පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිදධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්රදේශයෙන් වාර්තාවෙයි.
පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ඊයේ (04) දා මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හීපිටියේ ගෙදර කුමාරසිංහ අයෙකුය.
මිය යන විට 42හැවිරිදි වියේ පසුවූ ඔහු තෙල්දෙණිය ප්රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වී තිබිණි.
මේ පිළිබඳව ‘නෙත්‘ තෙල්දෙණිය පොලීසියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ පසුගිය 22දා රාත්රියේ තෙල්දෙණිය ඉන්ධන පිරවුම් හළ අසළදී සිද්ධිය වී ඇති බවයි.
එදින රාත්රියේ කුමාරසිංහගේ ලොරි රථය පසුපසින් පැමිණි ත්රීරෝද රථයකට ඉස්සර නොකිරීමට දුන් බව පවසමින් එම ත්රීරෝද රථයේ සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.
සිදධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හතරෙදනාම මුස්ලිම් ජාතිකයන් වන අතර ලබන 07දා දක්වා ඔවුන් බන්ධනාගාරගත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.


මේ වන විට තෙල්දෙණිය උණුසුම් වී තිබෙන අතර ජනතාව පාරට පැමිණ විරෝධතා දක්වමින් සිටිනවා



