දැනුම

පුංචි කාලේ මේ දේවල් වලට ගෙදරින් බැනුම් අහලා නැත්තන් වැඩක් නෑ

පුංචි කාලෙ ඉතිං දවසකට ගුටියක් කෑවෙ නැත්තං හරි බැණුමක් ඇහුවෙ ‍නැත්තං හරි ඉතිං කෑවෙ නෑ වගේ තමයි. අන්න ඒ නිසායි අපි ගෙදරදි කරපු මේ ගොන් වැඩ ගැන ලියන්න හිතුවෙ. මොකද මේ දවස්වල අපිට සමාජෙන් වැරදි කියලා හඳුන්වා තියෙන දේවල් එක්ක බලද්දි මේ දේවල් කිසිසේත්ම වැරදි නෙමෙයිද කියල හිතෙනවා. හැබැයි හාන්දුරුවනේ අපි මේවට කෑවෙ හොඳම එකෙන්. කොහොමහරි මේ ‍කියන්නෙ අපි ගෙදරදි කරපු වැරදි ගැන. ඉස්කෝලෙදි කරපු වැරදිත් පස්සෙ කියන්නං.

1. අමතකවීම්

Scolded as a kid

 

අමතකවීම් තමයි අපිට වෙච්ච ලොකුම වැරැද්ද. වෙලාවට පන්සලට දානෙ ගෙනියන්න අමතක වුනා. හවසට පහන තියන්න අමතක වුනා. අම්ම අපිට කඩෙන් ගේන්න කියපු බඩු අමතක වුනා. කෑම පෙට්ටිය ගෙදර ගේන්න අමතක වුනා. දෙමාපිය රැස්වීම තියෙන දවස අම්මට කියන්න අමතක වුනා. ඒ හැම එකටම ගුට්ට ගානෙ දීලා බැණුමෙන් කන පුරවන්න අම්මට අමතක වුනේ නැති එක අපේ කරුමෙ.

2. නොසැළකිල්ල

Scolded as a kid

කඩේ ගිහින් එන ගමං බිත්තර තියෙන මල්ල වන වන අරන් එනවා. තව දුර ගියානං පස්සෙන් නයි එනව පෙරෙන බිත්තර සාරු බොන්න. කඩේ ගිහින් අම්ම එක්ක උස්සං ආපු එළවලු මල්ල විසික් කරලා දුවනවා. ඊට පස්සෙ එළවළු තැලිලා කියලා ගෝරි. ඉස්කෝලෙ ඇරිලා එද්දි සපත්තු මිදුලෙ ගලවලා එනවා. ඉතිං ප්‍රශ්න.

3. ගෙදරට නොකියා

Scolded as a kid

මේ කියන්න යන්නෙ ගෙදරට නොකියා ෆෝන් එකකුයි ඉස්කෝලෙට සෝනි ෆෝන් එකකුයි පාවිච්චි කරා වගේ කතාවක් නෙමෙයි. මේ ගෙදරට නොකියා ගිය ගමන් ගැනයි කියන්න යන්නෙ. ක්ලාස් ගිහින් කම්මැලි කමේ ඉන්න ගමන් සෙල්ලං කරමුද අහනව හවස. ඉතිං හා කියනව. මොකෝ ඒ කාලෙ හදිස්සියෙ ගන්න තීරණ අම්මට කියන ෆෝන් තිබුනෙ නැහැනෙ. ඉතිං සෙල්ලං කරල ඇවිල්ල ඇ‍ඟේ පතේ අමාරුව යන්න අම්මගෙන් ගුටි කනව.

4. පංජාර කුට්ටු

Scolded as a kid

අපිට ඉතිං ආයෙ හුරතල් වෙන්න දෙයක් නෑ.. ඒ කාලෙ ඇහැරුනොත් බඩගිනියි, කෑවම නිදිමතයි සීන් එකේනෙ හිටියෙ. බත් අන අන ඉඳිද්දිත් නින්ද යනව. අද රෑට පාඩං කරනවා වගේ ටෝක්ස් දීපු දවසට කුණු බැණුම් අහගන්න වෙන්නෙ ටීවී බල බල නින්ද ගියාම තමයි. දැන් ඒක සුළු වැරැද්දක් වගේ පෙනුනට නිකමට මතක් කරපං මහ රෑ වෙනකං ටීවී බල බල පොතක් අතින් අල්ලපු නැති දවසට ගෙදරින් මොකද කළේ කියල.

5. උගත් පාඩං

Scolded as a kid

අපි ගෙදරින් උගත් පාඩං ප්‍රමාණෙ ඉස්කෝලෙන් උගත්තානං දහය වසරෙන් ප්‍රොෆෙසර් විභාගෙට ලියනව. පොත් අස්සෙ තියාගෙන ගේම්බෝයි වලින් සෙල්ලං කරලා, විහිළු කතා, චිත්‍ර කතා පත්තර හොරාට කියවලා, හැමදාම එපා කියන ඩීමන් ආනන්ද මහත්තයගෙ හොල්මන් පොත් කියවලා අපි ගෙදරට හොරෙන් උගත් පාඩං බොහොමයි. හැබැයි ඒවා අහුවුනාම උගත් පාඩං තවත් බොහොමයි.

6. කට්

Scolded as a kid

නිවාඩු කාලෙ ආපු ගමන් කොණ්ඩෙ කපන්න යන්නෙ දාහකුත් එකක් බලාපොරොත්තු තියාගෙන. කපන්නෙ මොන කට් එකද කියල හිතාගන්න බෑ.. කට් එක කපලා ගෙදර එනකං හිතන්නෙ ගෙදරින් බේරෙන්නෙ කොහොමද කියල. කැප් එක දාගෙනම යනව නාන්න. නාලා තුවාය ඔලුවෙ බැඳන් එනව. අම්ම දැකපු ගමන් ඔරවල “හිටපං තාත්ත ආවම දෙවවන්න” කියල කිවුවම දවස් තුනකට කලින් කාපුවත් ආයෙ කැලතිලා උඩටඑන ගතියක් එනව. තාත්තා ඇවිල්ල ඔරවල, හිපාටුව කියල අත උස්සද්දි අම්මම තමයි බේරගන්න පනින්නෙත්.

7. තුවාල

Scolded as a kid

මෙන්න මේක තමයි සිද්ධ වෙන කුරිරුම දේ. ගහෙන් වැටිච්ච උන්ගෙ ඔලුවට දේවාලත් පාත්වෙනව කියන්නෙ මේ වගේ සීන්වලට. ඔන්න සෙල්ලං කරලා, හොරෙන් අඹ කඩලා, වැටවල් පැනලා තුවාල වෙලා ගෙදර එන්නෙ බෙහෙත් ටිකක් දාගන්න කියල හිතාගෙන. මොන? පැනපු ගමන් දෙසාගෙන දෙසාගෙන යනව තුවාල වු‍න කරුමෙට.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top