gossip

ලංකාවේ ඉන්න ඇන්ටිලා වර්ග

සිරි ලංකන් කල්ට් එකේ උඩින් ම ඉන්න කට්ටියක් තමයි ඇසල්වැසි ඇන්ටිලා. එහා ගෙදර හිටියත් අපේ ගෙදර වෙන හැම සීන්කෝන් එකක් එක්ක ම පැටලෙන්න තරම් අපේ ජීවිතවලට මාර ම විදියට මෙයාලා සමීපයි. එහෙම ඇන්ටිලා වර්ග ගොඩක් ඉන්නවා.

1. කපු ඇන්ටි

 

Lankan aunty types
පොඩ්ඩක් දළු දාලා එනකොට ම අපේ අම්මලාටත් කලින් අපි ගැන උනන්දු වෙන්නේ කපු ඇන්ටි. අපේ කේන්දර කොපියක් කොහොම හරි එයාගේ අතට යනවා. කොහොම හරි බලන්නේ අපිව කොහෙට හරි පංගරාත්තු කරන්න තමයි. කොයිවෙලෙත් අපේ ගෙදරට ඇවිත් අම්මාත් එක්ක රටේ නැති කෙල්ලෝ කොල්ලෝ ගැනයි එයාලාගේ ඉඩ-කඩම් ගැනයි කියලා අම්මලාගේ ඔළුවලට විෂබීජ දානවා. කපු ඇන්ටි පස්ස බලන්නේ අපිව බන්දලා දීලා ම තමයි.

2. රොයිටරේ

Lankan aunty types

මේ ඇන්ටි ඇන්ටනාවක් කොයි වෙලෙත් අපේ ගෙදරට දාගෙන ඉන්නේ. අපි කන බොන ඒවායේ ඉඳලා හැමදෙයක් ම රොයිටර් ඇන්ටි දන්නවා. අල්ලපු ගෙදර නිව්ස් අපිත් එක්ක බෙදාගන්නත් අපේ නිව්ස් අල්ලපු ගෙදර අය එක්කත් බෙදාගන්න නිසා පුවත් සේවයක් ම තමයි.

3. ප්‍රශ්න පත්තරේ

Lankan aunty types

හිතන්නකෝ ගමෙන් පිට රස්සාවක් හරි වැඩි දුර අධ්‍යාපනේකට කියලා හරි ගිහින් ආවා කියලා. ආය ඉතින් වෙන වැඩක් නෑ මෙයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන එක මිසක්කා. දැන් මොකෝ කරන්නේ? ගෑණු ළමයෙක් එහෙම ඉන්නවද? නරකද කොරියාවේ ගියොත්? කෑම කොහොමද? කවදා වෙනකන් ඉන්නවද යනාදී වශයෙන් ප්‍රශ්න කෝච්චියකට අහු වෙන්න සිද්ධ වෙනවා.

4. තරහ ඇන්ටි

Lankan aunty types

එයා අපිත් එක්ක කතා කරන්නේ නෑ. එක්කෝ පරම්පරාගත වලියක්, නැත්තම් ඒ ගෙදර ළමයෙක් අපේ ගෙදර යකෙක් එක්ක මොකක් හරි මල් සම්බන්ධයක්, ඒත් නැත්තම් අපේ ගෙදර ළමයි එහේ අයට වඩා මීටර්. මේ වගේ මොකක් හරි මෝඩ හේතුවක් නිසා අපිත් එක්ක කතා නොකර පාරේ දී දැක්කත් ඔරොප්පු මූඩ් එකෙන් තමයි තරහ ඇන්ටි ඉන්නේ ඇන්ටිපහ කාලා වගේ.

5. ජිප්සි ඇන්ටි

Lankan aunty types

ජිප්සි ඇන්ටි කවදාවත් එක තැනක ඉන්න කෙනෙක් කියලා කියන්න බැහැ. ඉස්සර කාලේ ජිප්සිකාරයෝ වගේ මෙයත් තැන තැන යනවා. අපේ ගෙදරට, අපේ ගෙදරින් ඊට අල්ලපු ගේට, ඊට පස්සේ අනික් ගෙදරට වගේ. ගිහින් දවසෙම කයිය ගගහා ඉඳලා ඇඳිරි වැටෙන ජාමෙට ගෙදර යනවා. හැබැයි සමහර විශේෂ දවස් තියෙනවා ජිප්සි ඇන්ටි එහෙමවත් ගෙදර යන්නේ නැති. මළ ගෙයක්, මගුල් ගෙයක් නැත්තම් දානයක් වගේ සෙට් වුණොත් ජිප්සි ඇන්ටි ගෙදර යනවා බොරු.

6. උපාසක ඇන්ටි

Lankan aunty types

හතර පෝයට ම සිල් ගන්න, ගමේ පන්සලේ මොකක් හරි වැඩක් නම් ඒකේ පෙරමුණ ගන්න ඉන්නේ උපාසක ඇන්ටි. තව එතකොට කිරි අම්මා දාන වගේ ඒවායේ මුල්තැන ගන්නෙත් උපාසක ඇන්ටි. උපාසක ඇන්ටි කොච්චර හොඳයිද කියනවා නම් ඒවාගේ දාන ගෙදරක ගියොත් මුළු ගමට ම දානේ කැවිලි පෙවිලි බෙදලා තමයි එයා නතර වෙන්නේ.

7. උදාහරණෙට ගන්න ඇන්ටි

Lankan aunty types

ඔයා උපන්තේකට කිසිම වැදගත්කමක් නොලැබුණු මනුස්සයෙක් නම්, මේ වගේ ඇන්ටිලා තමයි ඉටු දෙයියෝ වගේ ඉන්නේ. අපෙන් සතපහක ගෙදර වැඩක් අපේ අම්මලාට නැති වුණාට, අපි ඉගෙනගන්නවා කියලා පිස්සු කෙළියට, උදාහරණෙට ගන්න ඇන්ටිට අපි තරම් සෝයි ළමයි තවත් නෑ. එයාලගේ ළමයින්ට පළු යන්න බනින්නේ ආන් අර අහවල් එකා වගේ හැදෙන්න කියලා අහිංසක අපිව පෙන්නලා.

8. සිකුරුටි ඇන්ටි

Lankan aunty types

සිකුරුටි ඇන්ටිට කවදාවත් නිවනක් නැහැ. එයා කොයි වෙලෙත් එයාගේ ළමයින්ගේ පස්සෙමයි. ලස්සන ගෑණු දරුවෙක් හිටියත්, කර දඬු උස් වුණු කොලු ගැටයෙක් හිටියත් මේ ආරක්ෂාවේ වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට ළමයින්ව ටියුෂන් දාන්න එක්කරන් යද්දී තමයි මේ දර්ශනේ දකින්න පුළුවන්. සමහර සිකුරුටි ඇන්ටිලා නම් ළමයින්ව තනියම කඩේකටවත් යවන් නැහැ.

9. අම්මා වගේ ඇන්ටි

Lankan aunty types

අපිට හරිම කරුණාවයි. සමහර දාට අපි දවල්ට එහෙම කන්නේ ඇන්ටිලාගේ ගෙදරින්. සමහර වෙලාවට ඇන්ටිට එයාගේ ළමයිවයි අපිවයි මාරු වෙනවා. නොසණ්ඩාල කුපාඩි වැඩක් කරොත් අම්මා වගේ ම බනිනවා. ඒ වගේ ම තමයි ආදරෙත්.

අපි නම් ඉතින් ඔය කොයි ඇන්ටිටත් ආදරෙයි.

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top