News

2020 දී මම විශ්‍රාම ගන්නේ නෑ – ජනපති මෛත්‍රිපාල සිරිසේන

Image result for maithripala sirisena

‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය

මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
වැඩිදුරත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

අවංක දේශපාලනඥයෝ ලංකාවේ කීයක් ඉන්නවද? හොරකම් කරපු නැති කී දෙනෙක් ඉන්නවද? සමහරු 2020 දී බලයට එන්න හීන දකිනවා. ඒත් නිසි වැඩපිළිවෙලක් නැහැ.

මේ අය රටේ දුප්පත් ජනතාවගේ හැගීම් තේරුම් ගන්න ඕනි. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනි .සුරංගනා ලෝක ගැන ගොඩක් දෙනාට කතා කරන්න, හීන දකින්න පුළුවන්. දුප්පත් ජනතාව ගැන ඒ අයට කැක්කුමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ජාතික සමගිය සංහිදියාව ඇති පැහැදිලි වැඩපිළිවෙලක් ඇතිව ඉදිරියට එනවා. ඒ අලුත් වැඩපිළිවෙළට සහය දෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.‘

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top