ලෝකය

බිත්ති විනිවිද දැකිය හැකි ස්මාර්ට් ෆෝන් අත ලගයි

Image result for 2019 smart phone

වර්තමානයේ ජංගම දුරකතනවල අඩංගු කැමරාවල හැකියාවන් පිළිබඳ ඔබ මහත් තෘප්තියකින් පසුවනවාට කිසිදු සැකයක් නැහැ. මේ හැකියාවන් කීප ගුණයකින් වැඩිවන බිත්ති පවා විනිවිද දැකිය හැකි අධි තාක්ෂණික කැමරා සහිත “ස්මාර්ට්” දුරකථන ඉතා නුදුරේදීම ඔබ අතට පත්කිරීමට මේ දිනවල විවිධ සමාගම් මඟින් පර්යේෂණ සිදුකරමින් සිටිනවා.

Image result for 2019 smart phone

බිත්ති විනිවිද දැකිය හැකි මෙම කැමරා සහිත අනාගත ජංගම දුරකතන ඔවුන් හඳුන්වා දෙනු ලබන්නේ “ඔත්තු බලන දුරකතනය” (ඉනර ර්ථීඩධදඥඵ) යනුවෙනුයි.

මෙම කැමරාව ඡායාවන් ලබාගන්නේ සංවේදක 10කටත් වඩා වැඩි සංඛ්‍යාවක් ආධාරයෙනුයි. මේ වන විට මෙ සංවේදක ආධාරයෙන් එය භාවිත කරන්නන්ගේ මුහුණ හඳුනාගත හැකි අතර මෙම තාක්ෂණය වැඩිදුරටත් දියුණු කිරීම මඟින් බිත්ති විනිවිද දැකිය හැකි ස්මාර්ට් දුරකතනය බිහිවීමේ පෙරළිකාර යුගයක ආරම්භය සිදුවනු ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙම නවතම තාක්ෂණයේදී “මෙගා පික්සල්” වැඩි කිරීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය අතිශයින් දියුණු තාක්ෂණයක් යොදා ගනු ලබන බව ඔවුන් සඳහන් කරනවා.

Image result for 2019 smart phone

මෙම කැමරාව මඟින් ප්‍රතිරූප ලබාගැනීම සඳහා භාවිත කෙරෙන්නේ ලේසර් කිරණයි. ඉන් නිකුත් කෙරෙන ලේසර් කදම්භය බිත්ති මත පතිත වූ විට හාත්පස පැතිර නැවත බිත්ති හරහා යෑම සිදුවනවා. එසේ විනිවිද ගොස් යම් වස්තුවක් හමුවූ විට එහි වැදී නැවත දෝංකාරයක් ලෙස පරාවර්තනය වන කිරණ කැමරාව වෙත පැමිණ වස්තුවේ ප්‍රතිරූපය නිර්මාණය කිරීම සිදුවන බව ඔවුන් සඳහන් කරනවා.

Image result for 2019 smart phone

මෙම නව පරම්පරාවේ කැමරා ගලවා ගැනීමේ මෙහෙයුම්, ආවදානම් සහිත තැන්වලට ඇතුළු වීම් ආදිය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර වාහන තුළ සවි කිරීමෙන් ඉදිරියෙන් එන වාහන හඳුනා ගැනීම මඟින් රිය අනතුරු අවම කර ගැනීම සඳහාද යොදාගත හැකි බවයි පැවසෙන්නේ. එසේම ඝන මීදුම හෝ හිම වැටීමේ තත්ත්වයන් මැද පැහැදිලි ඡායාරූප ලබා ගැනීම සඳහාද මේ කැමරා භාවිත කළ හැකියි.

Image result for 2019 smart phone

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top