News

facebook තහනමට එරෙහිව පැමිණිලි ගලයි

ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු දහස් පළ කිරීමේ නිදහසට ඇති අයිතිය සමාජ මාධ්‍ය අවහිර කිරීම මගින් උල්ලංඝණය කර ඇතැයි පැමිණිලි කරුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් පසුගිය නව වැනිදා මුලින්ම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අතර නීතිඥ සංගම් ජාතික එකමුතුව මේ සම්බන්ධයෙන් අද එම කොමිසමට පැමිණිලි කළේය. ඊට අමතරව මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස් ද මේ වන විට පැමිණිලි ගණනාවක් යොමු කර තිබේ.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යාපාර පවත්වාගෙන පිරිස් ද මේ වන විට අසරණ තත්ත්වයට පත්ව සිටින බව පැමිණිලිකරුවන් සිය පැමිණිලිව සඳහන් කර ඇත.

එමෙන්ම තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිය ද එමගින් අවහිර වී ඇතැයි ඇතැම් පැමිණිලිවල සඳහන් කර තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top