසකට මරු කැඳවමින් එම ප්‍රයත්නය අසාර්ථක වූ බවයි. මෙම ප්‍රදේශයේ සිදුවන අතුරුදන් වීම් සම්බන්ධයෙන්ද විවිධ මත පවතී.

පිටසක්වළ ජිවීන්ගේ පැහැරගැනීම් මෙහි සිදුවන බව ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එසේම සමාන්තර ලෝකවලට විවර වන ‍ෙදාරටු මෙහි පවතින බවටත් විශාල ගිනි කඳු නිසා මේ අතුරුදන් වීම් වන බවටත් විවිධ මත පළ වී ඇත.

Image result for bermuda triangle

කැනඩාවේ අන්ජිකුයිනි විල අසල ප්‍රදේශයද මෙවැනි අබිරහස් අතුරුදන්වීම් ගැන ප්‍රසිද්ධියක් උසුලයි. වර්ෂ 1930 දී ජෝයි ලාබෙල් නම් තැනැත්තෙක් වාර්තා කර තිබුණේ විල අසල තිබූ ගම්මානය සම්පූර්ණයෙන් අතුරුදන් වී ඇති බවයි. කිසිදු මනුෂ්‍යයකු තබා සුරතල් සතකුගේ හෝ සලකුණකුදු ඉතිරි නොකර ගම්මානය සහමුලින්ම අතුරුදන්ව ගොස් ඇත. තවත් පුදුමඑළවනසුලු කරුණ වූයේ උයමින් සිටි බත් මුට්ටි, මහමින් සිටි ඇඳුම් යනාදී සියල්ල එලෙසින්ම තිබීමයි.

සෝදිසි කිරීම් ගණනාවක් ක්‍රියාත්මක වුවද නැවත කිසිදා ඒ ගමේ කිසිවකුත් දක්නට නොලැබිණි. සෑම තැනම පැතිරුණේ එහි මිනිසුන් සක්වළ ජීවීන් විසින් පැහැරගත් බවයි. මෙවැනි අබිරහස් සිදුවීම් ලොව නන්දෙසින් වාර්තා වුවද ඒවා පිළිබඳ නිවැරැදි පැහැදිලි කිරීමක් කිරීමට තවම කිසිවකු අපොහොසත්වීම විස්මයජනක නොවන්නේද..?

Image result for bermuda triangle

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top