ලෝකය

ලොව බලගතුම මිසයිලය රුසියාව නිපදවයි

අදෘශ්‍යමාන මිසයිලයක් තම රට සතුව ඇති බවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් අණාවරණය කරයි. ඔහු මේ බව කියාසිටියේ තව දින 17 කින් පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ හතරවන ජනාධිපති කාලසීමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදැක්වීමේ කතාවේදීය.

තවදුරටත් ඔහු කියාසිටියේ මෙම මිසයිලයට ලොව ඕනෑම තැනකට ලගාවීමට හැකියාව ඇති බවයි. විඩියෝ පැහැදිලි කිරීමක් ( video presentation ) අනුසාරයෙන්  විස්තර කළ ඔහු පෙන්වාදුන්නේ මෙම මිසයිලය ආසියාවේ හෝ යුරෝපයේ ඇති සියලු මිසයිල පද්ධති අභිබවා ගමන් කරනු ඇති බවයි.

ඔහු වඩාත්ම අගයමින් කතාකලේ න්‍යෂ්ටික හැකියාව ඇති කෲස් මිසයිලය සහ කිසිවකු නොමැතිව තනිව ගමන් කලහැකි ( unmanned )න්‍යෂ්ටික සබ්මැරිනයයි. කෲස් මිසයිලයට ඉතා පහලින්ම ගමන් කළ හැකි නිසා ඒවා අධීක්ෂණය කළ නොහැකි බවත් න්‍යෂ්ටික මුහුනත ( nuclear warhead ) සමඟ එයට අසීමිත අස්ථිර ගමන් මගක ගමන් කිරීමේ හැකියාව මෙන්ම දැනට පවතින සහ ඉදිරියේ නිර්මාණය වන ඕනෑම මිසයිල හෝ ගුවන් ආරක්ෂක පද්ධතියක් හරහා පහසුවෙන් යෑමට ඇති හැකියාව ගැනද ඔහු පැහැදිලි කරන ලදි.

පැය දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහල යන මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම සාමාජිකයන් ඉදිරිපිට ජාතිය ඇමතූ ඔහු මෙම යුද උපකරණ දෙක සඳහාම නම් දෙකක් යෝජනා කරන ලෙස රුසියානුවන්ට ආරාධනා කර සිටින ලදි. තවදුරටත් ඔහු කියාසිටියේ ඇමරිකාවෙන් මිසයිල විරෝධී ගිවිසුමෙන් ඉවත් නොවන ලෙස වසර ගනනාවක සිට ඉල්ලා සිටි අතර ඉන්පසුව තමාට මෙම පියවර ගැනීමට සිදුවු බවයි.

රුසියානු යුද පරාක්‍රමය ලෝක සාමය වෙනුවෙන් නිර්මාණය වී ඇතිමුත් යමෙකු එරටට එරෙහිව එක් න්‍යෂ්ටික ආයුධයකින් හෝ පහර දුනහොත් එවෙලේම දරුණු ප්‍රතිප්‍රහාර වලට ලක්වනු ඇති බවද ඔහු කියාසිටී. රුසියාව විසින් සිරියාවේ සිදුකරන යුද මැදිහත්වීම ගැන අදහස් දැක්වූ පූතින් කියාසිටියේ රුසියානු යුද හැකියාවන් එමගින් හොදින් ප්‍රදර්ශනය වන බවයි.

කෙසේ නමුත් විදෙස් වාර්තා සදහන් කරන්නේ  මාර්තු 18 වැනිදින එරට පැවත්වෙන ජනාධිපතිවරණයෙන් පූතින් පහසුවෙන් ජයගනු ඇතයි විස්වාශ කරන බවයි.මෙහිදී විරුද්ධ පක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයාවන ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඇලෙක්සි නවාලින් හට ජනාධිපතිවරණයට තරග කිරීම තහනම් කර ඇත.ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති ඉතිරි අපේක්ෂකයන් හත්දෙනා හට ප්‍රබල ජනතා සහයෝගයක් නැතැයිද විදෙස් වාර්තා සදහන් කරයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top