News

ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙකුට ලක්ෂ 50 ක් – ජනපති

පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට ගම්වල සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කළොත් ඒ අයට ලක්ෂ 100 ක මුදලක් දෙන බවද ජනාධිපතිවරයා කීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ ජනපද කනිෂ්ඨ විද්‍යාලයට ‘‘පිබිදෙමු පොලොන්නරුව‘‘ සංවර්ධනන වැඩසටහන යටතේ ලබා දී ඇති රුපියල් ලක්ෂ 60 ක වියදමින් ඉදි කරන ලද නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල  සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.

මේ කටයුතුවලදී තමන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක් අතින්ම එම කටයුතු අවංකව, හොඳින් ඉටු වෙනවා ඇතැයි යන්න බවද දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව එදත් කටයුතු කළ බවත් අද මෙන්ම හෙටත් ඒ විදිහට යැයිද ජනාධිපතිවරයා කීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top