ක්‍රිඩා

පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු ක්‍රිස් ගේල්ගේ සංවේදී ජීවිත කතාව

පාන් කෑල්ලට ක්‍රිකට් ගහපු පුංචි කොල්ලා ක්‍රිස් ගේල්ගේ සංවේදී කතාව..

“මන්දපෝෂණය හැදිලා තිබ්බත් ඔහු හොදින් පිත්ත හැසිරුවා”

ඒ 1989 වසර.ජැමෙයිකාව.ලොව අවම ආර්ථික වර්ධනයක් සහිත රටක් වන ජැමෙයිකාවේ එවකට පාන් කෑල්ලක්,බනිස් ගෙඩියක් වෙනුවෙන් සිගමන් යදින පුංචි පිරිමි ළමුන් බොහොම සුලබ දර්ශනයක්.

අදට වුනත් මේ තත්වයේ ලොකු වෙනසක් නෑ.ජැමෙයිකාව පුරාම මේ දුප්පත්කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබුනා.ඒ තමයි ක්‍රිකට්.කෝටු කැබලි ටිකක් සිටුවලා,ලෑලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජමෙයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයාගන්න පුළුවන්.

මෙන්න මෙහෙම ළමයින්ට ආධාර ලබාදෙන ආයතනයකින් පැමිණි කණ්ඩායමක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා.ඔන්න විකට් එකක්.දැවී ගියපු පුංචි දරුවා සිමෙන්ති බංකුවක් මත නිදා උන් ඒ වයසේම පිරිමි ළමයෙකු ඇහැරවාගෙන පිටියට ගෙන ආවා.

ඔයාගේ නම මොකද්ද?
ක්‍රිස්

සම්පුර්ණ නම?
ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්
ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න?
කැමති..හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි.

අන්න එහෙම පාන් කෑල්ලට ක්‍රිකට් ගහන්න පැමිණි ක්‍රිස්ටෝපර් තමයි අද ඔබේ ක්‍රිකට් ලොව අසහාය වීරයා ක්‍රිස් ගේල්.අද ඔහුගේ ක්‍රීඩා විලාශයේ පොහොසත්කම නිසාම ගේල්ගේ බලය,ගේල් කුණාටුව,ලෝක බලවතා,විශ්ව බලවතා,හයේ මැෂිම,ස්පාර්ටන් වැනි විවිධ අන්වර්ථ නාම වලින් ඔහුව පිටියේ හැඳින්වෙනවා.ඔහුගේ සුන්දර,ප්‍රීතිමත් සිනහව පිටුපස එවන් කතාවක් තිබේවි යයි ඔබ මොහොතකටවත් සිතුවද?එහෙත් සත්‍ය එයයි.

ගේල් උපදින්නේ ජැමෙයිකාවේ.ඔහුගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක්.පියා පමණක් රැකියාව කල මේ නිවසේ තිබුනේම අඟහිගකම් විතරයි.යන්තම් අවුරුදු 10 වෙනකොට ගේල්ට මන්ද පෝෂණය.සමහර දිනවල ගේල් හාමතේම ගිහින් පාන් කැබැල්ලකට ක්‍රිකට් සෙල්ලම් කරනවා.

කන්න දෙයක් සොයාගත්තේ එහෙමයි.ක්‍රිකට් හැමදාම නැහැ.එවන් දිනවල ආහාර සොරකම් කිරීමට පවා ගේල් පෙළඹී තිබෙනවා.කුමක් කරන්නද?දුප්පත්කම නිසානේ.

මෙහෙම උන්නු ගේල්ට සිම්සන් අන්ඩිරියාස් නම් මහත්මයා තමයි ක්‍රිකට් සෙල්ලම් කිරීමට අවස්තාවක් ලබාදෙන්නේ.එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලීගයක පිතිකරුවකු වන ගේල් ජාත්‍යන්තර ක්‍රීඩකයකු ලෙස කරලියට එන්නේ බටහිර ඉන්දීය කොදෙවු පිලට එක්වීමත් සමගයි.

ලෝකය හමුවේ පොහොසත්ම හා දක්ෂතම ක්‍රිකට් තරුවක් වන ගේල් තම ළමා කාලය ගැන සිහිපත් කරන සෑම විටකම බොහොම සංවේදී වෙනවා’

ගේල්ගේ දුප්පත්කම නිසා ක්‍රිකට් කවුන්සිලයෙන් කොන් කරනු ලැබූ අවස්ථා අප්‍රමාණ බව ගේල් පවසන්නේ දැඩි සිත් වේදනාවෙන්.ඒ වගේම තම වැටුප නියමිත පරිදි ලබා නොදුන් අවස්ථා ගැනිය නොහැකි තරම් බවත් ගේල් පවසන්නේ කලකිරීමෙන්.

ඒ සියල්ල තමා නතර කිරීමට කරන ලද දේවල් බව ගේල් දැනගෙන සිටියා.ජීවිතයේ එන හැම ගැටළුවකටම සිනහවෙන් පිළිතුරු දුන් ගේල් අවසානයේ තම සටන ජයගෙන තිබෙනවා.අද ඔහු ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.

තමන් ගැන කිසි විටක උඩඟු නොවන ගේල් පවසන පරිදි සෑම අපහාසයකටම,කෙනෙහිලිකමකටම හොදම පිළිතුර තමයි උපේක්ෂාව සහ අත් නොහැරීම.ඔහුගේ සාර්ථකත්වයේ රහස එයයි.

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top