ලෝකය

නවසීලන්ත රජය සාවුන් මරා දැමීමට තීරණය කරයි

කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

රටේ සමහර ප්‍රදේශ වල වසංගතයක් ලෙස සාවුන් වැඩිවන්නට පටන්ගෙන ඇති අතර “රැබිට් හිම්මරොජික් ඩිසීස් වෛරස්” ලෙස නම්කර ඇති මෙම වෛරසය මාර්තු මාසයේ එම ප්‍රදේශ වලට නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති.

කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් මෙම ක්‍රියාව අගය කලද බොහෝදෙනකු මේ සම්බන්දව විරුද්ධත්වය පල කර ඇත්තේ සුරතල් සතකු වන සාවාට මෙයින් උපද්‍රවයක් ඇතිවෙයැයි සැක පල කරමිනි.

1930 වර්ෂයේ නවසීලන්තයට මෙම සාවුන් හඳුන්වා දී ඇති අතර  තෘණ භූමි උලා කෑමෙන් හා වගා බිම්වල බෙන හෑරීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කරදරකාරී සතකු බවට පත්වී ඇත. මේ හේතුවෙන් වාර්ෂිකව බොහෝ පාඩු සිදුවන අතර මොවුන් මර්දනය කිරීම සඳහා ද රජයට විශාල මුදලක් දැරීමට සිදුවී ඇත.

වෙඩි තැබීම, වස දැමීම, වැටවල් ගැසීම වැනි ක්‍රම සාවුන් මර්දනය කිරීමට යොදා ගත්තද වැඩිවන ගහනය හමුවේ ඒවා නිශ්පල ක්‍රියාවන් බවට පත්වී ඇතැයි රජය පවසයි.

අනෙක් සතුන්ට මෙම වෛරසයේ බලපෑමක් නැති අතර මෙය ශරීර ගතවී දින කිහිපයකින් සාවුන් මරණයට පත්වන බව සඳහන් වේ.

(බීබිසි ඇසුරිණි – 085)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top