News

හිටපු ජනාධිපතිවරුන් හතරදෙනකුගේ වාහන සමඟ කේපීගේ නැවත් ගැඹුරු මුහුදේ ගිල්වයි

යුද සමයේ මෙරට  ජනාධිපතිවරුන්  භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා   සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද  (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි.

මේවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු  විටනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමු බව  නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන්  මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි.

ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක  පටවා  එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව සඳහන් කරයි.

මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු  අපරාධ කල්ලි සාමාජිකයන්   අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා  ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත.

අද ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව   එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප‍්‍රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ  ජාත්‍යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් ( කේ .පී)  අයත් එකක් බවත් එම නෞකාවය ඉන්දුනීසියාවේ සිට  නාවික හමුදාව මෙරටට ගෙන්වා තිබු එකකි.

එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක්  පරිහරණය කර පසුව භාවිතයෙන්  බවත් කළ බවද නාවික හමුදාව කියයි.

රංගල නාවික හමුදා කඳවුරේ  නවතා තිබු මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව පවසයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top