News

මුළු රටටම හදිසි නීතිය දින 10 ක්

රට තුළ හදිසි නිතිය දින 10කට පැනවීමට  කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.

තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර  ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර  ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top