ක්‍රිඩා

අනූෂා ලෝකඩ පදක්කම ලබාගනිමින් ශ්‍රි ලාංකිකයන්ගේ හදවත දිනා ගනියි

මේරි කෝන් වෙනුවෙන් ඉන්දියානු සිනමාවේ බොලිවුඩ් චිත්‍රපටයක්ද නිර්මානය වී තිබෙනවා.කෙසේ වෙතත් ලංකාවේ අනූෂා කරට කර සටනක් දීමට සමත් වුනා.අවසන් මොහොතේ ඇය පරාජය වුනත් ඇය දුන් සටන අද්විතියයි.ඒ අනුව අනුෂා ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් වුනා.

මේ ඇය වෙනුවෙන් facebook හි තැබු සටහනක්

මුලු රටක් විනාඩි 09 කට උඹ එක තැනකට ගෙනාවා. පලවෙනි වට දෙක ඉවරවෙනකොට ටීවී කමන්ටේටර් කිව්වා මේරි කොම් පස්ස ගහලා ක්‍රීඩා කරනවා කියලා උඹ ඒ වට දෙකේ කරට කර සෙල්ලම් කරපු නිසා.

වයස අවුරුදු 17 න් 18 න් පටන් ගත්තා නම් අක්කේ උඹ අද දිනුම්. ඒකි මැච් එක ගැහුවේ එක්ස්පීරියන්ස් එකෙන් කියලයි මට හිතෙන්නේ.

එක විනාඩි 09 කට බොක්සිංවලින් මේ තරම් ඉන්දියාව බඩේ බිත්තර තම්බ ගන්න නැතුව ඇති වෙන කිසිම මැච් එකකදි.

කතාවට කියනවා
ක්‍රීඩාව ආභරණයක් කර ගන්න ක්‍රීඩකයො ගොඩයි හැබැයි ක්‍රීඩාවට ආභරණයක් වෙච්ච ක්‍රීඩකයෝ ටිකයි කියලා.

බොක්සිං නිසා අනූෂා බැබලුනා නෙවෙයි, අනූෂා නිසා බොක්සිං බැබලුනා.

ස්තූතියි කෙල්ල.
සටහන : භාතිය අර්ථනායක

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top