News

ගැඹුරු මුහුදේ පාවුණු බුදු පිළිම ගොඩ ගනී

ඊයේ (19) සවස ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගාල්ල ධීවරයින් පිරිසකට හමුවි තිබේ. එම බුද්ධ ප්‍රතිමා මියන්මාරයට අයත් බවට විශ්වාස කෙරෙන බව ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උළුවිටිකේ බෝධිසීහ හිමියන් පැවසූහ.

බුද්ධ ප්‍රතිමා ඇතුළු තවත් පිළිම කිහිපයක් මෙහිදී  හමුවී ඇති බව පැවසූහ. මෙම ප්‍රතිමා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් මුහුදේ පා කරන්නට ඇති බව ස්වාමීන්වහන්සේ පැවසූහ. එය මියන්මාර ජාතිකයින්ගේ සිරිතක් බව පැවසූහ.

එම සියලු පිළිම ගාල්ල කච්චුවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර එම පිළිම වන්දනා කිරීම සඳහා විශාල ජනතාවක් පැමිණෙමින් සිටියි.

 

උපුටා ගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top