දැනුම

විෂ නැසීමට පාරම්පරික ප්‍රතිකර්ම සහ අත් බෙහෙත්

*විෂ නැසීමට පාරම්පරික ප්‍රතිකර්ම සහ අත් බෙහෙත්
=====================================

No automatic alt text available.

Image may contain: outdoor

No automatic alt text available.

No automatic alt text available.

No automatic alt text available.

 

*සත්ව විෂ.
========

* විෂකුරු සතෙක් දෂ්ඨ කළ විට සතා නොදනී නම්.
——————————————————-
1. සස්සඳ මුලක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

2. එළගිතෙල් ටිකක් පොවා වෛද්‍යවරයෙක් හමුවට ගෙනයන්න.

*කුනකටු විෂට.
—————–
*දිවුල් දඵ,දෙහි දඵ සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඉන්පසු දිවුල් කොළ පොතු,කහ,ලුණු දමා කොටා මලවා බඳින්න.

*ගෝනුසු විෂට.
——————
*පරණ කොහු ලණු පුඵස්සාගත් අඵ පොල්තෙලෙන් අඹරා ගාන්න.වරා කොළ කොටා පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.ඇට සහිත ගස් කරල් හැබ ඇල්වතුරෙන් අඹරා ගාන්න.

*පත්තෑ විෂට.
—————-
1. පැපොල් මුලක් පිරිමි මුත්‍රයෙන් අඹරා ගාන්න.කෑ තැන ලුණු වතුරෙන් තෙමා අමුකහ අල,දෙමට මුල් උණු දියෙන් අඹරා ගාන්න.

2.විෂ වැඩිනම් දිවුල්ගසේ පස් පංගුව තම්බා පීරිසි කෝප්පයක් තරම් වතුර ටිකක් බොන්න.

* දෙබර බඹරු මී මැසි විෂට.
——————————–
*එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අමුකහ අල,දෙමට මුල් උණුදියෙන් අඹරා ගාන්න.

*බලු විෂට.
————-
1. සපා කෑ විගස බෙහෙත් සබන් ජාතියක් ගා සෝදන්න.

2. මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

3. දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න.

4.තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.

*බළල් විෂට.
—————
*කුප්පමේනියා කොළ අඹරා තබන්න.

* මී විෂට.
————
1.කෑ විගස රත්‍රන් කෑල්ලක් රත්කර කෑ මුඛයේ තබන්න.

2.එළගිතෙල් කෑ මුඛයේ ගා බළලකු ලවා ලෙව කෑමට සලස්වන්න.

3. දිවුල් කොළ, පොතු කොටා මිරිකා රතු කැකුඵ හාලෙන් කැඳ පිස දෙන්න.

*කිනිතුල්ලන් එල්ලුන විට.
—————————–
*රතුඵෑණු ගෙඩියක් ගෙන මුඩ්ඩ කඩාඅතුල්ලන්න.

*ශාක විෂ.
========

*අත්තන විෂට.
—————–
*හීං ඇඹුල් ඇඹිලියා කොළ ඉස්ම කීප වරක් පොවන්න.

*නියගලා විෂට.
——————
*කැබැල්ල කොළ ඉස්ම,පොල්කිරි කළවම් කර කීපවරක් පොවන්න.

* කදුරු විෂට.
—————-
*කළාඳුරු අල,කී කිරිඳිය කොළ ඉස්මෙන් අඹරා කී කිරිදිය කොළ ඉස්මට දියකර කීපවරක් පොවන්න.

*වෙනත් විෂ.
==========

* භූමිතෙල් විෂට.
——————–
1. වමනය කරවන්න.

2. කරවිල වැල් ඉස්ම,පුහුල් වැල් ඉස්ම පොවන්න.
——————————————————————————–

*සර්පයින් නොවන-සත්ව විෂට යොදන අත්බෙහෙත්.
=====================================
*අධික විෂක් සහිත සතුන් වන නයා, පොළඟා,තෙල් කරවලා,මුදු කරවලා,කුණකටුවා හැරුණු විට මිනිසුන්ට විෂ සහිත තවත් සතුන් කොටසක් සිටිනවා.

*ගරුඬා, පත්තෑයා, ගෝනුස්සා, දිවි මකුළුවා,මීයා, කැරපොත්තා සහ ඉන් ප්‍රධානයි.

*මෙයිනුත් දිවි මකුළුවා තරමක් විෂ සහිත සත්ත්වයෙක්-(මෙහිදී දිවිමකුලුවා ගේ විෂ පිලිබදව මත බේද පවතී සෑම දිවි මකුලුවෙක්ම උග්‍ර විෂ නොවන බැව් සදහන් කළ යුතුය).

*පත්තෑයා, ගරුඬා ආදී සතුන් ඇඳන්, මෙට්ට අස්සේ වගේම පොල්ගස්, පොල් අතු අස්සේ ඉන්නවා. පත්තෑයා එතරම් විස සතෙක් නොවේ. නමුත් රුධිරයේ ස්වභාවය, ශරීර දුර්වලතා අනුව විෂ නැඟීම වෙනස් වනවා.

*පත්තෑයා දෂ්ට කළ විටත්, ගරුඬා දෂ්ට කළ විටත් එක ළඟ පිහිටි දළ පහර දෙකක් දකින්න පුළුවන්. ගෝනුස්සාත් කොළ අතු අතරේ ඉන්න සතෙක්. ගෝනුස්සා දෂ්ට කළාම දළ පහර තුනක් දකින්න පුළුවන්.

*පත්තෑයා, ගරුඬා, ගෝනුස්සා දෂ්ට කළාම දෂ්ට කළ තැන ඉඳලා අඟල් දෙකක් තුනක් දුරට කකුල ඉදිමෙනවා. කසන්න ගන්නවා ඇතැම් විට පලු දමනවා.

*නමුත් දිවි මකුළුවා තරමක් විෂඝෝර සතෙක් නිසා දිවි මකුළුවා දෂ්ට කළාම ලේ වමනය, කලන්තය ඇති වෙනවා. වහාම ප්‍රතිකාර කළ යුතුවේ.

* කැරපොත්තාගේ මුත්‍ර විස සහිතයි.

*මීයන් කෑවාමත් විවිධ සමේ රෝග ඇති විය හැකිය.

* නූතන වෛද්‍ය විද්‍යාවේ සේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙන්ම සිංහල වෙදකම තුළද සතුන් දෂ්ට කළ විට කරන ප්‍රතිකාර කොතෙකුත් ඇත.

*මෙහි සදහන් වෙන්නේ සරල අත් බෙහෙත් කීපයක් පමණි.

*දිවි මකුළුවා හැර මේ ඕනෑම සතෙක් දෂ්ට කළ විට දෂ්ට කළ ස්ථානයේ දෙහි ඇඹුල් ස්වල්පයක් අතුල්ලා පිරිසුදු කරන්න. එවිට ලේවලට විසබීජ එකතුවීම පමාවෙනවා.

*පත්තෑයා සහ ගරුඬාට අත් බෙහෙත් කීපයක්.
———————————————————-

• රතු ලූණු ගෙඩියක් පුලුස්සා දෂ්ට කළ තැන අතුල්ලන්න.
• කොහු ලණුවක් පුච්චා අළු ගෙන දෙහි ඇඹුල් සමඟ ගාන්න.
*රක්බඩ පුවක් ලෙලි ඉස්ම ගාන්න.
• සර්ව විශාදී තෛලය ආලේප කරන්න.

*ගෝනුස්සාට අත් බෙහෙත්.
———————————–

• දෙහි ඇඹුල්, රත් හඳුන් සමඟ මිශ්‍ර කර ගාන්න.
• හීන් අරත්න අල තම්බා වතුර බොන්න.
• සර්ව විශාදී තෛලය ගාන්න.

*මීයාට.
———-
• දෙහි ලෙල්ලක් අතුල්ලා තුවාලය පිරිසුදු කර රත්තරන් ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කර තුවාලය මත තබා ගැට ගසන්න.
*දිවුල් කොල කැද දෙන්න.
*බෙහෙත් හීනටි හාල් කැද දෙන්න.

*කැරපොත්තාට.
——————–
• දෙහි ඇඹුල් මී පැණි සමඟ කලවම් කර ගාන්න.
• රත් සඳුන්, සදු හඳුන් දෙහි ඇඹුලෙන් කලවම් කර මී පැණි මිශ්‍ර කර ගාන්න.
• තෝර කොළ කොටලා ඉස්ම අරගෙන දෙහි ඇඹුලෙන් ගාන්න.

*පොදුවේ කිනම් විෂටත් කරපිංචා කැද සුදුසුවේ.

*මොනම හේතුවක් නිසාවත් කිසිම සතෙකුකට කිසිම හානියක් නොකළ යුතුය

* විෂ සඳහා ප්‍රථමාධාර.
————————–
1. සියඵම සර්ප විෂේදී හෘදය ආරක්ෂා වීමට විෂ ශරීරගත වී නම් පළමුව වමනය කරවන්න.ඊට පසු එළිගිතෙල් ටිකක් පොවන්න.

2.වමනය කරවීමට අඹ මේස හැන්දක් වතුරෙන් අඹරා වතුරට දියකර පොවන්න.වමනය වේ.වමනය නොගියේ නම් උගුරට ඇගිල්ල ගසා වමනය කරවන්න.විෂ වර්ග බීමේදී මෙය හොඳයි.

*සියඵ විෂට.
————–
*තිප්පිලි,වියළි ඉගුරු,වදකහ,ගම්මිරිස්,සහිඳ ලුණු කළං 2 බැගින් ගෙන කුඩුකර හලා ගිතෙල්,මී පැණි දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර වරකට තැලුම් බටු ගෙඩියක් තරම් වයස12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.දවසට දෙවරක් උදේ සවස.

 

 

උපුටා ගැනිමකි..

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top