දැනුම

ගැස්ට්‍රයිටිස්වලට ගුණ ආහාර

සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයයි. මෙය අමාශයේ ආසාදන තත්ත්වයකි. ආමාශයේ ඉතා සුළුවෙන් ඇතිවන තුවාල ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වයි.

මෙම රෝගී තත්ත්වය හදිසියේම හෝ කාලයත් සමඟ විවිධ හේතු සාධක නිසා ඇතිවිය හැකිය. බොහෝ දෙනෙකුට ගෑස්ට්‍රයිටිස් සුළු රෝගී තත්ත්වයක් වන අතර ප්‍රතිකාර කිරිමෙන් පසු ඉක්මණින් පහව යනු ඇත.

අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්ථාවල වැරදි ආහාර පිළිවෙත් මෙයට මුලික හේතුන් වේ. බඩගින්නේ සිටීම, වේලාවට ආහාර නොගැනීම ගැස්ට්‍රයිටිස් ඇතිවීමට ප්‍රධාන හේතුවේ.

අධික මානසික පීඩනය, ශරීරයේ බර වැඩි අය වෛද්‍ය උපදෙස් වලින් තොරව ආහාර පාලනයට යාමෙන් ද ගැස්ට්‍රයිටිස් වලට ගොදුරු වීමට ඉඩකඩ තිබේ.

ගෑස්ට්‍රයිටිස් ඇති පුද්ගලයකු ආහාරයට සුදුසු කෑම

කෙදි සහිත ආහාර ඇපල්,කොමඩු,බ්‍රෝකෝලී,කැරට්,බෝංචි
අඩු මේදය සහිත ආහාර මාළු,මස්
අඩු ආම්ලිකතාවයකින් යුතු ආහාර හෝ වැඩි ඇල්කේන වර්ග, එළවළු වැනි

කාබනීකරණය නොකරන බීම වර්ග
කැෆේන් රහිත බිම වර්ග
ප්‍රෝබයෝටික් සහිත යෝගට්,කිමිචි,ගෝවා

ගෑස්ට්‍රයිටිස් ඇති පුද්ගලයකු ආහාරයට නුසුදුසු කෑම

ඇල්කොහොල්
කෝපි
ඇසිට් සහිත ආහාර තක්කාලි
අධික මිරිස්,තුනපහ,ගම්මිරිස්,කුළුබඩු,තෙල් සහිත ආහාර
බදින ආහාර සහ ආහාර පිසීමේ දී කෘත්‍රිම වර්ණකාරක, සෝස් වර්ග

අන්තර්ජාලය ඇසුරෙනි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top