News

facebook වැඩ Masenger තවම වැඩ නැත්තේ ඇයි ?

මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීමත් සමඟ ෆේස්බුක් සමාජ ජාලය අවහිර කරමින් රජය විසින් ගනු ලැබූ තීරණය දින නවයකට පසු ඉවත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රධානීහු සහ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රධානීහු අද ඉන්දියාවේ සිට පැමිණි ෆේස්බුක් නියෝජිතයන් හමුවූහ.

එම හමුවේ තීරණය මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැති අතර වෛරී ප්‍රකාශ සීමා කරන ලෙස රජය ඉල්ලා ඇතැයි දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් වෛරී ප්‍රකාශ සීමා කිරීමේ මුවාවෙන් ආණ්ඩු විරෝධී ප්‍රකාශද සීමා කිරීමට රජය සැරසෙන බව කියමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්⁣ගේ සංගමව ෆේස්බුක් ආයතනයට ලිපියක් යැවීය. ඔවුන් ඉල්ලා ඇත්තේ ෆේස්බුක් සීමා කිරීමට යම් තීරනයක් ගන්නේ නම් ඊට පෙර ලංකාවේ සාමාජ මාධ්‍ය විශ්ලේෂකයක් සමඟ සාකච්ඡා කරන ලෙසයි.

ෆේස්බුක් යථා තත්ත්වයට පත් වුවද මැසෙන්ජර් තවමත් යථා තත්ත්වයට පත්වී නැතැයි බෙිහෝ දෙනෙක් තියති.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top