News

බලලුන්ට නොසැලකූ කත පිටුවහල් කරයි

අබුඩාබියේ නිවසක් තුල බළලුන් හතළිහක් රඳවාගෙන ආමානුෂික ආකාරයෙන් සැලකු කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස අබුඩාබි අධිකරණයක් නියෝග කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

බළලුන් සුරතලුන් ලෙස විකුණීමට නිවස තුල රඳවා තබාගෙන සිටි බවත් ඇයට නීත්‍යානුකූල අවසර පත්‍රයක් නොමැති බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.

කාන්තාවගේ නිවස දෙසින් අධික දුර්ගන්ධයක් පැමිණෙන නිසා අසල්වාසීන් අදාල බලධාරීන්ට දැණුම් දී ඇති අතර බලධාරීන් පැමිණ නිවස පරීක්ෂා කිරීමේදිබළලුන්ටවිවිධ රෝගාබාධ වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බව වාර්තා වේ.

ගෘහස්ථ සතුන්ට අමානුෂික ආකාරයෙන් සලකන පුද්ගලයින්ට ඩිරාම් 200,000ක් දක්වා දඩ මුදලක් සහ විදේශිකයෙක් නම් රටින් පිටුවහල් කිරීමේ හැකියාව පවතින බව වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

නිවස තුල සිටි සියලුම බළලුන්ට ප්‍රතිකාර සහ නිසි රැකවරණය ලබාදීමට එමිරේට්ස් වනජීවි සංරක්ෂණ මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

(ජි.ඩි.එන් එන්ලයින් පුවත් ඇසුරෙනි)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top