News

දහම් පාසල් අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත.

දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ප‍්‍රතිපත්තිමය තිරණයක් අදාළ කැබිනට් පත‍්‍රිකාව මඟින් ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.

බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පසුගියදා බෞද්ධ උපදේශන සභාව, රැස් වු අවස්ථාවේ දී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මේ බව හෙළිකර ඇත.

අදාල කැබිනට් පත‍්‍රිකාව අනෙක් ආගම්වල වගකීම් උසුලන අමාත්‍යවරුන් හා අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසා තිබේ.

එහිදි සියලූ ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව සිදුකරනු ලබන දරුවන්ට පාසල් විභාගවලදී ලකුණු ප‍්‍රමාණයන් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top