News

මහනුවර දිගන සිදුවීම ගැන ජනපතිගේ අවධානය යොමුවෙයි

මහනුවර දිගන නගරයේ අද සිදු වූවා කියන සිද්ධිය සම්බන්ධව අපක්ෂපාති සහ ස්වාධින පරීක්ෂනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියට සහ ආරක්ෂක අංශ වලට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත්තේ ප්‍රෙද්ශයේ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටයි.

එබැවින් ඉදිරියේදී ඇති විය හැකි තත්වයන් පාලනය කිරීම සදහාද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top