01. ඔලිව් ඔයිල්
ඔලිව් ඔයිල් වල, සමේ තරුණ බව ආරක්ෂා කරන්න වගේම සමේ නම්‍යශීලිබව රැක ගන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන Monounsaturated Fat 73%ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔලිව් ඔයිල් ආලේප කිරීමෙන් ඔබට සුසිනිඳු සමක් ලබා ගන්න පුළුවන්.
02. හරිත තේ (Green Tea)
හරිත තේ වල අඩංගු ප්‍රතිඔක්සිකාරකයක් වන Polyphenols මගින් සමේ ඇති ප්‍රෝටීන් ආරක්ෂා කරනවා. ඒ නිසා මහළු වීමේ සලකුණු ඔබේ සමෙන් අයින් කරන්න හරිත තේ වලට පුළුවන්. මේ සඳහා හරිත තේ පානය කිරීමට අමතරව, හරිත තේ වලින් සාදන ලද පෝෂණ අතිරේක ලබා ගන්නත් ඔබට පුළුවන්.
03. ලොකු මාළු
ලොකු මාළු වල සමේ සෛල ශක්තිමත් කිරීමට සමත් වන ඔමේගා 3 මේද අම්ලය බහුල වශයෙන් අඩංගු වෙනවා.
උදා : සැමන් මත්ස්‍ය වර්ගය
04. ඩාර්ක් චොකලට්
ඩාර්ක් චොකලට් වලද ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වෙනවා. හිරු රශ්මිය නිසා ඇති වන හානි වලින් සම ආරක්ෂා කරනවා. කොකෝවා සාරය මඟින් සමේ රුධිර සංසරණය ප්‍රාණවත් කර, නිරෝගී කර, සමේ මෘදු බව හා දීප්තිය වඩවනවා. මේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කොකෝවා 70%කට වඩා අඩංගු චොකලට් ආහාරයට ගත යුතුය.
05. එළවළු
එළවළු කියන්නේ කැලරි අඩු ආහාරයක්. බොහෝ එළවළු වල අඩංගු වෙන බීටා කැරොටීන් සහ විටමින් C නිසා, ඒවාට හිරු කිරණින් සම රැක ගැනීමේ හැකියාවත්, වයසට යාමත් සමඟ සමේ ඇති වන වෙනස් කම් වළක්වාලීමේ හැකියාවක් තියෙනවා. කොළ සහ කහ පාට එළවලු වලට පුළුවන් සමේ, විශේෂයෙන්ම ඇස් වටා ඇති රැලි වැටීම් අඩු කරන්න.
06. දෙළුම්
දෙළුම් වල හරිත තේ වල මෙන් තුන් ගුණයක ප්‍රතිඔක්සිකාරක ගුණයන් අඩංගුය. දෙළුම් වල සම පැහැපත් කිරීමේ ගුණයක් තියෙනවා. එමෙන්ම හිරු එළියෙන් විනාශ වූ සම නැවත සැකසීමටත්, සමේ පාටක නිෂ්පාදනය වැඩි කිරීමටත් දෙළුම් වලට පුළුවන්. දෙළුම් යුෂ සමේ ගල්වා මොයිස්චරයිසයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.
07. යෝගට්
යෝගට් වල සම පැහැපත් කිරීමේ, ලප කැළැල් මකා දැමීමේ සහ රැලි වැටුණු ස්වභාවය ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. යෝගට් වල ඇති ප්‍රෝටීන් මඟින් සමේ පටක ශක්තිමත් කරවනවා.
08. අලිගැටපේර
අලිගැටපෙර වල සම පැහැපත් කිරීමේ ගුණාංගයක් තියෙනවා. හිරු කිරණ වලින් සිදු වූ හානි වලින් සම සුවපත් කරවන්නත්, සමේ වියළි බව නැති කරන්නත් අලිගැටපේර වලට පුළුවන්.
09. තක්කාලි
තක්කාලි වල සමේ රැලි වැටීම් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හිරු කිරණින් හානි වුණු සම සුවපත් කරන්නත් තක්කාලි වලට පුළුවන්.
10. කුරුඳු
කුරුඳු වලට සමේ නම්‍යශීලිබව සහ තද බව රැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ශරීරයේ සීනි මට්ටම ඉහල යාමෙන් සමේ ඇති වන හානි මඟ හරවාලීමටත් කුරුඳු වලට ශක්තිය තියෙනවා.
11. මිරිස්
සමේ සෛල වල, වයස්ගත වීමත් සමඟ ඇති වන වෙනස්කම් මඟ හරවාලීමේ හැකියාවක් මිරිස් වලට තියෙනවා. සීනි මට්ටම ඉහල යාම නිසා සමේ සෛල වලට සිදු විය හැකි හානි වලක්වාලීමටත් මිරිස් වලට පුළුවන්.
12. මස් කටු වලින් සාදන සුප්
සත්ව ඇට කටු වල ඇති ජෙලටීන්, ප්‍රෝටීන්, ග්ලයිසීන්, ඇමයිනෝ ඇසිඩ් මඟින් සමේ පටක වලට පෝෂණය සපයනවා. සත්ව ප්‍රෝටීන් මගින් සමේ ඇදෙනසුලු බව, තෙත් ස්වභාවය සහ තද ගතිය ඉහල නංවන අතර සමේ රැලි වැටීම් සහ අනෙකුත් වයස්ගත ලක්ෂණ අඩු කරවනවා.
13. පලා වර්ග
අද බොහෝ දෙනෙක් කෑමට අකමැති ආහාරයක් තමයි පලා වර්ග. නමුත් පලා වර්ග වල විටමින් රැසක් අන්තර්ගත වෙනවා. මේ විටමින් සම නිරෝගී සහ පැහැපත් කරන්න උදව් වෙනවා. කොළ කැඳ බීම මගිනුත් මේ හා සමාන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
14. ජලය
ජලය මඟින් සමේ තරුණ බව රැක දෙනවා. දිනකට ජලය විදුරු 8ක්වත් පානය කරන්න ඕනේ.
15. ඇපල්
ඇපල් මඟින් සමේ මැරුණු සෛල වෙනුවට නව සෛල නිපදවීම වේගවත් කරවනවා. ඒ වගේම ඇපල් වලට පුළුවන් කුරුලෑ ඇති වීම පාලනය කරන්නත්.