News

මැණික්හින්නේ තත්වය පාලනයට අහසට වෙඩි තබයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ඊයේ රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය.

පොලිසිය අහසට වෙඩි තබද්දී පිරිස පලා ගිය බව කී පොලිස් නිලධාරියා තුවාලකරුවන් සිටීද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය.

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද  කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව  කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.

(ඡායාරූපය ප්‍රදීප් පතිරණ)

 

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top