ක්‍රිඩා

ශ්‍රි ලංකාව පසුකර ඇෆ්ගනිස්තානය ඉහල නගී

නවතම අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම විශාල පසුබෑමකට ලක්ව තිබේ. විස්සයි20 අන්තර්ජාතික තරග ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමටත් පහළිනි.

විස්සයි-20 තරග ශ්‍රේණිගත කිරීම් ආරම්භ වන විට එහි පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ මෙතෙක් ඇද වැටුණු පහළම ස්ථානය වන 9 වැනි ස්ථානය දක්වා පහත වැටී සිටී. එක්දින ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි. එක්දින ශේණිගත කිරීම් අතරේ බංගලාදේශය 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එංගලන්තය එහි පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව 2018 වසර ආරම්භයේ සිටම බංග්ලාදේශය (92) ශ්‍රී ලංකා කණ්ඩායමට (84) වඩා ඉදිරියෙන් සිටි නමුත් අප්‍රේල් මස අවසානයේදී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එක්දින තරග වලදී ප්‍රසාද ලකුණු 7 ක් අහිමි වී තිබේ.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දැනට සතුවන්නේ ප්‍රසාද ලකුණු 77 ක් පමණි.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවති එක්දින තරග 56 කින් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකී වී ඇත්තේ තරග 19 කින් පමණි. මේ අනුව ශ්‍රී ලංකාව පසුගිය අවුරුදු කිහිපය පුරාම එක්දින තරගවලදී දක්ෂතා අතරට පැමිණිමට අපොහොසත් වී ඇත.

2016 වසරේ ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තුන්කොන් තරගාවලියෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ පසුගිය ජනවාරි 27 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවරදීය. එහිදී ශ්‍රී ලංකාව, බංගලාදේශ හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 79 ක ජයක් ලබාගනී.

කෙසේ වෙතත් එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ ඉතාමත් පහළින් සිටින සිම්බාබ්වේ සහ බංග්ලාදේශය පරාජය කිරීමෙන් වැඩිපුර ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොලැබේ. එහෙත් ජනවාරියේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් තමන්ගේ විශාලතම එක්දින ජයග්‍රහණය ලබාගත් බංග්ලාදේශය එයින් මාස 5 කට පසුව ශ්‍රේණිගත කිරීම් අනුව 7 වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 93 ක් සමගිනි.

ඒ අනුව බංගලාදේශය ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 16 ක් ඉදිරියෙන් පසුවෙයි.

විස්සයි 20 නවතම ශ්‍රේණිගත කිරීම් අනුවද ශ්‍රී ලංකාව අභිබවා යාමට ඇෆ්ඝනිස්තානය සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයට පත් වෙමිනි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 9 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාවේදී පැවැති නිදහස් කුසලාන විස්සයි-20 තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලට ජයගත හැකිවූයේ තරගයක් පමණි.

එක්දින ශ්‍රේණිගත කිරීමේ සටහන

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු

1 එංගලන්තය 125
2 ඉන්දියාව 122
3 දකුණු අප්‍රිකාව 113
4 නවසීලන්තය 112
5 ඕස්ටේ්‍රලියාව 104

6 පකිස්තානය 102
7 බංගලාදේශය 93
8 ශ්‍රී ලංකාව 77
9 බ. ඉ. කොදෙව් 69
10 ඇෆ්ඝනිස්තානය 63

විස්සයි 20 ශ්‍රේණිගත කිරීමේ සටහන

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු

1 පකිස්තානය 130
2 ඕස්ටේ්‍රලියාව 126
3 ඉන්දියාව 123
4 නවසීලන්තය 116
5 එංගලන්තය 115
6 දකුණු අප්‍රිකාව 114

7 බ. ඉ. කොදෙව් 114
8 ඇෆ්ඝනිස්තානය 87
9 ශ්‍රී ලංකාව 85
10 බංගලාදේශය 75
11 ස්කොට්ලන්තය 66
12 සිම්බාබ්වේ 58

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top